Thursday, December 30, 2021

පුංචි ලේනා (Funambulus obscurus)

පුංචි ලේනා පහත රට තෙත් කලාපයේ සිට  ඉහල කඳුකරය දක්වාම වනාන්තර වල පමණක් හමුවේ. එහෙත් ඇතැම් විට වනාන්තර ආශ්‍රිත හොඳින් ගහකොල සහිත ගෙවතු වලද හමුවන අවස්ථා ඇත.  මෙරට හමුවන ලේනුන් අතරින් ප්‍රමාණයෙන් කුඩාම ලේනා හෙයින් පුංචි ලේනා ලෙසින් හඳුන්වන මෙම ලේන් විශේෂයේ මෙරට සිටින වෙනත් ලේන් විශේෂ වල මෙන් නොව ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වලිගය කුඩාය. කෘමින්, කෘමි සතුන්ගේ පිළවුන් මෙන්ම මල් සහ පළතුරු ද පුංචි ලේනා ආහාරයට ගනී. කුරුල්ලන්ගේ ආහාර සෙවීමේ ක්‍රියාවලිය අතරතුරදී ඔවුන්ගෙන් ගිලිහී පලා යන කෘමින් සහ කෘමි පිළවුන් ආහාර කරගැනීමේ අරමුණෙන් විවිධ කුරුල්ලන් එකතු වී එකම මාර්ගයක දිනපතා ගමන් කරන කුරුළු රංචු සමග බිම් මට්ටමේ සිට බොහෝවිට මෙම ලේනා ගමන් කරයි. නිතරම පාහේ ජෝඩු වශයෙන් හමුවන පුංචි ලේනා වරින් වර කුරුල්ලෙකුගේ වැනි ශබ්දයක් නගමින් ඔවුනොවුන් අතර සබඳතාවය පවත්වා ගන්නා ආකාරය දැකිය හැක. පුංචි ලේනා මෙරටට ආවේනිකය.

English Post >>


1 comment: