Saturday, March 28, 2020

කහ පණුකුරුල්ලා/පොදු අයෝරාවා(Aegithina tiphia)

සුලභ දේශීය පක්ෂියෙකු වන කහ පණුකුරුල්ලා හෙවත් පොදු අයෝරාවා පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1000 දක්වා පමණ වූ පහල කඳුකරය දක්වා ගෙවතු, බඩවැටි සහ වනාන්තර මායිම් වල හමුවේ. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. යුගල වශයෙන් ජීවත් වන කහ පණුකුරුල්ලන් ගස් වල අතු පතර හමුවන කෘමීන් විශේෂයෙන් දලඹුවන් ආහාරයට ගනී. ආහාර සොයමින් ගස් අතර සැරිසැරීමේදි එකිනෙකා අතර විවිධ ආකාරයේ සියුරු සන් ශබ්ද නිකුත් කරමින් සබදතාවය පවත්වා ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. අප්‍රේල් සිට ජූනි දක්වා කාලයේ ගසක අත්තක් මත කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගනිමින් සෑදූ කෝප්පයක හැඩැති කුඩා කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

No comments:

Post a Comment