Friday, December 15, 2023

ළයබොර මැසිමාරා/ළයදුඹුරු මැසිමාරා (Muscicapa muttui)

 මෙරට තුලට සංක්‍රමණික පක්ෂීන් පැමිණෙන උත්තර අර්ධ ගෝලයට ශීත සෘතුව බලපැවැත්වෙන මාස වලදී එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි පක්ෂියෙකි. තනි පක්ෂීන් වශයෙන් ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල උස් මට්ටම දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ස්ථාන වල දිය පාරවල් ආසන්නයේ හමුවන මුත්, ස්ථානීය වශයෙන් දුර්ලභව පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් වල එවන් පරිසර පද්ධති වලද වාර්තා වේ. ගහක අත්තක් මත සිට පියඹා ගොස් පියාඹන කෘමින් ඩැහැ ගනිමින් නැවත එම ස්ථානයටම හෝ ඒ අසලම ස්ථානයකට ගොස් වසන මෙම පක්ෂියා මෙරට තුල සිටින සම්පූර්ණ කාලයේම බොහෝ විට තෝරාගත් එම ස්ථානයේ නිතර දැකිය හැක.

English Post >>

No comments:

Post a Comment