තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර අද්දර, හොඳින් ගහකොළ සහිත ප්‍රදේශ සහ වනාන්තර වලට ආසන්න ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ උස් ගස් සහිත වනාන්තර වලද ස්ථානීය වශයෙන් ඇතැම්විට හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් තියුණු හඩක් නගමින් නිතර එකිනෙකා සමග සම්බන්ධතාවය පවත්වාගනිමින්, බොහෝවිට ගස් වල වියන් ස්ථරයේ සැරිසරමින් ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගනිමින් දිවි ගෙවයි. මැයි සිට අගෝස්තු දක්වා කාලයේ ගසක බෙනයක බිත්තර දෙකක් පමණ දමා අභිජනනය කරයි.
English Post >>
Good
ReplyDeletegood
ReplyDeleteමධ්‍යම පළාතේ මහනුවර ප්‍රදේශයේ ඉතා සුලබව දකින්නට සිටි සැළලිහිනියා ගහනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ වැටි ඇත ...ඉවක් බවක් නැති දැව සඳහා ගස් බිම හෙළීම ..සහ රිළා ගහනය වැඩිවීම බලපා තිබේ ...රිලවුන් අතට අසුවන ඕනෑම දෙයක් ගිල දමන අතර කුරුලු බිත්තර ...කුරුලු පැටවුන් ..සහ ලේන පැටවුන් ඒ අතර වේ..ගස් බෙන වලට අත දමා කුරුලු බිත්තර ආහාරයට ගනියි ...රිලා ගහනය සීමා නොකළහොත් විඳින්නට වෙන පරිසර හානි අතිි බලවත්ය ...නුදුරේදීම සැළලිහිණියා වැනිසතුන් ව්ඳවී යාමට ආසන්නය ..බස්සන් වැනි නිශාචර පක්ශීන් අද දකින්නට නොමැත ...ඔවුන් වඳ වී හමාරය
ReplyDelete