Sunday, December 17, 2023

ගොළු කිරළා (Burhinus oedicnemus)

ගොළු කිරළා ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරළබඩ ප්‍රදේශ වල හමුවන දේශීය පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වලත් හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා දිවා කාලයේදී කුඩා පඳුරක සෙවනේ බිම ලැග සිට හවස් යාමයේදී ක්‍රියාශීලි වේ. සවස් යාමයේ සහ රාත්‍රී කාලයේ පොළොව මත සිටින  පළගැටියන්, කුරුමිණියන්, වේයන් වැනි කුඩා සතුන් ගොදුරු කර ගන්නා ගොළු කිරළා ජූනි සිට අගෝස්තු දක්වා කාලයේ පොළොව සූරා නොගැඹුරු ලෙස සාරා ගත් වලක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. බිත්තර පොළොවේ වර්ණ රටා සමග මනාව ගැලපෙන හෙයින් පහසුවෙන් දැක ගත නොහැක.

 English Post >>

No comments:

Post a Comment