Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, April 5, 2023
Friday, March 31, 2023
හැළ කිඹුලා (Crocodylus palustris)
පහත රට වියලි කලාපයේ වැව්, ගංගා, විල්ලු සහ විශාල ජලාශ වල මෙන්ම ඇතැම් විට ලුණු ලේවා වලද දැකිය හැකි හැළ කිඹුලා මිරිදිය ජලයේ වසන උරගයෙකි. හැළ කිඹුලාගේ පැටවුන් ප්‍රධාන වශයෙන් කෘමීන්, කුඩා මාලුන් සහ ගෙම්බන් ආදිය ආහාරයට ගන්නා අතර වැඩුණු සතුන් මුවන් වැනි විශාල ක්ෂීරපායින්ගේ සිට කුඩා ක්ෂීරපායින්, ජලයේ වසන කුරුල්ලන්, මාළුන්, ඉබ්බන්, සර්පයන් ආදිය ගොදුරු කරගනී. කළාතුරකින් මිනිසුන්ටද හැළ කිඹුලන් පහර දුන් අවස්ථා වාර්තා වී ඇත. ඉඩෝර කාලයේදී වර්ෂා කාලය පැමිණෙන තුරු වනාන්තරයේ ගිම්හානතරණය කරන හැළ කිඹුලන්ගේ මෙරට ගහණය 1200 පමණ වේ යැයි අනුමාන කරයි.
English Post >>
Tuesday, March 28, 2023
පැණි කුරුල්ලා/නිතඹ දම් සූටික්කා/මල් සූටික්කා (Nectarinia zeylonica zeylonica)
Sunday, March 26, 2023
රෑන ගිරවා/මාල ගිරවා (Pstittacula krameri)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන් අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, March 16, 2023
Wednesday, March 15, 2023
Purple potato vine/Brazilian nightshade (Solanum seaforthianum)
Tuesday, March 14, 2023
අලු කෑදැත්තා (Ocyceros gingalensis)
Saturday, March 11, 2023
පොදු රත්පා සිලිබිල්ලා/පා රතු සිලිවටුවා (Tringa totanus)
සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත හැක. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර කළාතුරකින් රට අභ්‍යන්තරයෙන්ද වාර්තා වේ. කකුළුවන්, මොලුස්කාවන්, පණුවන් වැනි ජලජ සතුන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා තනිව හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. ඇතැම්විට වෙනත් ජලජ පක්ෂීන් සමගද ආහාර සුලභ ස්ථාන වල එක්ව සිටිනු දැකිය හැක. පොදු රත්පා සිලිබිල්ලා මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Friday, March 10, 2023
රත්තුඩු මුහුදුළිහිණියා/කැස්පියා සාගරළිහිණියා (Sterna caspia)
English Post >>