දිවයින පුරා තෘණභූමි, කුඹුරු සහ ලඳු කැලෑ වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් ජීවත් වන අළු හම්බුකුරුල්ලා කුඩා කෘමීන් සහ මකුළුවන් සහ වෙනත් එවන් කුඩා සතුන් ආහාරයට ගනී. අභිජනනය පෙබරවාරි සිට ජූනි දක්වාත්, අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් සිදුවේ.
English Post >> Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, April 1, 2020
Tuesday, March 31, 2020
කරවැල් කොකා (Ardea purpurea )
කරවැල් කොකා පහත රට තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද වගුරු බිම්, කුඹුරු, කඩොලාන සහ කලපු වල මෙන්ම වැව් වලද සුලභව හමුවන පක්ෂියෙකි. මත්ස්‍යයන්, ගෙම්බන් මෙන්ම කෘමීන්ද ආහාරයට ගන්නා කරවැල් කොකා දිවා කාලයේදී විශේෂයෙන් උදෑසන සහ හවස බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් පන් ගස් අතර සැඟවෙමින් ගොදුරු සොයමින් යන ආකාරය නිරීක්ෂණය කල හැක. වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේත් නැවත මැයි සිට ජූනි දක්වාත් අභිජනනයේ යෙදෙන කරවැල් කොකුන් බොහෝවිට වෙනත් කොකුන් සහ දියකාවන්ගේද කූඩු සහිත වතුරින් වටවූ ස්ථානයක පිහිටි එතරම් උස නොවූ ගසක් මත කෝටු කෑලි ගොඩක් ලෙස දිස්වන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් දමයි.
English Post >>
English Post >>
Monday, March 30, 2020
ගෝනා (Cervus unicolor)
මෙරටදී හමුවන මුව පවුලේ විශාලතම සාමාජිකයා වන ගෝනා දිවයින පුරා තරමක විශාලත්වයෙන් යුතු වනාන්තර හෝ තෘණ භූමි ඉතිරි වී ඇති ප්‍රදේශ වල හමුවේ. එහෙත් නීතිවිරෝධී දඩයම් කිරීම් හේතුවෙන් අද වන විට ආරක්ෂිත වනෝද්‍යාන වලට පමණක් සීමා වූ සත්වයෙක් බවට පත් වී ඇත. විශාල ප්‍රමාණයේ රංචු වශයෙන් අද වන විට ගෝනුන් හමුවන්නේ මහඑලිය හෙවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානයෙන් පමණි.
මිනිසා හැරුන විට ගෝනාට සිටින ප්‍රධානතම ස්වභාවික සතුරා කොටියාය, එහෙත් කිඹුලන්, පිඹුරන් සහ නරියන් ගෝන පැටව් ඇතැම් අවස්තා වලදී ගොදුරු කරගනී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ හැසිරෙනගෝනුන් විවිධ තෘණ වර්ග, මෙන්ම ගස් වල කොළ වර්ග සහ රිකිලිද ආහාරයට ගනී (නමුත් හොර්ටන්තැන්න වනෝද්‍යානයේදී උදැසන සහ හවස් කාලයේ ක්‍රියාකාරි වන ගෝන රංචු දැකිය හැක)
හොර්ටන්තැන්න වනෝද්‍යානයේ ගෝනුන් පිළිබඳව වූ විඩියෝව නැරඹීමට >>
English Post >>
මිනිසා හැරුන විට ගෝනාට සිටින ප්‍රධානතම ස්වභාවික සතුරා කොටියාය, එහෙත් කිඹුලන්, පිඹුරන් සහ නරියන් ගෝන පැටව් ඇතැම් අවස්තා වලදී ගොදුරු කරගනී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ හැසිරෙනගෝනුන් විවිධ තෘණ වර්ග, මෙන්ම ගස් වල කොළ වර්ග සහ රිකිලිද ආහාරයට ගනී (නමුත් හොර්ටන්තැන්න වනෝද්‍යානයේදී උදැසන සහ හවස් කාලයේ ක්‍රියාකාරි වන ගෝන රංචු දැකිය හැක)
හොර්ටන්තැන්න වනෝද්‍යානයේ ගෝනුන් පිළිබඳව වූ විඩියෝව නැරඹීමට >>
English Post >>
Sunday, March 29, 2020
Saturday, March 28, 2020
කහ පණුකුරුල්ලා/පොදු අයෝරාවා(Aegithina tiphia)
සුලභ දේශීය පක්ෂියෙකු වන කහ පණුකුරුල්ලා හෙවත් පොදු අයෝරාවා පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1000 දක්වා පමණ වූ පහල කඳුකරය දක්වා ගෙවතු, බඩවැටි සහ වනාන්තර මායිම් වල හමුවේ. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. යුගල වශයෙන් ජීවත් වන කහ පණුකුරුල්ලන් ගස් වල අතු පතර හමුවන කෘමීන් විශේෂයෙන් දලඹුවන් ආහාරයට ගනී. ආහාර සොයමින් ගස් අතර සැරිසැරීමේදි එකිනෙකා අතර විවිධ ආකාරයේ සියුරු සන් ශබ්ද නිකුත් කරමින් සබදතාවය පවත්වා ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. අප්‍රේල් සිට ජූනි දක්වා කාලයේ ගසක අත්තක් මත කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගනිමින් සෑදූ කෝප්පයක හැඩැති කුඩා කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
English Post >>
Thursday, March 26, 2020
නිල් පණුකුරුල්ලා/විල්ලුද යටිකූරිත්තා(Sitta frontalis)
වනාන්තර සහ ඒ ආශ්‍රිත ගෙවතු වල තරමක් දුර්ලභ ලෙස දිවයින පුරාම පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ ගංගා ආශ්‍රිතවද ප්‍රධාන වශයෙන් හමුවන අතර කඳුකරයේ සුලභව දැකිය හැක. ඉතාමත් ක්‍රියාශීලි පක්ෂියෙකු වන නිල් පණුකුරුල්ලා ගස් වල කඳන් මත සහ අතු අතර ඉහලට මෙන්ම පහලටද දුවමින් ගසේ පොත්ත ඇතුලත සැඟවී සිටින කෘමීන් ආහාරයට ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. ජෝඩු වශයෙන් හැසිරෙන නිල් පණුකුරුල්ලා වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නිරත වේ. ගසක පිහිටි ස්වභාවික කුහරයක හෝ කොට්ටෝරුවන් විසින් සාදා අතහැර දමන ලද බෙනයක හෝ බිත්තර 3-4 පමණ දමයි.
English Post >>
English Post >>
Wednesday, March 25, 2020
අළුහිස් කහ මැසිමාරා/හිස අළු මැසිමාරා (Culicicapa ceylonensis)
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තරවල සහ ගස් කොළන් බහුල එවන් ස්ථාන වල එතරම් සුලභ නොවූවත් නිතර දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පියාඹන කෘමීන් ආහාරයට ගන්නා අළුහිස් කහ මැසිමාරාවන් ජොඩු වශයෙන් හමුවේ. තවද ආහාර සොයා එකම මාර්ගයක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සැදුම් ලත් කුරුළු නඩ සමගද ගමන් කරනු ලැබේ. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ පෙඳ පාසි සහ කෙඳි ආදිය ආශ්‍රයෙන් මකුළු දැල් යොදා අලවා, ගස් කඳක් මත, ගල් පර්වතයක පැත්තක හෝ පාසි සහිත පස් කණ්ඩියක වූ කුහරයක සාදන කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ.
Englis Post >>
Englis Post >>
Tuesday, March 24, 2020
මහඑලිය පඳුරු මැඩියා[Mahaeliya Panduru Madiya]/Horton Plains Shrub Frog (Pseudophilautus alto)
An endemic shrub frog found only in the higher hills from 1850 to 2300 m elevations. It is recorded from forest borders of Horton Plains National Park, Ambewela and Pattipola. It can be observed on leaf litter of the forest floor, moss and fern covered rocks and among Strobilanthus roots and other moss covered roots of large trees. Horton Plains Shrub Frog is active during both the day and night.
Monday, March 23, 2020
Sunday, March 22, 2020
Saturday, March 21, 2020
Wednesday, March 18, 2020
අඳුරු නිල් මැසිමාරා/අනු මැසිමාරා (Eumyias sordidus)
කඳුකරයේ වනාන්තර, ගෙවතු, වගා බිම් වල සහ කලාතුරකින් පහතරට ඇතැම් තෙත් ප්‍රදේශ වලද දැකිය හැකි මෙරටට ආවේනික පක්ෂියෙකි අඳුරු නිල් මැසිමාරා හෙවත් අනු මැසිමාරා. එබඳු ප්‍රදේශ වල සුලභව හමුවේ. බොහෝවිට අඳුරු ගස් අතු අතර සිටිමින් ඉගිලෙන කෘමීන් ගුවනේදී අල්වාගනී. ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කර ගත්තද කුඩා ගෙඩි වර්ගද අඳුරු නිල් මැසිමාරාගේ ආහාරයට ඇතුලත්ය. වසරේ මාර්තු, අප්‍රේල් මාස වල හා අගෝස්තු - සැප්තැම්බර් කාලයේ ගස් බෙනයක හෝ මාර්ගයක් අසබඩ කණ්ඩියක දියසෙවෙල්, මීවන මුල් සහ කෙඳි වර්ග උපයෝගි කරගනිමින් සාදන කූඩුවක බිත්තර 2 ක් හෝ කලාතුරකින් 3 ක් දමා අභිජනනයේ යෙදෙයි.
English Post >>
English Post >>
Tuesday, March 17, 2020
Sikkim Knotweed (Koenigia mollis [Syn: Polygonum molle])
An introduced shrub native to India and Nepal. Possibly escaped from cultivation and naturalized along roadsides in the montane region.
* Also considers as a native plant of Sri Lanka as well >>
Monday, March 9, 2020
දෑකැති දෙමලිච්චා/ශ්‍රී ලංකා දෑ දෙමලිච්චා[Daekaeti Demalichcha/Sri Lanka Dae Demalichcha]/Sri Lanka Scimitar-babbler (Pomatorhinus melanurus)
Sri Lanka Scimitar-babble is an uncommon endemic bird inhabiting forests and well wooded areas as well as the adjoining scrubs and home gardens throughout the country though rather rare in the dry lowlands. It lives as pairs or as family parties and often associates with feeding flocks consisting of other birds and travel through the forest in search of its insect prey in bark crevices, moss covered tree trunks, dead leaves etc. It breeds from March to May and again at the end of the year. The nest is a closed globular with a side entrance made out of grass blades, dead leaves, twigs and fibers, placed among dense herbage, ferns, etc. close to the ground or sometimes in a tree cavity or a deep fork. It lays two or three white eggs in it.
Two races occurs. Race melanurus peculiar to the low country wet zone and south-western hills while race horsfieldii found in dry lowlands and hills.
Two races occurs. Race melanurus peculiar to the low country wet zone and south-western hills while race horsfieldii found in dry lowlands and hills.
Friday, March 6, 2020
Thursday, March 5, 2020
Wednesday, March 4, 2020
Tuesday, March 3, 2020
Monday, March 2, 2020
Subscribe to:
Posts (Atom)