Showing posts with label Ducks Geese and Swans. Show all posts
Showing posts with label Ducks Geese and Swans. Show all posts

Sunday, September 27, 2026

තිත්හොට තාරාවා (Anas poecilorhynacha)


 තිත්හොට තාරාවා මෑතක් වනතුරුම දුර්ලභ සංචාරක පක්ෂියෙකු ලෙස සැලකුන මුත් මන්නාරම දිස්ත්‍රික්කයේ වන්කාලෙයි රම්සාර් තෙත් බිම් වල අභිජනනය කරන පක්ෂීන් වාර්තා වීමත් සමග, ශ්‍රී ලංකාව තුල අභිජනනය කරන දේශිය පක්ෂියෙකු ලෙස හඳුනාගෙන ඇත. එසේම ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරක තිත්හොට තාරාවන්ද ඊසානදිග මෝසම් සුලං හැමීම ආරම්භයත් සමග මෙරටට පැමිණෙන බවට විශ්වාස කරනු ලැබේ. යාපනය අර්ධද්වීපයේ, මහවැලි ගංගාධාර ජාතික උද්‍යයානයේ සහ නැගෙනහිර හිර මුහුදු වෙරල තීරයේ වැව්, කුඹුරු සහ වගුරු බිම් වලින් වාර්තා වන පක්ෂීන් මෙසේ මෙරටට සංක්‍රමණය වන පක්ෂීන් ලෙස සලකණු ලැබේ. මේ සමග වන ඡායාරූපය 2026-සැප්තැම්බර් මස 27 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ තලවතුගොඩ ප්‍රදේශයේ කිඹුලාවල වගුරු බිම් ආශ්‍රිතව වාර්තා වූ තිත්හොට තාරාවෙකුගේ වන අතර 2026 සැප්තැම්බර් මස 26 වන දින පක්ෂීන් දෙදෙනෙකු පලමුවරට එම ප්රදේශයෙන් පක්ෂී නිරීක්ෂකයන් විසින් වාර්තා කර ඇත. බොහෝදුරට ඒ කොළඹ දිස්ත්රික්කයෙන් මෙම පක්ෂීන් වාර්තා වූ පළමු අවස්ථාව විය යුතුය.

English Post  >>