Tuesday, March 19, 2024

බ්‍රාහ්මණ මයිනා (Sturnia pagodarum)

උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ මෙරටට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි. එම මාස වලදී මෙම පක්ෂියා එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් වෙරලට ආසන්න විවෘත බිම්, ලඳු කැලෑ සහිත ප්‍රදේශ වල සහ වගා බිම් වල දැකිය හැක. කලාතුරකින් තෙත් කලාපයේද දුටු බවට වූ වාර්තා හමුවන අතර බොහෝවිට එම පක්ෂීන් ඉන්දියාවේ සිය අභිජනනය කරන ප්‍රදේශ වල සිට මෙරට වියලි කලාපීය ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටියදී දක්නට ලැබූ පක්ෂීන් විය හැක. රංචු වශයෙන් දිවි ගෙවන බ්‍රහ්මණ මයිනන් භූමිය මත සිටින පලගැටියන් වැනි කෘමින් ගොදුරු කරගනී. එසේම පළතුරු සහ ඇතැම් මල් වල පැණිද ආහාරයට ගන්නා මෙම පක්ෂියා රාත්‍රිය ගත කිරීම සඳහා වෙනත් ඇතැම් මයිනන් මෙන්ම පොදු ස්ථානයක් තෝරාගන්නා අතර හවස් යාමයේදී එම ස්ථානය කරා විශාල රංචු ලෙසින් පැමිණේ. 
 
English Post >>

No comments:

Post a Comment