Wednesday, January 3, 2024

කෙලවලු බස්සා/බොර සුලාවියා (Sula leucogaster)


 දිවයින වටා වෙරළ තීරයෙන් ඔබ්බෙහි වූ මුහුදු කලාපයට සහ කළාතුරකින් වෙරළ කලාපයටද පැමිණෙන දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂීයෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් නිතර සාගරයේ ජල තලයට ආසන්නව පියාඹා යමින් වරින් වර ජලයේ කිමිදෙමින් මත්ස්‍යින් ගොදුරු කරගනී. හොඳින් පීනීමටද හැකියාවක් ඇති අතර මුදුදේ ජල තලය මත වසා ගිමන් හැරීම සිදු කරයි. රාත්‍රි කාලයේදී බොහෝවිට ගල් මත, මුහුදේ පාවෙන බෝයා මත හෝ නැව් වල කුඹ ගස් මත ලගී. සාගරයේ ඇති කුඩා දූපත් වල පොළොවේ බිත්තර එකක් හෝ දෙකක් දමා එක් පැටවෙකු පමණක් බෝකිරීම සිදු කරයි. ලංකාවේ බටහිර වෙරළේ උතුරේ සිට දකුණු දිශාවට වාර්ෂිකව සිදුවන මුහුදු පක්ෂීන්ගේ පර්යටනයේදී මෙම පක්ෂීන්ද ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර ඇත.

English Post >>

1 comment:

  1. Excellent website. Lots of useful information here.
    I am sending it to some buddies ans also sharing in delicious.
    And certainly, thanks on your sweat!

    ReplyDelete