Wednesday, November 22, 2023

පොල්කිච්චා (Copsychus saularis)

 සියළුම දේශගුණික කලාප වල පිහිටි ගෙවතු, වගා බිම් සහ ලඳු කැලෑ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් ඝන වනාන්තර වල දැකිය නොහැක. තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හැසිරෙමින් ප්‍රධාන වශයෙන් පොළොව මත සිටින කෘමීන් ගොදුරු කරගන්නා පොල්කිච්චා ඊට අමතරව නිවාස වලින් අහක දමන බත්, පාන් වැනි දේද ආහාරයට ගනී. ගොම්මන් වේලාව ගෙවුන පසුව පවා ක්‍රියාශීලීව හැසිරෙන මෙම පක්ෂියාගේ පිරිමි කුරුල්ලා  උස ගසක් මත හෝ ලාම්පු කණුවක් මත සිට නගන වසම් වෙන් කරගැනීමේ නාදය උදෑසන හිරු නැග ඒමටත් පෙර සිටම ඇසිය හැක. ඇතැම් විට පිරිමි පක්ෂීන් අතර දරුණු සටන් ඇතිවන ආකාරද නිරීක්ෂණය කර ඇත. වසරේ මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක බෙනයක් තුල තණකොල සහ කෙඳි වර්ග එකතු කර සදන කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >>

2 comments:

  1. පාන් කිරිත්තා යනුවෙන් හැඳින්වෙන්නේද මේ කුරුල්ලාම නේද?

    ReplyDelete