ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ මන්නාරම, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ශුෂ්ක වෙරල තීරයේ තෘණ භූමි, කුඹුරු සහ වෙනත් වගා බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් හුදකලා සමූහයන්ද ඇතැම් විට දැක ගත හැක. තෘණ බීජ, වී ආදි දේ ආහාරයට ගන්නා මෙම වී කුරුල්ලා බොහෝවිට 10-12 පමණ රංචු ලෙසින් හමුවන මුත් ඇතැම් අවස්ථා වලදී විශාල රංචු ලෙසින්ද දැකගත හැක. ගෙල සුදු වී කුරුල්ලා වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් වී කුරුල්ලන් මෙන් තෘණ භාවිතයෙන් ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර 4 සිට 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>
No comments:
Post a Comment