Wednesday, August 23, 2023

හීන් මල්කුරුල්ලා/පෙරදිගු සිතැසියා (Zosterops palpebrosa)

තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ  මුහුදු මට්ටමේ සිට මීටර 1800 පමණ උස් මට්ටම් දක්වා වනාන්තර, හොඳින් ගහ කොළන් සහිත ගෙවතු සහ වගා බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. වියලි ඌව කඳුකරයේදී මුහුදු මට්ටමේ සිට මීටර 1800 උස මට්ටම් දක්වා වාර්තා වේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් ගසින් ගසට පියාඹමින් ප්‍රධාන වශයෙන් මල් පැණි බොමින් සහ කෘමීන්, දළඹුවන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගනිමින් ජීවත් වේ. ප්‍රධාන වශයෙන් ගස් මුදුන් වල සැරිසරන මුත් වනාන්තරයේ කුඩා දිය පහරවල වල බැස වතුර නාන ආකාරය නිරීක්ෂණය කල හැක. අප්‍රියෙල් සිට මැයි දක්වා සහ බොහෝවිට නැවතත් සැප්තැම්බර් මාසයේදී අතු කෑලි දෙකක් අතර එල්ලෙන කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි. 

English Post >>

No comments:

Post a Comment