Wednesday, March 18, 2020

අඳුරු නිල් මැසිමාරා/අනු මැසිමාරා (Eumyias sordidus)

කඳුකරයේ වනාන්තර, ගෙවතු, වගා බිම් වල සහ කලාතුරකින් පහතරට ඇතැම් තෙත් ප්‍රදේශ වලද දැකිය හැකි මෙරටට ආවේනික පක්ෂියෙකි අඳුරු නිල් මැසිමාරා හෙවත් අනු මැසිමාරා. එබඳු ප්‍රදේශ වල සුලභව හමුවේ. බොහෝවිට අඳුරු ගස් අතු අතර සිටිමින් ඉගිලෙන කෘමීන් ගුවනේදී අල්වාගනී. ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කර ගත්තද කුඩා ගෙඩි වර්ගද අඳුරු නිල් මැසිමාරාගේ ආහාරයට ඇතුලත්ය. වසරේ මාර්තු, අප්‍රේල් මාස වල හා අගෝස්තු - සැප්තැම්බර් කාලයේ ගස් බෙනයක හෝ මාර්ගයක් අසබඩ කණ්ඩියක දියසෙවෙල්, මීවන මුල් සහ කෙඳි වර්ග උපයෝගි කරගනිමින් සාදන කූඩුවක බිත්තර 2 ක් හෝ කලාතුරකින් 3 ක් දමා අභිජනනයේ යෙදෙයි.
English  Post >>

No comments:

Post a Comment