Friday, August 25, 2023

කඳු වැහිළිහිණියා/හෙල් වැහිළිහිණියා (Hirundo domicola)

කඳුකරයේ තෘණ භූමි සහ වගා බිම් වල මෙන්ම ගම් සහ නගර වල විවෘත ස්ථාන වලද සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේදී කඳුකරයේ පාමුල ප්‍රදේශ වලද ඇතැම්විට දැකිය හැක. කුඩා පියාඹන කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා කඳු වැහිළිහිණියා ඔවුන්ගේම කුඩා රංචු ලෙසින් හෝ වෙනත් වැහිළිහිණි විශේෂ සමග පියාඹමින් එම සතුන් ගොදුරු කරගනී. පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ සහ නැවතත් සැප්තැම්බර් මාසයේ බිත්තියක හෝ පාරක ඉවුරේ හෝ වෙනත් එවැනි ස්ථානයක මඩ සහ පිදුරු එකතු කර වටේට පිහාටු යොදා තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

No comments:

Post a Comment