Tuesday, January 9, 2024

හිස දුඹුරු මුහුදුකපුටා/බොර හිස් ගලුවියා (Larus brunnicephalus)

 ලෝකයේ උතුරු අර්ධගෝලයට ශීත සෘතුව බලපැවැත්වෙන සමයේදී මෙරටට සංක්‍රමණය වන, එම කාලයේදී දිවයිනේ උරුකරයේ වෙරළබඩ ප්‍රදේශ වල සහ කලපු ප්‍රදේශ වල  සුලභව හමුවන පක්ෂියෙකි. කලාතුරකින් දිවයිනේ ගිණිකොන දිග වැනි වෙනත් වෙරළබඩ ප්‍රදේශ වලද නිරීක්ෂණය කල හැක. ඇතැම් විට ගිම්හාන කාලයේදී පැමිණෙන පක්ෂීන්ද හමුවේ. මෙම පක්ෂීන් බොහෝවිට විශාල රංචු වශයෙන් වෙරළට නුදුරු ජලයේ ගිමන් හරින ආකාරය දැකිය හැක. වරායන් අසල ගැවසෙමින් මෙන්ම නැව් පසු පස යමින් ඉවත දමන ආහාර මතද යැපෙන මෙම මුහුදු ළිහිණියා ප්‍රධාන වශයෙන් මත්ස්‍යන්ද එයට අමතරව කකුලුවන්, ඉස්සන් සහ මොලුස්කාවන්ද (බෙල්ලන්) ආහාරයට ගනී. මධ්‍යම ආසියාවේ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි විශාල විල් වල අභිජනනය සිදු කරයි.

English Post >>

No comments:

Post a Comment