Friday, December 31, 2021

අං කටුස්සා (Ceratophora stoddartti)

 මධ්‍යම කඳුකරයේ මුහුදු මටටමේ සිට මීටර් 1500 ත් 2200 ත් අතර උසින් යුත් කලාපයේ නුවරඑලිය, මහඑලිය (හොර්ටන් තැන්න), ශ්‍රිපාද අඩවිය වැනි ප්‍රදේශ වල  ස්වභාවික වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල හමුවන මෙරටට ආවේනික කටුස්සෙකි. එසේම භූගෝලීය වශයෙන් හුදකලා වූ ගහණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල කන්ද ආශ්‍රීතවද ඉතාමත් කුඩා ප්‍රදේශයකට සීමා වී හමුවේ. බොහෝවිට ගස් කඳන් මත දිවිගෙවන මුත් භෞමිකවද සැරිසරන අං කටුස්සන් දැක ගත හැක. කෘමින් සහ දලඹුවන් ආහාරයට ගන්නා අං කටුස්සන් භූමියේ සැරිසරන විට ගැඩවිලුන්ද ගොදුරු කර ගනී. ගස් කඳන් මත සිට පොළොව මතට ගමන් කරන අවස්ථාවේදී සිය ශරීර වර්ණය හරිත පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා ක්ෂණිකව වෙනස් කර ගැනීමේ හැකියාව අං කටුස්සාට තිබේ. 

English Post >>

No comments:

Post a Comment