Wednesday, March 26, 2025

කකුළු ඔලෙවියා (Dromas ardeola)

උතුරු සහ වයඹ දිග මුහුදු වෙරළ, කලපු, ගංගා මෝයවල්, වැලි පර සහ කොරල් පර වල  ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. කලාතුරකින් වෙනත් එවැනි වියලි කලාපීය වෙරල තීරයන්ගේද හමුවේ. තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් මෙන්ම කුඩා රංචු වශයෙන්ද දිවි ගෙවන මෙම පක්ෂියා කලපු වල නොගැඹුරු ජලයේ මෙන්ම මුහුදු වෙරලේ උදම් සීමාවේ ඇවිදිමින් හෝ ජලයේ බැස ගමන් කරමින් ප්‍රධාන වශයෙන් කකුළුවන් සහ බොහෝවිට සමුද්‍රිය වැලි පණුවන් සහ මොලුස්කා විශේෂ ගොදුරු කරගැනීම සිදුකරයි. කකුළු ඔලෙවියා මැයි සිට ජූනි දක්වා කාලයේ වෙරල තීරයට ආසන්න වැලි පරයක අඩි 2 සිට 4 දක්වා දුරකට හාරන ලද උමගක කෙලවර තනන කුඩා කුටීරයක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

 English Post >>

No comments:

Post a Comment