English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, December 17, 2023
ගොළු කිරළා (Burhinus oedicnemus)
ගොළු කිරළා ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරළබඩ ප්‍රදේශ වල හමුවන දේශීය පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වලත් හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා දිවා කාලයේදී කුඩා පඳුරක සෙවනේ බිම ලැග සිට හවස් යාමයේදී ක්‍රියාශීලි වේ. සවස් යාමයේ සහ රාත්‍රී කාලයේ පොළොව මත සිටින පළගැටියන්, කුරුමිණියන්, වේයන් වැනි කුඩා සතුන් ගොදුරු කර ගන්නා ගොළු කිරළා ජූනි සිට අගෝස්තු දක්වා කාලයේ පොළොව සූරා නොගැඹුරු ලෙස සාරා ගත් වලක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. බිත්තර පොළොවේ වර්ණ රටා සමග මනාව ගැලපෙන හෙයින් පහසුවෙන් දැක ගත නොහැක.
Subscribe to:
Posts (Atom)