දිවයින පුරා සියළුම දේශගුණික කලාප වල ඉතාමත් සුලභ පක්ෂියෙකු මුත් ඉහල කඳුකරයේ තරමක් දුර්ලභව හමුවන ගෙල සුදු මැදි-පිළිහුඩුවා (පොදු ව්‍යවහාරයේ පිළිහුඩුවා ලෙසින් හැඳින්වේ) බොහෝවිට අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් නොව ජලජ පරිසර වලින් ඈත්ව විවෘත බිම් අසල දුරකථන සහ විදුලි රැහැන් වැනි උස් තැන් වල දැක ගත හැක. මේ හේතුව නිසාම අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් මත්ස්‍යයන් ගෙල සුදු මැදි-පිළිහුඩුවාගේ ප්‍රදාන ආහාරය නොවන බව පැවසේ. ඒ වෙනුවට පලගැටියන්, ගෙම්බන්, කුරුමිණියන්, පණුවන් සහ කටුස්සන්, හිකනලුන් වැනි කුඩා උරගයන් මෙම පිළිහුඩුවාගේ ප්‍රදාන ගොදුරු ලෙස සැලකේ. ගං හෝ වැව් ඉවුරක හෝ මාර්ගයක් අසල කණ්ඩියක ඇතුලට හාරා කෙලවර විශාල කුහරයක් සහිතව සාදන බෙනයක ගෙල සුදු මැදි-පිළිහුඩුවා බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා වසරේ දෙසැම්බර් සිට ජූනි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. බොහෝවිට මාර්තු සිට අප්‍රියෙල් කාලයේ අභිජනනයේ යෙදෙන පිළිහුඩුවන් බහුලව දැකිය හැක. කුඩා පැටවුන්ගේ ආහාර සඳහා ගෙල සුදු මැදි-පිළිහුඩුවා පැණි කුරුල්ලන්, බට්ටිච්චන්, වී කුරුල්ලන් වැනි කුඩා පක්ෂීන් මරා ගෙන එන ආකාරය නිරීක්ෂණය කර ඇත.
English Post >>
Thanks 😊 🫂 🙏🏻
ReplyDeleteThank you
Delete🍁
ReplyDeleteVery good thanks for your information
ReplyDelete