පහත රට තෙත් කලාපයේ සිට උස් කඳුකරය දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ස්ථාන වල යටි වියනේ හමුවන මෙරටට ආවේනික දුර්ලභ පක්ෂියෙකි. ස්ථානීය වශයෙන් දුර්ලභව වියලි කලාපයේ ගංගාධර වනාන්තර වලද වාර්තා වේ. කෘමීන්, පණුවන් වැනි භූමිය මත වසන සතුන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ජෝඩු වශයෙන් කොළ රොඩු අවුස්සමින් පොළොව මත එහෙ මෙහෙ යමින් එවැනි සතුන් ආහාරය ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කෝටු කෑලි, පාසි සහ තණකොල රැසක් එක් කර මීවන ගසක මුදුනේ හෝ ලපටි ගසක අතු දෙබලක තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Tuesday, March 26, 2024
Friday, March 22, 2024
Marshall's Iora/White-tailed Iora/පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)
An uncommon breeding resident, locally inhabiting forests, open wooded areas and scrub lands with scattered trees in the dry lowlands from east to south. It lives as pairs and breeds in first half of the year. The open cup shape nest, made out of fibers and small sticks is placed low on a bush, attached to a twig(s) or in a fork.
සිංහලෙන් කියවන්න >>
Thursday, March 21, 2024
උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)
උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී මෙරට වගුරු බිම්, තෙත් තණබිම් සහ කුඹුරු වැනි පරිසර පද්ධති වලට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි. දිවයින පුරාම පාහේ වාර්තා වන මුත් පහත රට ප්‍රදේශ වල වඩාත් සුලභ ලෙස හමුවේ. මෙරට තුල සිටින කාලයේදී ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මුත් බාදා රහිත ප්‍රදේශ වලදී උදෑසන සහ හවසත් ආහාර සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මූලිකව කෘමීන්, කීටයන් සහ බිම් පණුවන් ගොදුරු කරගන්නා උල්පෙඳ කැස්වටුවාගේ දික් වූ හොටෙහි අග ඉතාමත් සංවේදී වන අතර එම කොටස හොටෙහි අනෙක් කොටස වැසී පවතින විටද පුළුල් ලෙස විවර කිරීමේ හැකියාව ඇත.
Wednesday, March 20, 2024
ගේ කුරුල්ලා (Passer domesticus)
English Post >>
Tuesday, March 19, 2024
බ්‍රාහ්මණ මයිනා (Sturnia pagodarum)
උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ මෙරටට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි. එම මාස වලදී මෙම පක්ෂියා එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් වෙරලට ආසන්න විවෘත බිම්, ලඳු කැලෑ සහිත ප්‍රදේශ වල සහ වගා බිම් වල දැකිය හැක. කලාතුරකින් තෙත් කලාපයේද දුටු බවට වූ වාර්තා හමුවන අතර බොහෝවිට එම පක්ෂීන් ඉන්දියාවේ සිය අභිජනනය කරන ප්‍රදේශ වල සිට මෙරට වියලි කලාපීය ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටියදී දක්නට ලැබූ පක්ෂීන් විය හැක. රංචු වශයෙන් දිවි ගෙවන බ්‍රහ්මණ මයිනන් භූමිය මත සිටින පලගැටියන් වැනි කෘමින් ගොදුරු කරගනී. එසේම පළතුරු සහ ඇතැම් මල් වල පැණිද ආහාරයට ගන්නා මෙම පක්ෂියා රාත්‍රිය ගත කිරීම සඳහා වෙනත් ඇතැම් මයිනන් මෙන්ම පොදු ස්ථානයක් තෝරාගන්නා අතර හවස් යාමයේදී එම ස්ථානය කරා විශාල රංචු ලෙසින් පැමිණේ.
English Post >>
Wednesday, March 13, 2024
සුදු මහ කොකා/මහ සුදු කොකා (Casmerodius alba)
පහත රට වියලි කලාපයේ කුඹුරු, වැව්, ගංගා, කලපු සහ කඩොලාන පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර, කලාතුරකින් කඳුකරයේද හමුවේ. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හෝ පක්ෂීන් කිහිප දෙනෙක් වෙනත් කොකුන් විශේෂද සමග හැසිරෙමින් මාළුන්, ඉස්සන් වැනි ජලජ සතුන් මෙන්ම පොළොව මත සිටින තණකොලපෙත්තන් වැනි කෘමීන්ද ගොදුරු කරගනී. මහ සුදු කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ ජලයට ආසන්නව පිහිටි ගසක කෝටු කෑලි එකතු කර තනන නොගැඹුරු වේදිකාවක් වැනි කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය සිදුකරයි. බොහෝවිට වෙනත් කොකුන්, විශේෂ සහ දියකාවන් විශේෂ සමග සාමූහිකව එකම ගසක හෝ ආසන්න ගස් කිහිපයක මෙම කොකාද කූඩු තැනීම සිදු කරයි.
Sunday, March 10, 2024
Peperomia tetraphylla
An indigenous perennial herb locally common on mossy rocks and trees in montane forests above 1000 m altitudes.
Saturday, March 9, 2024
ගල් වෙරළු (Elaeocarpus glandulifer)
An endemic tree common in lower montane zone from 1000 to 2000 m elevations. Flowering from September to March and fruiting from June to December.
Friday, March 8, 2024
Subscribe to:
Comments (Atom)








