Wednesday, January 10, 2024

තෙල් තල [Thel Thala]/Gingerlly (Sesamum indicum)

 An introduced annual herb with origin uncertain (Probably Africa or India). Widely cultivated and also naturalized along roadsides, waste lands and abandoned fields in the dry zone. Flowering from May to August and possibly throughout the year. Seeds edible.

*Cultivated Plants usually have white flowers >>

Tuesday, January 9, 2024

හිස දුඹුරු මුහුදුකපුටා/බොර හිස් ගලුවියා (Larus brunnicephalus)

 ලෝකයේ උතුරු අර්ධගෝලයට ශීත සෘතුව බලපැවැත්වෙන සමයේදී මෙරටට සංක්‍රමණය වන, එම කාලයේදී දිවයිනේ උරුකරයේ වෙරළබඩ ප්‍රදේශ වල සහ කලපු ප්‍රදේශ වල  සුලභව හමුවන පක්ෂියෙකි. කලාතුරකින් දිවයිනේ ගිණිකොන දිග වැනි වෙනත් වෙරළබඩ ප්‍රදේශ වලද නිරීක්ෂණය කල හැක. ඇතැම් විට ගිම්හාන කාලයේදී පැමිණෙන පක්ෂීන්ද හමුවේ. මෙම පක්ෂීන් බොහෝවිට විශාල රංචු වශයෙන් වෙරළට නුදුරු ජලයේ ගිමන් හරින ආකාරය දැකිය හැක. වරායන් අසල ගැවසෙමින් මෙන්ම නැව් පසු පස යමින් ඉවත දමන ආහාර මතද යැපෙන මෙම මුහුදු ළිහිණියා ප්‍රධාන වශයෙන් මත්ස්‍යන්ද එයට අමතරව කකුලුවන්, ඉස්සන් සහ මොලුස්කාවන්ද (බෙල්ලන්) ආහාරයට ගනී. මධ්‍යම ආසියාවේ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි විශාල විල් වල අභිජනනය සිදු කරයි.

English Post >>

Monday, January 8, 2024

Common Hoopoe/පොරෝ කුරුල්ලා/පොරෝළුවා[Poro Kurulla/Poroluwa] (Upupa epops)

Rather uncommon breeding resident, locally occurred in the  dry lowlands to drier hills, though much rare in the hills. Occasionally visits the wet zone. Possibly also a winter migrant. It avoids deep forests and inhabits the open country, scrubs, open forests, etc.  as solitary birds, small groups or as pairs.  It feeds  mainly on insects and such small animals taken on ground by turning over fallen leaves. Common Hoopoe breeds in a hole of a tree, bank or a building from November to April and possibly again in June to July. It lays four to seven eggs and the female bird only incubates, while male bird feeds her during that period as it is with Hornbills.   

සිංහලෙන් කියවන්න >>
 

Sunday, January 7, 2024

Saturday, January 6, 2024

කළු උකුස්සා/බොර පරකුස්සා (Milvus migrans)

 දිවයිනේ උතුරු අන්තයේ, ප්‍රධාන වශයෙන් වෙරළබඩ ප්‍රදේශ වල විශේෂයෙන් වෙරළබඩ නගර වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශිය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වලටම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන මෙරට අභිජනනය නොකරන පක්ෂීන්ද සිටින බව නිරීක්ෂණය කර ඇත. කලාතුරකින් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලද වාර්තා වේ. කුඩා රංචු වශයෙන් හෝ තනි තනි පක්ෂීන් වශයෙන් ප්‍රධාන වශයෙන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ඉවත දමන ආහාර මත යැපෙමින් දිවි ගෙවයි. දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ ගසක උඩු වියනේ හෝ පොල් ගසක පොල් අත්ත කඳට සවිවන ස්ථානයේ කෝටු කැබලි ගොඩ ගසා තනන කූඩුවක බිත්තර දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>

Friday, January 5, 2024

පෙඳ කලු මහාවටුවා/කලු පෙඳ ගොහොදුවිත්තා (Limosa limosa)

 වියලි කලාපීය වෙරලාසන්න වගුරු බිම්, මඩ වගුරු, කලපු, කුඹුරු, වැව් ආදියේ මෙන්ම ඇතැම්විට රට අභ්‍යන්තරයට වන්නට පිහිටි එවැනි ස්ථාන වලටද පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි. තනිව හෝ කුඩා හෝ විශාල රංචු ලෙසින් පණුවන්, කෘමීන් සහ ක්‍රස්ටේෂියාවන් ගොදුරු කර ගනී. යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Thursday, January 4, 2024

අළු ඔලෙයියා/අළු මහ ඔලෙවියා(Pluvialis squatarola)


 එතරම් සුලභ නොවන ලෙස වියලි කලාපීය කලපු, මෝයවල්, වෙරලාසන්නව හමුවන මඩ වගුරු, කුඩා දියපාරවල් ආදියේ දැකිය හැකි සංචාරක පක්ෂියෙකි. දුර්ලභව තෙත් කලාපයේ එවන් ස්ථාන වලද කලාතුරකින් හමුවේ. තනිව හෝ විසිරුණු රංචු ලෙසින් බොහෝවිට වෙනත් එවන් ජලජ පක්ෂීන් සමග ප්‍රධාන වශයෙන් පණුවන්, බෙල්ලන්, ක්‍රස්ටේෂියාවන් වැනි කුඩා කරදිය සත්වයන් ගොදුරු කරගනිමින් ජීවත් වේ. ආක්ටික් කලාපයේ තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.

English Post >>

Wednesday, January 3, 2024

කෙලවලු බස්සා/බොර සුලාවියා (Sula leucogaster)


 දිවයින වටා වෙරළ තීරයෙන් ඔබ්බෙහි වූ මුහුදු කලාපයට සහ කළාතුරකින් වෙරළ කලාපයටද පැමිණෙන දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂීයෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් නිතර සාගරයේ ජල තලයට ආසන්නව පියාඹා යමින් වරින් වර ජලයේ කිමිදෙමින් මත්ස්‍යින් ගොදුරු කරගනී. හොඳින් පීනීමටද හැකියාවක් ඇති අතර මුදුදේ ජල තලය මත වසා ගිමන් හැරීම සිදු කරයි. රාත්‍රි කාලයේදී බොහෝවිට ගල් මත, මුහුදේ පාවෙන බෝයා මත හෝ නැව් වල කුඹ ගස් මත ලගී. සාගරයේ ඇති කුඩා දූපත් වල පොළොවේ බිත්තර එකක් හෝ දෙකක් දමා එක් පැටවෙකු පමණක් බෝකිරීම සිදු කරයි. ලංකාවේ බටහිර වෙරළේ උතුරේ සිට දකුණු දිශාවට වාර්ෂිකව සිදුවන මුහුදු පක්ෂීන්ගේ පර්යටනයේදී මෙම පක්ෂීන්ද ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර ඇත.

English Post >>