Wednesday, August 16, 2023

කළු කවුඩා (Dicrurus macrocercus)

පහත රට වියලි කලාපයේ  උතුරු සහ වයඹ පලාත් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. උතුරු මැද පළාතේද එතරම් සුලභ නොවන ලෙස හමුවේ. තවද සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වල වරින් වර දිවයිනේ දකුණු ප්‍රදේශ වලින්ද වාර්තා වී තිබේ. කළු කවුඩා විවෘත භූමි, වනාන්තර සහ ලඳු කැලෑ වල බොහෝවිට තනි පක්ෂීන් ලෙසද ඇතැම්විට ජෝඩු වශයෙන්ද හමුවේ. පියාඹන කෘමීන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා වැටක, ගසක අත්තක් මත, දුරකතන හෝ විදුලි රැහැන් මත හෝ වෙනත් එවැනි ස්ථානයක සිට හඹා යමින් එම සතුන් ගොදුරු කර ගනී. වෙනත් කවුඩන් ලෙසින්ම කළු කවුඩාද වෙනත් පක්ෂීන් සහ පූසන් වැනි සතුන්ගේ හඬ අනුකරණය කරයි. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ කුඩා කෝටු කැබලි, කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගෙන කෝප්පයක හැඩයට ගස් දෙබලක, බොහෝවිට හොඳින් නිරාවරණය වූ ස්ථානයක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

No comments:

Post a Comment