Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, March 13, 2022
Purple Sunbird/දම් සූටික්කා[Dham Sootikka] (Nectarinia asiatica asiatica)
Saturday, March 12, 2022
Clamorous Reed-warbler/Great Reed-warbler/Indian Great Reed Warbler (Acrocephalus stentoreus)
Locally rather common breeding resident of reedbeds in wetlands and tangled vegetations growing in or near tanks and marshes of the dry lowlands. Also occasionally occurs in similar habitats of the wet zone. It lives as pairs and feeds on small insects. Clamorous Reed-warbler breeds from March to August. The nest is a large deep cup made up of dry reed leaves, placed among reed stems where it lays two or three eggs.
Friday, March 11, 2022
හැඳි ආලාවා (Platalea leucorodia)
පහත රට වියලි කලාපයේ කලපු, වැව් සහ වගුරු බිම් වල හමුවන එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. නිතරම කුඩා රංචු වශයෙන් දැකිය හැකි හැඳි ආලාවුන් නොගැඹුරු ජලයේ සමූහ වසයෙන් එකතු වී ඉස්ගෙඩියන්, බත්කූරන්ගේ කීටයන් වැනි කුඩා ජලජ සත්වයන් මෙන්ම ඇතැම් ශාක කොටස් අහාරයට ගනී. බොහෝවිට දිවා කාලයේ විවේකිව වගුරු බිමක ඇති කුඩා දූපතක හෝ ගසක අත්තක් මත ලැග සිටින හැඳි ආලාවුන් ගොම්මන් යාමයේ වඩාත් ක්‍රියාශීලී බවක් පෙන්වයි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් කොකුන් සමග සමූහ වශයෙන් කලපුවක හෝ වගුරක ජලයට ආසන්න පඳුරක් මත හෝ ගසක පහල මට්ටමේ පිහිටි අත්තක කෝටු කැබිලි රාශියක් එක්කොට කූඩුවක් තනා එහි බිත්තර 2 ත් 5 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, March 10, 2022
දෑතුඩු වටුවා/විඹුරැලි කලිත්තා(Numenius phaeopus)
පහත රට ප්‍රදේශ වලට, විශේෂයෙන්ම වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ වල වගුරු බිම්, මඩ වගුරු, සහ කලපු වලට වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාස වලදී පැමිණ ඊලග වසරේ අප්‍රියෙල් දක්වා සිටින එතරම් සුලභ නොවන සංක්‍රමණික පක්ෂියෙකි. කකුළුවන්, බෙල්ලන්, සහ පණුවන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ඇතැම්විට 4 ක් හෝ 5 ක් පමණ වන කුඩා රංචු ලෙසින් හමුවේ. මෙම පක්ෂියා උතුරු යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Wednesday, March 9, 2022
Chestnut Bittern/Cinnamon Bittern/තඹල මැටි කොකා/කුරුඳු මැටි කොකා (Ixobrychus cinnamomeus)
Rather rare breeding resident of reedbeds and such other vegetations in the marshes, tank edges, paddy fields (When the paddy is well grown) and river banks from lowlands to the hills, while becoming rarer in the up country. It lives solitary or as pairs and feeds on fish, frogs, insects and such other small animals found in aquatic habitats. Chestnut bittern is a partially nocturnal shy bird, though it is not unusual of encountering them during the day time. It breeds from June to July and lays three to five eggs in a nest made out of dry grasses and hidden in reeds or tussock in a marsh.
Tuesday, March 8, 2022
ගොමරිට්ටා/කෙත් වැරටිච්චා (Anthus rufulus)
දිවයින පුරාම පාහේ තෘණභූමි, කුඹුරු සහ වෙනත් එවැනි විවෘත බිම් වල සාමාන්‍යයෙන් සුලභ දේශිය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් හෝ විසිරිණු රංචු ලෙසින් දිවිගෙවන මෙම පක්ෂියා පළගැටියන්, ගොම කුරුමිණියන්, සහ වෙනත් එවැනි පොළොව මත සිටින කෘමි සතුන් ගොදුරු කරගනී. කලාතුරකින් ගස් සහ පඳුරු මත දැකිය හැකි වුවත් යුහුසුලුව එහෙ මෙහෙ දුවමින් වරින් වර හාත් පස බැලීම සඳහා කෙලින් සිටගනිමින් භූමිය මත වැඩි වශයෙන් කාලය ගත කරයි. ගොමරිට්ටා හෙවත් කෙත් වැරටිච්චා මාර්තු සිට ජූලි දක්වා මාස වල ප්‍රධාන වශයෙන් අභිජනනය කලත් වසරේ අනෙකුත් මාස වලද කූඩු හමුවිය හැක. තණකොල, ගස් වල මුල් වැනි දේ එකතු කර කෝප්පයක ආකාරයට තනන කූඩුව පොළොවේ තණකොල පඳුරක ආවරණය සහිතව සාදා එහි බිත්තර තුනක් පමණ දමයි.
English Post >>
Monday, March 7, 2022
හීන් තුඹ සේරුවා/කුඩා තුඹ සේරුවා (Dendrocygna javanica)
පහත රට වැව්, කුඹුරු, සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. සාමාන්‍යයෙන් කුරුල්ලන් දහයක් පමණ හෝ ඊට වැඩි රංචු ලෙසින් හමුවන කුඩා තුඹ සේරුවන් වී, කුඩා කෘමීන්, සහ වෙනත් එවැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ. කුඩා තුඹ සේරුවා අර්ධ වශයෙන් නිශාචර පක්ෂියෙකි. දහවල් කාලයේ වැව් වල තිබෙන කුඩා දූපතක හෝ වතුර මත ඇති මැරුණු ගසක අත්තක් මත හෝ විවේකිව සිට නිබදව ඔවුන්ගේ තියුණු සියුරුසන් ශබ්දය නගමින් ගොදුරු බිම් කරා පියඹා යන කුඩා තුඹ සේරු රංචු ගොම්මන් යාමයේ දැක ගත හැක. කුඩා තුඹ සේරුවා දෙසැම්බර් සිට ජනවාරි දක්වා සහ නැවතත් ජූලි සිට අගෝස්තු දක්වා මාස වල ජලයට ආසන්න ගල්කොළන් මත හෝ බොහෝවිට ජලයේ තිබෙන ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදෙයි.
English Post >>
Sunday, March 6, 2022
ගව කොකා (Bubulcus ibis)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ කුඹුරු, වගුරු බිම්, තෘණ භූමි සහ කසළගොඩවල් වල, බොහෝ විට එළ හරක් සහ මී හරකුන් සමග සැරිසරමින් සිටිනු දැකිය හැකි ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. තවද සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී විශාල වශයෙන් ගව කොකුන් මෙරටට පැමිණෙන බව නිරීක්ෂණය වී ඇත. ගවයන් එහෙ මෙහෙ ගමන් කිරීමේදී භුමිය මත සිට පලා යන පලගැටියන් වැනි කෘමි සතුන්, ගෙම්බන්, සහ කුඩා උරගයන් ගොදුරු කර ගැනීමට මේ ආකාරයට ගව කොකා ඔවුන් සමග සැරිසරයි. එසේම ගවයන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන්, මැස්සන් සහ කූඩැල්ලන් වැනි සතුන්ද මේ පක්ෂියා ආහාරයට ගනී. රාත්‍රියට සමූහ වශයෙන් ගස් මත ලැග සිටින ගව කොකුන් දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කොකුන් සමූහ වශයෙන් කැදලි තනන වතුරෙන් යටවූ ගස් මත කූඩු තනා අභිජනනය කරයි.
English Post >>
Saturday, March 5, 2022
Lesser Sri Lanka Flameback/Red-backed Woodpecker/කෑරලා (Dinopium psarodes)
An endemic and very common bird inhabiting forests, cultivations and home gardens of lowlands and hills in all zones except the northern part of the country. It lives as pairs and feeds on ants and such other insects found inside tree barks and occasionally on ground. It breeds from March to June and again from August to September in a nest excavated into the branch or the trunk of a tree.
සිංහලෙන් කියවන්න >>
Friday, March 4, 2022
ආසියා තල් තුරිතයා/පුංචි වේග ලිහිණියා (Cypsiurus balasiensis)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ සුලභ දේශීය පක්ෂියෙකි.විශේෂයෙන්ම තල් සහ තල ගස් අවට මේ පක්ෂියා බොහෝවිට දැකගත හැක. රංචු වශයෙන් විවෘත භූමි වල වේගයෙන් ඉගිලෙමින් ගුවනේදි පියාඹන කුඩා කෘමීන් ගොදුරු කරගනිමින් සැරිසරන තල් තුරිතයා බොහෝවිට වසර පුරාම පාහේ අභිජනනය කරන පක්ෂියෙකු ලෙස සැලකේ. කුඩා කෝප්පයක ආකාර කූඩුව පිහාටු, පුලුන් ආදියෙන් මෙම පක්ෂියාගේ ඛේටයෙන් අලවා තල් අත්තක යට පැත්තේ තනයි. තල් ගස් නොමැති ප්‍රදේශ වල නම් කලාතුරකින් පුවක් ගසක කොල අතු වලද කූඩු නිරීක්ෂණය කර ඇත.
English Post >>
Thursday, March 3, 2022
වගුරු සිලිබිල්ලා/වගුරු සිලිවටුවා (Tringa stagnatilis)
පහත රට ජලජ පරිසර පද්ධති වල, විශේෂයෙන් පහත රට වියලි කලාපයේ වෙරලබඩ කලපු, ගං මෝය, කඩොලාන, ලුණු ලේවායන් සහ ඇතැම්විට රට ඇතුලට වන්නට පිහිටි වගුරු බිම්, විශාල වැව් සහ වතුරෙන් යටවූ කුඹුරු ආදියේද හමුවන සංකරමණික පක්ෂියෙකි වගුරු සිලිබිල්ලා. කකුළුවන්, ඉස්සන්, පණුවන් වැනි කුඩා ජලජ සතුන් ආහාරයට ගන්නා වගුරු සිලිබිල්ලන් තනිව හෝ ලොකු කුඩා රංචු ලෙසින් ගොදුරු සොයන ආකාරය නිරීක්ෂණය කල හැක. වගුරු සිලිබිල්ලා වේගයෙන් පියාසර කරන, එසේම හොඳින් පීනීමටත් හැකි පක්ෂියෙකි.
English Post >>
Wednesday, March 2, 2022
ගෝමර පිළිහුඩුවා (Ceryle rudis)
පහත රට වගුරු බිම්, කලපු, කඩොලාන, සෙමින් ගලා යන ගංගා සහ වැව් ආදී පරිසර පද්ධති වල නිතර හමුවන දේශිය පක්ෂියෙකි ගෝමර පිළිහුඩුවා. වෙරල අසබඩ ප්‍රදේශ වල සාමාන්‍යයෙන් සුලභව හමුවේ. ප්‍රධාන වශයෙන් මාලුන් සහ වෙනත් ජලජ සත්වයන් ගොදුරු කරගන්නා අතර ජල මතුපිටට උඩින් එක තැන පියාඹමින් සිට එකවර ගොදුර මතට පැන එය ඩැහැගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. ජෝඩු වශයෙන් දිවිගෙවන ගෝමර පිළිහුඩුවන් වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ ගං ඉවුරක කණ්ඩිය තුලට හෑරු ගුලක බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Tuesday, March 1, 2022
ඉවුරු වැහිළිහිණියා/කරපටි ඉවුරුළිහිණියා (Riparia riparia)
දුර්ලභ නමුත් නිත්‍ය සංක්‍රමණික පක්ෂියෙකි. වියලි කලාපයේ බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්න විවෘත බිම් වල හමුවේ. ප්‍රධාන වශයෙන් දකුණු වෙරලබඩ කලාපයේ වාර්තා වේ. නිතරම අටු වැහි ලිහිණි රංචු සමග විදුලි කම්බි හෝ දුරකතන කම්බි මත වසා සිටින ආකාරය නිරීක්ෂණ කල හැක. ඉවුරු වැහිලිහිණියා උතුරු ඉන්දියාවේ සහ උතුරු ඇමෙරිකාවේ අභිජනනය කරයි.
English Post >>
Monday, February 28, 2022
කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Vanellus malabaricus)
පහත රට වියලි කලාපයේ බොහෝවිට ඉතාමත් වියලි ප්‍රදේශ වල හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. පුත්තලමේ සිට යාපනය දක්වා වූ වෙරල තීරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුලභව හමුවේ. තවද නැගෙනහිර පලාතේ මෙන්ම උඩවලව සහ අනුරාධපුරද අභිජනනය කරන ගහන වාර්තා වී ඇත. කුඩා රංචු ලෙසින් හෝ ජෝඩු ලෙසින් ශුෂ්ක තෙත් බිම්, පුරන් බිම්, වියලි කුඹුරු වල මෙන්ම ගල් සහිත තණබිම් වලද පලගැටියන්, කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් වැනි භූමිය මත සිටින කුඩා සතුන් ගොදුරු කරගනිමින් දිවි ගෙවන මෙම පක්ෂියා වසරේ මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. කුරුසයක ආකාරයට බිත්තර 4 ක් ගල් සහිත බිමක පස් පිඩලි සහ ගල් අතර මනාව සඟවා තබා බිත්තර රැකීමේ යෙදෙන මෙම පක්ෂියාගේ 'කූඩුව' පහසුවෙන ඇස නොගැටේ. බොහෝවිට ඉතාමත් පහලින් පියාසර කරන පක්ෂියෙකි.
English Post >>
Saturday, February 26, 2022
Green Sandpiper (Tringa ochropus)
Friday, February 25, 2022
Commicarpus chinensis [Syn: Boerhavia chinensis]
Thursday, February 24, 2022
අළු කොබෙයියා (Stigmatopelia chinensis ceylonensis)
ඉතාමත් සුලභ දේශිය පක්ෂියෙකු වන අළු කොබෙයියා දිවයින පුරාම පාහේ ගෙවතු සහ වගා බිම් වලත් වියලි කලාපයේ නම් වනාන්තර තුලත් හමුවේ. එහෙත් කඳුකරයේ එතරම් සුලභ නොවේ. ජෝඩු වශයෙන් ජීවත් වන අළු කොබෙයියන් කුඩා ගසක් හෝ පඳුරක් මත කෝටු කෑලි සහ ගස් වල මුල් ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් පමණ දමා වසර පුරාම පාහේ අභිජනනය කරයි. බොහෝවිට එක් ජෝඩුවක් වසරක කාලය තුල කිහිප වරක්ම බිත්තර දමා පැටවුන් බෝ කරයි. අළු කොබෙයියන් ප්‍රධාන වශයෙන් තණකොල සහ වල් පැලෑටි වල බීජ සහ ධාන්‍ය වර්ග ආදිය භූමිය මතින් අහුලා ගෙන ආහාරයට ගනී.
English Post >>
Wednesday, February 23, 2022
පුංචි බිඟුහරයා/කොළ කුරුමිණිකුරුල්ලා (Merops orientalis ceylonicus)
පහත රට වියලි කලාපයේ විවෘත පෙදෙස්, වගා බිම් සහ වනාන්තර තුල වූ විවෘත ප්‍රදේශ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. එසේම අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි රැහැන් මත වසා සිටින පක්ෂීන්ද බොහෝවිට දැකගත හැක. කලාතුරකින් තෙත් කලාපය තුලද වියලි කලාපයේ සිට තාවකාලිකව සංක්‍රමණය වූ පක්ෂීන් හමුවේ. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් රාත්‍රී කාලයේදී රංචු ලෙසින් වදුල සහිත ගසක ලැග සිටින ආකාරය නිරීක්ෂණය කර ඇත. අනෙකුත් බිඟුහරයන් මෙන්ම පුංචි බිඟුහරයාගේද ප්‍රධාන අහාරය කුරුමිණියන්, මීමැස්සන්, සමනලයන් සහ බත්කූරන් වැනි විවිධ ඉගිලෙන කෘමි සතුන්ගෙන් සමන්විත වේ. වයරයක් මත සිට හෝ ගසක අත්තක් මත සිට එක්වර ඉගිලී ගොස් එවැනි සතුන් අල්ලාගෙනෙ බොහෝවිට එම ස්ථානයටම රැගෙන විත් ගිලදමන ආකාරය නිරීක්ෂණය කල හැක. පුංචි බිඟුහරයා අප්‍රියෙල් සිට අගෝස්තු අතර කාලයේ පස් කණ්ඩියක් තුලට හෑරු ගුලක බිත්තර තුනත් පහත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, February 22, 2022
Common Ringed Plover (Charadrius hiaticula tundrae)
Very rare but regular winter migrant to tidal mudflats, shores, lagoons and salt-pans of the dry zone coastal areas. During its stay in the island Common Ringed Plover lives as solitary birds or as scattered flocks with other small waders. It breeds in Northern Eurasia and Northeastern part of the North America.