Tuesday, January 16, 2024

පොදු උකුසුගොයා/කොබෙයි උකුස්සා (Falco tinnunculus)


දිවයින පුරා අතරින් පතර ගහකොළ සහිත විවෘත බිම් වලට උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙන්ම (tinnunculus උප විශේෂය එතරම් සුලභ නොවන ලෙසද, interstinctus උප විශේෂය දුර්ලභවද වාර්තා වේ.) කඳුකරයේ අභිජනනය කරන කුඩා දේශීය ගහණයක් (objurgatus උප විශේෂය) ලෙසින්ද මෙරටින් වාර්තා වේ. විවෘත බිම්, වනාන්තර සහ ලඳු කැලෑ වලද හමුවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කටුස්සන් වැනි උරගයන් සහ පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. එසේම අවස්ථාවක් ලද විට භූමිය මත කූඩු සාදන පක්ෂින්ගේ පැටවුන්ද ගොදුරු කර ගනී. මෙරට තුල අභිජනනය කරන උප විශේෂය මාර්තු සිට ජූනි දක්වා කාලයේ විලෝපිකයන්ට ලගාවිය නොහැකි ප්‍රපාතාකාර බෑවුමක පිහිටි පාෂාණ ගැට්ටක් මත කූඩුවක් නොසාදා බිත්තර දෙකක් හෝ තුනක් තබා අභිජනනය සිදු කරයි. සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල සිටින කාලය තුලදී බොහෝවිට තනි තනි පක්ෂීන් ලෙසින් ඉගිලෙමින්, නිතර එක තැන තටු ගසමින් හෝ උස් ගසක අත්තක් මත වසා අවට නිරීක්ෂණය කරමින් ගොදුරු සොයන ආකාරය දැක ගත හැක. 
 
English Post >>

No comments:

Post a Comment