An indigenous tree common in dry deciduous forests and secondary forests of the moist regions.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Saturday, July 20, 2024
Sunday, July 14, 2024
Date Plum (Chrysophyllum oliviforme)
Thursday, July 11, 2024
වල් පොල්කිච්චා (Copsychus malabaricus)
English Post >>
Wednesday, July 10, 2024
හීන් ගිණිකුරුල්ලා/පුංචි මිණිවිත්තා (Pericrocotus cinnamomeus)
English Post >>
Tuesday, July 9, 2024
ශ්‍රී ලංකා කොට්ටෝරුවා/හීන් කොට්ටෝරුවා (Psilopogon rubricapillus)
පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ගහකොළ සහිත විවෘත බිම්, ගෙවතු සහ වගා බිම් වල සුලභ ආවේනික පක්ෂියෙකි. වියලි කලාපයේද ස්ථානීය වශයෙන් හමුවේ. වෙනත් කොට්ටෝරුවන් මෙන්ම ශ්‍රී ලංකා කොට්ටෝරුවාද ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා අතර, අභිජනන සමය නොවන කාලයේදී බෝ, නුග වැනි පළතුරු හට ගන්නා ගස් වල විසිරුණු රංචු වශයෙන් හමුවේ. එසේ නොවන විට තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු ලෙසින් දැකගත හැක. ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ගසක ආනතාකාර අත්තක පහල පෘෂ්ඨයේ හාරන ලද බෙනයක් තුල බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Monday, July 8, 2024
ගිරාමලිත්තා (Loriculus beryllinus)
Tuesday, June 18, 2024
Tuesday, June 4, 2024
රජ උලු-කැස්වටුවා/මල් කැස්වටුවා (Rostratula benghalensis)
පහත රට ප්‍රදේශ වල සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ වගුරු, කුඹුරු වල හුදෙකලා කොටස් සහ කුඩා පොකුණු ආදියේ දිවි ගෙවන දුර්ලභ, එසේම ඉතාමත් කුලෑටි දේශීය පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් හෝ කළාතුරකින් කුඩා රංචු වශයෙන් දැකිය හැකි මෙම කැස්වටුවා උදෑසන මෙන්ම සවස් කාලයේ බොහෝ රෑබෝ වන තුරුද ක්‍රියාශීලි වේ. මල් කැස්වටුවා ජලජ කෘමීන්, කුඩා බෙල්ලන්, පණුවන් වැනි සතුන් මෙන්ම වී වැනි ධාන්‍ය වර්ගද ආහාරයට ගන්නා අතර, නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ තණකොළ පත්‍ර, පන් වැනිදේ ගොඩ ගසා බොහෝවිට වගුරක කෙලවර හුදකලා වූ තණකොළ පඳුරක් අසල හෝ කුඹුරක නියරක් අසල පොළොව මත තනන කූඩුවක බිත්තර හතරක් දමා අභිජනනය කරයි. අභිජනන ක්‍රියාවලියේදී ගැහැණු පක්ෂියා වඩාත් ක්‍රියාශීලී වන අතර පිරිමි පක්ෂීන් දිනාගැනීම උදෙසා ගැහැණු පක්ෂීන් එකිනෙකා සමග සටන් කිරීමද සිදුවේ. එසේම වෙනත් පක්ෂීන්ගේ මෙන් නොව බිත්තර රැකීම සහ පැටවුන් රැකබලා ගැනීමේ කාර්යය මල් කැස්වටුවන්ගේ පිරිමි සතුන් සිදු කරන අතර, ගැහැණු පක්ෂීන් බහු පුරුෂ සේවනයේද යෙදෙමින් පිරිමි පක්ෂීන් කිහිප දෙනෙකු සමග සංවාසයේ යෙදීමද සිදුකරන බව නිරීක්ෂණය කර ඇත.
English Post >>







