Showing posts with label Avifauna. Show all posts
Showing posts with label Avifauna. Show all posts

Monday, December 12, 2022

කොළඹ කපුටා (Corvus splendens)

 කොළඹ කපුටා දිවයින පුරාම පාහේ සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. මුහුදු බඩ ප්‍රදේශ වල සහ නාගරික ප්‍රදේශ වල වඩාත් සුලභ මුත් ඝන වනාන්තර වල හමුනොවේ. සර්ව භක්ෂක පක්ෂියෙක් මෙන්ම කෑමට ගත හැකි ඔනෑම දෙයක් කන  කසලශෝධක පක්ෂියෙකු වන කොළඹ කපුටාගේ ගහණය කුණු කසල බැහැරලීම අවිධිමත් ප්‍රදේශ වල වර්ධනය වීම වෙනත් සතුන්ගේ විශේෂයෙන්ම වෙනත් පක්ෂීන්ගේ පැවැත්මට තර්ජනයක් ඇති කරයි. රාත්‍රීයේදී නගර වල ඉතිරි වී ඇති උස ගස් වල සමූහ වශයෙන් ලැගුම් ගන්නා අතර ගොම්මන් යාමයේ සතර වටින්ම එවන් නවාතැන් ස්ථාන වෙත, ඇතැම් විට ඔවුන් දහවල් කාලයේ සැරිසරන බොහෝ දුර ස්ථාන වල සිට වුවද පැමිණෙන කපුටන් සුලභ දර්ශනයකි. වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක් මත කෝටු කෑලි ගොඩක් එකතු කර සාදන කූඩුවක බිත්තර 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.   

English Post >>

Sunday, December 11, 2022

හිස කළු වී කුරුල්ලා/තෙපැහැ වී කුරුල්ලා (Lonchura malacca)

 ප්‍රධාන වශයෙන් වියලි කලාපීය තෘණභූමි, පතන් බිම්, කුඹුරු සහ වගුරු බිම් වල දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් ස්ථානීය වශයෙන් වෙනත් දේශගුණික කලාප වලද හමුවේ. නැගෙනහිර පළාතේ වඩාත් සුලභව වාසය කරයි. කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මෙම වී කුරුල්ලන් වී සහ වෙනත් තණකොළ විශේෂ වල බීජ ආහාරයට ගනී. වසරේ මාර්තු සිට අගෝස්තු දක්වා කාලයේ පන් ගාලක හෝ මිටි පඳුරක තණකොළ පත්‍ර උපයෝගි කරගනිමින් සාදන බෝලයක හැඩය සහිත කූඩුවක බිත්තර 4 - 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, November 27, 2022

වැව් රාජාලියා/අළුහිස් මසුකුස්සා (Ichthyophaga ichthyaetus)

 එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකු වන වැව් රාජාලියා පහත රට වියලි කලාපයේ වනාන්තර ආශ්‍රිත වැව්, විල්ලු සහ ගංගා  වාසභූමිය කරගනිමින් වෙසේ. බොහෝ වේලාවක් වතුර මතුපිටට ඉහලින් වැටී ඇති අත්තක් මතට වී ගොදුරු කරගැනීමට මත්ස්‍යයෙකු දිය මතු පිටට එනතුරු බලා සිටින වැව් රාජාලියා උදෑසන සහ ගොම්මන් කාලයේ, විශේෂයෙන්ම අභිජනන සමයේ  ඝෝෂාකාරි ලෙස හඬ නගයි. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ  උස ගසක් මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක ගොඩක් ලෙස වූ කූඩුවක් තනා එහි බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Monday, November 21, 2022

සුදු හැලපෙන්දා (Motacilla alba dukhunensis)

 දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂියෙකු වන සුදු හැලපෙන්දා සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට විවෘත බිම් වල සහ වගා බිම් වල, බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්නව පොළොව මත කුඩා කෘමීන් ගොදුරු කරගනිමින් හැසිරෙනු නිරීක්ෂණය කල හැක. නිතර තනි පක්ෂීන් ලෙස දැක ගත හැකි මුත් ඇතැම්විට විසිරුණු කුඩා රංචු ලෙසින් හෝ වෙනත් හැලපෙන්දන් විශේෂ සමගද නිරීක්ෂණය කල හැක. වෙනත් හැලපෙන්දන් මෙන්ම විශාල රංචු ලෙසින්  සමූහ වශයෙන් පන් ගාලක් වැනි තැනක රාත්‍රී කාලය ගත කරයි. 

English Post >>


Sunday, November 20, 2022

රෝස සැරිකාවා/රෝස මයිනා (Pastor roseus)

 එතරම් සුලභ නොවන සංචාරක පක්ෂියෙක් වන රෝස මයිනා ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ, විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රදේශ වල තෘණභූමි, වගා බිම්, ගෙවතු මෙන්ම වනාන්තර වලද බොහෝවිට විශාල රංචු වශයෙන් හමුවේ. ඝෝෂාකාරි පක්ෂියෙක් වන අතර වැඩි වශයෙන් පොළොව මත  සැරිසරමින් කෘමීන්, පළතුරු, කුඩා ගෙඩි වර්ග, මල් පැණි, සහ ධාන්‍ය වර්ග ආහාරයට ගනී. ඇතැම් වසර වල විශාල රංචු  වශයෙන් දැකගන්නට හැකි වුවත් තවත් ඇතැම් වර්ෂ වල මුළුමනින්ම නොමැති තරම් අල්ප පක්ෂීන් ප්‍රමාණයක් මෙරට තුලදී වාර්තා වේ. රෝස මයිනන් රාත්‍රී කාලයේ රංචු වශයෙන් තෝරාගත් ගසක්  හෝ පඳුරක් මත ලැගුම් ගනී. නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග ප්‍රදේශ වල අභිජනනය කරන රෝස මයිනන් මුළු ගහණයම ශීත කාලයේදි ඉන්දියාවේ සහ ලංකාවේ ගත කරයි. මෙරටට පැමිණෙන බොහෝ රෝස මයිනන් නොමේරු පක්ෂීන්ගේ පිහාටු දරන බව නිරීක්ෂණය කර ඇත.

English Post >>

Sunday, October 23, 2022

ළයළු ප්‍රීණියා/ළය අළු හම්බූ කුරුල්ලා (Prinia hodgsonii)


පහත රට තැනි බිමේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා දිවි ගෙවන එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ තරමක් සුලභව හමුවන මුත් තෙත් කලාපයේ දුර්ලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් වනාන්තර මායිම් වල, ලඳු බිම් වල සහ තෘණ භූමි වල සලබයන්, තණකොළ පෙත්තන් සහ  දලඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගනිමින් සැරිසරයි. වසරේ මාර්තු සිට ජූනි දක්වා කාලයේ බට්ටිච්චන් මෙන් පොළවේ සිට අඩි දෙකක් හෝ තුනක් පමණ උසින් ගසක පොකට්ටුවක් ලෙස විශාල කොළ දෙකක් හෝ කුඩා කොළ කිහිපයක් එකතු කර "මසා" ඒ තුල කූඩුවක් තනා එහි බිත්තර තුනක් පමණ දමා අභිජනනය කරයි.

English Post >>

Saturday, August 20, 2022

Tawny-bellied Babbler/White-throated Babbler/Rufous Bellied Babbler/කුස කහ ලඳු-දෙමළිච්චා/ගෙල සුදු දෙමළිච්චා (Dumetia hyperythra)

Tawny-bellied Babbler is a local and rather uncommon breeding resident inhabiting forests, scrublands, grasslands, adjoining well wooded home gardens and tea plantations from lowlands to about 1500 m elevations in the mid hills or even higher in some areas. Much common in the dry zone and avoids interior of the wet zone forests. It lives as small flocks, maintaining a large territory and skulking among bushes in grasslands/scrublands or undergrowth of the forest, moving one after other with squeaks of alarms and chattering or churring notes. It feeds mainly on insects and berries. The breeding season lasts from March to May and probably again from August to September. The nest is a ball of dry grasses, twigs and fibers with an entrance hole on the side, sets usually near ground in a bush, tussock of a Mana grass or the like, where it lays 3 or 4 eggs. 

සිංහලෙන් කියවන්න >>
 

Monday, July 4, 2022

BIRDS OF THALANGAMA || තලංගම තෙත් බිම


Orange-breasted Green Pigeon - https://biodiversityofsrilanka.blogsp... Green Imperial Pigeon - https://biodiversityofsrilanka.blogsp... Scaly-breasted Munia - https://biodiversityofsrilanka.blogsp... Ashy Prinia - https://biodiversityofsrilanka.blogsp... Plain prinia - https://biodiversityofsrilanka.blogsp... Zitting Cisticola - https://biodiversityofsrilanka.blogsp... Common Myna - https://biodiversityofsrilanka.blogsp... White-browed Bulbul - https://biodiversityofsrilanka.blogsp... Yellow-billed babbler - https://biodiversityofsrilanka.blogsp... Brown Shrike - https://biodiversityofsrilanka.blogsp... Common Hawk Cuckoo - https://biodiversityofsrilanka.blogsp... Asian Koel - https://biodiversityofsrilanka.blogsp... Darter - https://biodiversityofsrilanka.blogsp... Great Cormorant - https://biodiversityofsrilanka.blogsp... Little Cormorant - https://biodiversityofsrilanka.blogsp... Asian Openbill - https://biodiversityofsrilanka.blogsp... Great Egret - https://biodiversityofsrilanka.blogsp... Cattle Egret - https://biodiversityofsrilanka.blogsp... Yellow Bittern - https://biodiversityofsrilanka.blogsp... Black Bittern - https://biodiversityofsrilanka.blogsp... Indian Pond Heron - https://biodiversityofsrilanka.blogsp... Spot-billed Pelican - https://biodiversityofsrilanka.blogsp... Red-wattled Lapwing - https://biodiversityofsrilanka.blogsp... Common Kingfisher - https://biodiversityofsrilanka.blogsp... Pied Kingfisher - https://biodiversityofsrilanka.blogsp... White-throated Kingfisher - https://biodiversityofsrilanka.blogsp... Red-baled Woodpecker - https://biodiversityofsrilanka.blogsp... Blue-tailed Bee-eater - http://biodiversityofsrilanka.blogspo... Sri Lanka Swallow - https://biodiversityofsrilanka.blogsp... Indian Swiftlet Asian Palm Swift - https://biodiversityofsrilanka.blogsp... Crested Serpent Eagle - https://biodiversityofsrilanka.blogsp... Brahminy Kite - https://biodiversityofsrilanka.blogsp... Little Grebe - https://biodiversityofsrilanka.blogsp... Common Moorhen - https://biodiversityofsrilanka.blogsp... Purple Swamphen - https://biodiversityofsrilanka.blogsp... Lesser Whistling-duck - https://biodiversityofsrilanka.blogsp... Pheasant-tailed Jacana - https://biodiversityofsrilanka.blogsp...

Tuesday, June 14, 2022

කොරවක්කා (Amaurornis phoenicurus)

පහත රට ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1800 ක පමණ උසක් දක්වා කුඹුරු, වගුරු, වැව් සහ කඩොලාන වැනි ඝනව ගස් කොලන් සහිත තෙත් පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. කොරවක්කා නිතර ජෝඩු වශයෙන් උදෑසන සහ සවස් කාලයේ වඩාත් සක්‍රීය ලෙසින් පණුවන්, තණකොලපෙත්තන් වැනි කෘමීන් මෙන්ම  වී පැල වල සහ වෙනත් එවැනි වගුරු බිම් වල හමුවන පැලෑටි වල කරටි ආදියද ආහාරයද ආහාරයට ගනිමින් හැසිරේ. වසරේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා කාලයේ පොළොව මට්ටමේ සිට හෝ ජල පෘෂ්ඨයේ සිට අඩි කිහිපයක් උසින් පහත් පඳුරක් මත වල් පැල කොටස් ගොඩ ගසා හදන කූඩුවක බිත්තර දමා අභිජනනය කරයි.

English Post >> 

Sunday, June 5, 2022

බැම සුදු පවන්පෙන්දා/අවාන්-පෙඳ මැසිමාරා (Rhipidura aureola)

 පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකි. ඇතැම් තෙත් කලාපීය ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාද හමුවේ. ඉතාමත් ක්‍රියාශීලී මෙම පක්ෂියා නොනැවතී  සිය පෙඳය විහිදුවමින්  නර්තන විලාශයෙන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. තනිව හෝ ජෝඩු වශයෙන් වනාන්තර, ගස් කොලන් සහිත විවෘත ස්ථාන වල මෙන්ම ගෙවතු වලද දැකිය හැකි බැම සුදු පවන්පෙන්දා ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගන්නා පක්ෂියෙකි. ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ  කුඩා මුල්, පරඬැල් ආදිය මකුළු දැල් වලින් අලවා අත්තක් මත විවෘත කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා බිත්තර දෙකක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Friday, June 3, 2022

ළය රන් බටගොයා/ලැම රන් බටගොයා (Treron bicinctus)

 පහත රට වියලි කලාපීය ලඳු කැලෑ සහ වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ පහල කොටසේ දුර්ලභව සහ සීමිත ප්‍රදේශ වල පමණක් හමුවේ. කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මුත් ඇතැම්විට ආහාර සුලභව ඇති ස්ථාන වල මෙම විශේෂයේම හෝ නීල කොබෙයියා, නිල් මහ ගොයා සහ ශ්‍රී ලංකා බටගොයා වැනි වෙනත් පරවි විශේෂ සමග විශාල රංචු වශයෙන්ද එකතු වන අවස්ථා ඇත (උදා: නුග ගස් වල ඵල හටගන්නා අවස්ථා වල). ළය රන් බටගොයා නියතවම තුරු මත වාසය කරන පක්ෂියෙකු වුවත් ජලය පානය කිරීම උදෙසා ගංගා, ඇල දොල වල ඉවුරු අසලට හෝ ජලය රැදුන වෙනත් වලවල් වැනි ස්ථාන වලට විශේෂයෙන්ම උදෑසන හෝ හවස් කාලයේ පැමිණෙන ආකාරය නිරීක්ෂණය කල හැක. දෙසැම්බර් සිට මැයි දක්වා හෝ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරන ළය රන් බටගොයා වනාන්තරයේ ඇති අඩි පාරක් හෝ එවන් වෙනත් විවෘත ස්ථානයක් අසල කුඩා ගසක් මත කෝටු කැබැලි කිහිපයක් තබා තනා ගන්නා කූඩුවක බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.

English Post >>

Monday, May 2, 2022

මයිනා/ගොන් කවඩියා (Acridotheres tristis)

මුහුදු මට්ටමේ සිට මීටර 1700 ක පමණ උසක් දක්වා සියලුම දේශගුණික කලාප වල සුලභ දේශීය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ තණ බිම් ආදියෙහි හමුවන මයිනා ඝන වනාන්තර තුල හමු නොවේ. නිතරම එළ සහ මී ගවයන් සමග දැකිය හැකි අතර ඔවුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් මෙන්ම ගවයන් ගමන් කිරීමේදි ඔවුන්ගේ පාද වලින් බාදා වී පලා යන කෘමින් , විශේෂයෙන් පලගැටියන් ගොදුරු කර ගනී. සිංහල භාෂාවෙන් ගොන් කවඩියා යන නම මෙම පක්ෂියා හැඳින්වීමට මේ නිසා ගැමියන් අතර භාවිතා වේ. මයිනන් එකම ජෝඩුව ජීවිත කාලය තුලම එකට වෙසෙන බව විශ්වාස කරයි. නමුත් ඇතැම් විට අභිජනන කාලයෙන් පිට මාස වලදී පක්ෂීන් සැලකියයුතු තරම් ප්‍රමාණයක් එකතු වී රංචු ලෙසින්ද හැසිරෙන ආකාරය දැකිය හැක. එසේම රාත්‍රි කාලයේදී දහස් ගණන් පක්ෂීන් තෝරාගත් එක් ස්ථානයක ලැගුම් ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. බොහෝවිට ගස් කිහිපයක් (ඇතැම්විට ජනාකීර්ණ නගර මධ්‍යක) හෝ වගුරු බිමක ඇති පඳුරු කිහිපයක් මේ සඳහා තෝරාගනී. මාර්තු සිට අගෝස්තු හෝ සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක කෝටු කැබලි, පිදුරු සහ පිහාටු ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, May 1, 2022

කහ මැටිකොකා ( Ixobrychus sinensis)


තෙත් කලාපයේ වගුරු බිම් වල සහ ඇලමාර්ග, වැව් සහ ගංගා ඉවුරු වල ඇති පන්ගාල් ආදියෙහි හමුවන සුලභ දේශීය පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල මෙන්ම ඇතැම් විට කඳුකරයේද හමුවේ. එසේම සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන සංචාරක කහ මැටි කොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්, ගෙම්බන්, කකුළුවන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා කහ මැටි කොකා තනි පක්ෂීන් හෝ ජෝඩු වශයෙන් ඉතා සෙමින් ජලයට ආසන්න ගස් කොළන් අතරින් ගමන් කරමින් ආහාර සොයා යන අතර එක තැන බොහෝ වේලා  නොසෙල්වී සිටිමින් එක්වර ගොදුරු ඩැහැ ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. හවස් කාලයේ සහ රාත්‍රියේ වඩාත් ක්‍රියාශීලී මුත් දිවා කාලයේද ඇතැම් විට ගොදුරු සොයා හැසිරේ. මැයි සිට අගෝස්තු අතර කාලයේ ඝන පන් ගාලක පහලින් මධ්‍යට වන්නට හෝ උස් තෘණ පඳුරක පන් ගස් වලින් නොගැඹුරු වේදිකාවක ආකාරයෙන් යුත් කූඩුවක් තනා එහි බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.

 English Post >>

Saturday, April 30, 2022

කළු මැටිකොකා (Ixobrychus flavicollis)

පහත රට වගුරු බිම්, පන්ගාල්  සහ ජලයට ආසන්නව හොඳින් පඳුරු සහ වැල් වර්ග ඝනව වැඩුන ස්ථාන වල හමුවන දුර්ලභ දේශීය පක්ෂියෙකි. එසේම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වලට සංක්‍රමණය වන සංචාරක කළු මැටිකොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලි පක්ෂියෙකු වුවත් ඇතැම් විට දිවා කාලයේ සැඟවි සිටින ජලයට ආසන්න ඝන පඳුරු සහිත ආරක්ෂිත ස්ථානය තුලින් එලියට පැමිණ ඒ ආසන්නයේ මසුන් අල්ලාගන්නා ආකාරයද නිරීක්ෂණය කල හැක. කළු මැටි කොකා ප්‍රධාන වශයෙන් මසුන් ගොදුරු කරගන්නා මුත් ඊට අමතරව ගෙම්බන් සහ කෘමීන්ද ආහාරයට ගනී. මෙරට තුල  අභිජනනය කරන කළු මැටි කොකුන් අවස්ථා කිහිපයකදී අප්‍රේල් මාසයේදී වියලි කලාපයේදී නිරීක්ෂණය කර ඇත. ජලයට ආසන්නව පිහිටි ගසක ජලයට ඉහලින් පිහිටි අත්තක කෝටු කැබැලි යොදාගෙන සාදන කුඩා කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි. 

English Post >>

Saturday, April 23, 2022

නිල් මැසිමාරා/කළු ගෙලැසි රදමාරා (Hypothymis azurea)

පහත රට මෙන්ම මුහුදු මට්ටමේ සිට මීටර 1700 ක පමණ උසක් දක්වා කඳුකරයේද වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ ගංගාබද වනාන්තර වල වඩාත් සුලභය. නිල් මැසිමාරා තනිව හෝ ජෝඩු වශයෙන් වනාන්තර වියනේ ගමන් කරමින් වෙනත් මැසිමාරාවන් මෙන් පියාඹන කෘමීන් ගුවනේදි අල්ලා ගනී. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ පොළොවේ සිට අඩි කිහිපයක් උඩින් හෝ ඇතැම් විට වනාන්තර උඩු වියන දක්වාම ගසක විවිධ උස් මට්ටම් වලින් පිහිටි කුඩා අත්තක වූ දෙබලක කුඩා ගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Saturday, April 16, 2022

ශ්‍රී ලංකා වැහිළිහිණියා/බඩ රතු වැහිළිහිණියා (Hirundo hyperythra)


 මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි. දිවයින පුරාම පාහේ වනාන්තර වල විවෘත ස්ථාන, වගා බිම්, කුඹුරු සහ ලඳු කැලෑ වල දැකිය හැක. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන අතර ඇතැම් විට කුඩා රංචු ලෙසින්ද හැසිරේ. බොහෝවිට පොළොවට ආසන්නව පියාඹමින් ඉගිලෙන කෘමින් ගුවනේදී ගොදුරු කර ගනී. ගල් ගුහාවක වහලයේ, පාලමක් යට හෝ ඇතැම් විට ගොඩනැගිල්ලක හෝ නිවසක වහලයේ යට මඩ වලින් බෝතලයක හැඩය සහිත කූඩුවක් සාදා අප්‍රියල් සිට ජූලි දක්වා කාලයේ  බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >>

Saturday, April 9, 2022

Sri Lanka white-throated Flowerpecker/Legge's Flowerpecker/ශ්‍රි ලංකා පිළිලිච්චා (Dicaeum vincens)

An endemic bird local and uncommon in forests and well wooded areas from southwestern wet lowlands to adjoining mid hills. Rarely occurs also in higher hills. It lives as solitary birds, in pairs or as little family flocks. Sri Lanka white-throated Flowerpecker feeds on nectar as well as varies fruits and wild figs found high up in tall trees. It breeds from January to August and female bird make a nest, a small felted hanging pocket among leaves high in a tree with the entrance at the top and lays two eggs. 

Friday, April 8, 2022

පුංචි දෙමලිච්චා/වතඳුරු පඳුරු දෙමලිච්චා/හිස කළු දෙමලිච්චා (Rhopocichla atriceps)


සියළුම දේශගුණික කලාපවල පාහේ වනාන්තර වල යටි රෝපනයේ කෘමින් ගොදුරු කරගනිමින්  කුඩා රංචු වශයෙන් හැසිරෙන දේශීය පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වාත් , ඇතැම්විට නැවතත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන මෙම කුඩා දෙමලිච්චා වියලි කොල කැබලි වලින් ගස් දෙබලක් මත විශාල විවරයක් සහිත ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.

English Post >> 

Sunday, April 3, 2022

පඳුරු ගොමරිට්ටා (Mirafra affinis)

පහත රට වියලි කලාපයේ සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් කුඹුරු සහ තෘණභූමි වැනි විවෘත බිම් වල හමුවන පඳුරු ගොමරිට්ටා පලගැටියන් වැනි භූමියේ හමුවන කෘමීන් අහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ උස් තණකොල පදුරක මුල කුඩා වලක් හාර මනාව සැගවුන කූඩුවක් සාදා එහි බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >> 

Saturday, April 2, 2022

අභිකාවා (Anhinga melanogaster)

පහත  රට වියලි කලාපයේ වැව්, කලපු සහ විශාල ගංගා පද්ධති වල දිවිගෙවන එහෙත්  එතරම් සුලභව හමු නොවන දේශිය පක්ෂියෙකි.පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ප්‍රධාන වශයෙන් මාලුන් ගොදුරු කරගන්නා අභිකාවා සිය තියුණු හොටින් ජලයේ කිමිදී ඔවුන් ඩැහැ ගනී. නිබදවම වෙනත් දියකාවන් සමග හැසිරෙන මුත් තනිවම සිටින අභිකාවන්ද දුලභ නොවේ. ඉතා හොඳින් කිමිදීමට මෙන්ම වේගයෙන් පියෑඹීමටද මෙම පක්ෂියාට මනා හැකියාවක් ඇත. ජලය මත පිහිනා යෑමේදි සිය හිස සහ ගෙල පමණක් ඉහලට දිස්වන ලෙසින් තබාගෙන යෑම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් Snake Bird ලෙසින්ද හඳුන්වන මෙම පක්ෂියා පියඹා යෑමේදි හිස කෙලින් කර තබා ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ බොහෝවිට වෙනත් ජලජ පක්ෂීන් සමග කොලනි ලෙසින් ජලයට ආසන්න ගස් මත කූඩු තනා අභිජනනයේ යෙදේ. 

English Post >>