Thursday, March 21, 2024

උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)


උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී මෙරට වගුරු බිම්, තෙත් තණබිම් සහ කුඹුරු වැනි පරිසර පද්ධති වලට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි.  දිවයින පුරාම පාහේ වාර්තා වන මුත් පහත රට ප්‍රදේශ වල වඩාත් සුලභ ලෙස හමුවේ. මෙරට තුල සිටින කාලයේදී ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මුත් බාදා රහිත ප්‍රදේශ වලදී උදෑසන සහ හවසත් ආහාර සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මූලිකව කෘමීන්, කීටයන් සහ බිම් පණුවන් ගොදුරු කරගන්නා උල්පෙඳ කැස්වටුවාගේ දික්  වූ හොටෙහි අග ඉතාමත් සංවේදී වන අතර එම කොටස හොටෙහි අනෙක් කොටස වැසී පවතින විටද පුළුල් ලෙස විවර කිරීමේ හැකියාව ඇත. 

English Post >> 


No comments:

Post a Comment