Tuesday, January 17, 2023

හීන් කොහා/කුසළු අනුකොහා (Cacomantis passerinus)

උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන මාසයන්හි මෙරටට සංචාරය කරන පක්ෂියෙකි. එතරම් සුලභ නොවන අතර පහත රට සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වූ ලඳු කැලෑ, විවෘත වන භූමි සහ ගෙවතු වල බොහෝවිට තනි පක්ෂීන් වශයෙන්ද කලාතුරකින් කුඩා රංචු වශයෙන්ද හමුවේ. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවන අතර ඇතැම් පක්ෂීන් සංචාරක පක්ෂීන් මෙරටින් පිටව ගිය පසුවද එම වසරේ ඉතිරි මාස කිහිපය මෙහි ගත කරන බවට නිරීක්ෂණය කර ඇත. කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාර කරගන්නා මෙම කෝකිලයා ගස් අතු අතර, පොළොව මත මෙන්ම ඇතැම් විට ඉගිලෙමින්ද කෘමීන් අල්ලාගනු ලැබේ. මෙරට තුල සිටින කාලයේදී බොහෝවිට නාද නොකරන හීන් කොහා වසරේ ජූලි සිට ඔක්තොබර් දක්වා මාස වල ඉන්දියාවේදී අභිජනනය කරනු ලබයි. වෙනත් බොහෝ කෝකිලයන් මෙන්ම මෙම කොහාද වෙනත් කුරුල්ලන්ගේ කූඩු වල බිත්තර දමන අතර ප්‍රීනියාවන් සහ බට්ටිච්චන්ගේ කූඩු ඒ සඳහා තෝරාගනී. 

English Post >>

No comments:

Post a Comment