Rare Ace is a rare and endemic butterfly. Its recent records are only from the higher elevations at Knuckles range and Peak Wilderness Sanctuary. However historical records available from Kalupahana, Ratnapura and Haldummulla-Horton Plains road (Ormiston W., 1924). Rare Ace is more or less similar to Ceylon Ace and some authors believes that both are one and same species while Ceylon Ace found at lower elevations and Rare Ace is restricted to the higher hills or that they are seasonal forms. The only consistent difference of both is the ground color and the ground color of Ceylon Ace is dark brown while Rare Ace is dark purplish brown. The immature stages of both species are also quite similar. Its larva feeds on leaves of Davidsea attenuata.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, June 28, 2020
Saturday, June 27, 2020
Friday, June 26, 2020
Thursday, June 25, 2020
Wednesday, June 24, 2020
Tuesday, June 23, 2020
Elatostema acuminatum
A very rare Critically Endangered indigenous herb occurs in the forests of the lower montane wet zone. H. Trimen has recorded it from Dolosbage (in 1868) and no other specimen available as per Dassanayake M.D. & Clayton W.D, 1999. However recently published Illustrated field guide to the flowers of Sri Lanka Volume 3 by Vlas de J. et.al is illustrated with a photograph of this species.
Monday, June 22, 2020
Friday, June 12, 2020
අළු කොකා/කලපු කොකා (Ardea cinerea)
පහත රට වියලි කලාපයේ වගුරු බිම්, කලපු, වැව්, කඩොලාන සහ මෝයවල් වැනි තෙත් බිම් ආශ්‍රිතව සුලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේද කලාතුරකින් හමුවේ. තනි තනිව මත්ස්‍යයන් ආහාරයට ගන්නා මුත් මත්ස්‍යයන් බහුල ස්ථාන වල රංචු වශයෙන්ද දැකිය හැක.උදෑසන සහ හවස් කාලයේ වඩාත් ක්‍රියාශීලි වේ. කෝටු කැබැලි විශාල ප්‍රමාණයක් එකතු කර නොගැඹුරු ජලයේ වැඩී ඇති ගසක අතු මත බොහෝ විට වෙනත් කොකුන් සහ දියකාවන් වැනි ජලාශ්‍රිත පක්ෂීන්ද සමග විශාල කූඩුවක් සාදා වසරේ දෙසැම්බර් සිට අප්‍රේල් මාස වල අභිජනනයේ යෙදේ.
English Post >>
English Post >>
Sunday, June 7, 2020
කෙටි පෙඳ කුරුමිණිකුරුල්ලා/තඹල හිස් බිඟුහරයා (Merops apiaster)
English Post >>
Monday, June 1, 2020
විල් කුකුලා/කෝරාවා(Gallicrex cinera)
English Post >>
Wednesday, May 27, 2020
බඹර උකුස්සා/සිළු බඹරකුස්සා (Pernis ptilorhynchus)
English Post >>
Sunday, April 26, 2020
නිල් මහගොයා (Ducula aenea)
English Post >>
Wednesday, April 22, 2020
විවරතුඩුවා/බෙල්ලන් කොකා (Anastomus oscitans)
English Post >>
Wednesday, April 15, 2020
පුංචි දියකාවා (Phalacrocorax niger)
පහත රට ජලාශ්‍රිත පරිසර වල ඉතාමත්ම සුලභ පක්ෂියෙකි. වියලි කලාපයේ විශාල රංචු ලෙසින් හමුවන අතර කඳුකරයේ කලාතුරකින් පහත රට ප්‍රදේශ වල සිට සංක්‍රමනය වන පක්ෂීන් දැකිය හැක. ඉතාම හොඳින් ජලයේ පිහිනීමට මෙන්ම කිමිදීමටද හැකියාවක් ඇති අතර මසුන් ඇල්ලීමේදී තරමක කාලයක් ජලය යට රැදී සිටිමින් ජලය තුලට පිවිසුන ස්ථානයේ සිට සැලකිය යුතු දුරකින් නැවත මතුවන පුංචි දියකාවන් නිරීක්ෂණය කල හැක. තෙමුන පියාපත් වේලාගැනීම උදෙසා ජලය තුල පිහිටි මියගිය ගසක අත්තක් මත, ජල මතුපිටින් ඉහලට මතුවූ ගල් කුලක් මත හෝ ගංගාවක ඉවුරේ පිහිටි ස්ථානයක දිගු වේලාවක් නැවති සිටින පුංචි දියකාවන්ද සුලභ දර්ශනයකි. ඔක්තෝබර් මාසයේ පමණ ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග පුංචි දියකාවන්ගේ අභිජනන සමය උදාවී අප්‍රේල් පමණ වනතෙක් වතුර තුල පිහිටි ගස් අතු වල වෙනත් දියකාවන් සහ කොක් විශේෂ සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදෙයි.
English Post >>
English Post >>
Monday, April 13, 2020
රුක් වඩු කුරුල්ලා (Ploceus philippinus)
පහත රට වියලි කලාපයේ පන් ගාල් අතර, කුඹුරු ආශ්‍රිතව සහ වගුරු බිම් වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සීමිත ප්‍රදේශ ආශ්‍රිතව කලාතුරකින් හමුවේ. විශාල රංචු වශයෙන් හමුවන රුක් වඩුකුරුල්ලන් වී, කුරක්කන් ආදී වගා කරන ධාන්‍ය ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. එසේම වෙනත් එවැනි බීජ වර්ග මෙන්ම කෘමීන්ද රුක් වඩු කුරුල්ලාගේ ආහාර අතර වේ. සමූහ වශයෙන් වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර පිරිමි කුරුල්ලා ජලාශ්‍රිතව පිහිටි ගසක දිගු එල්ලා වැටෙන කූඩුවක් තනයි. බොහෝවිට එකම ගසක වඩු කුරුළු කූඩු ගණනාවක් දැකිය හැකි අතර ගැහැණු කිරිල්ලය එහි සුදු පැහැති බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමයි.
English Post >>
English Post >>
Sunday, April 12, 2020
මාල කොබෙයියා (Streptopelia decaocto)
වයඹ දිග වෙරල කලාපයේ සිට උතුර හරහා ඊසාන දිග වෙරල තීරුව දක්වා සීමිත ව්‍යාප්තියක් සහිත දේශීය පක්ෂියෙකි. යුගල වශයෙන් හෝ විසිරුණු රංචු ලෙසින් පොලොව මතු පිට ධාන්‍ය වර්ග සහ තණකොල බීජ ආදිය ආහාරයට ගන්නා මාල කොබෙයියන් විවෘත ප්‍රදේශ සහ ලඳු කැලෑ ආශ්‍රිතව දැකිය හැක. අප්‍රේල් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන මාල කොබෙයියන් වෙනත් පරවියන් ලෙසින්ම කෝටු කැබැලි සහ පරඩැල් වලින් එතරම් ක්‍රමවත් නැති කූඩුවක් කටු පඳුරක හෝ කඩොලාන පඳුරු අතර තනා එහි සුදු පැහැති බිත්තර දෙකක් දමයි.
English post >>
English post >>
Saturday, April 11, 2020
අටු වැහිලිහිණියා (Hirunda rustica)
ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී කෘමීන් ගොදුරු කර ගන්නා අටු වැහිලිහිණියා දවසේ වැඩි කාලයක් පියාඹමින් ගත කරයි. නිතරම 10 සිට 30 දක්වා පමණ හෝ ඊටත් වඩා වැඩි රංචු ලෙසින් හමුවන අටු වැහිලිහිණියන් සමූහ වශයෙන් ටෙලිපෝන් හෝ විදුලි රැහැන් මත වසා සිටිනු දැකිය හැක. මෙරට තුල රැදී සිටින සමයේ රාත්‍රියේදී දහස් ගනන් රංචු ලෙස රත්නපුර වැනි නගර වල විදුලි රැහැන් මත වසා සිටින අටු වැහිලිහිණියන් සුලභ දසුනකි.
English Post >>
English Post >>
Thursday, April 9, 2020
කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)
පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගංගා ආශ්‍රීතව කලාතුරකින් හමුවේ. පළතුරු, කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරය ගන්නා කළු කොණ්ඩයන් නිතරම විවිධ ශබ්ද නගමින් ඝෝෂාකාරී ලෙස වනාන්තර උඩු වියනේ කුඩා රංචු වශයෙන් සැරිසරයි. ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනයේ යෙදෙන මුත් නැවතත් ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේද දෙවෙනි වරටත් අභිජනනයේ යෙදෙන කළු කොණ්ඩයන්ද නිරීක්ෂණය කර ඇත. ගසක අතු දෙබලක කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර දෙකක් දමයි.
English Post >>
English Post >>
Wednesday, April 8, 2020
රතු දෙමලිච්චා (Turdoides rufescens)
මෙරටට ආවේනික පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වල වනාන්තර වල හමුවන පක්ෂියෙකි. පක්ෂීන් 7 -10 හෝ ඊට වැඩි රංචු වශයෙන් ජීවත් වන රතු දෙමලිච්චන් ආහාර සොයා එකම මගක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සමන්විත කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තරයේ යටි වියනේ සහ ගස් වල පහත අතු මතින් ගමන් කරමින් කෘමීන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා රතු දෙමලිච්චන් වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නියැලේ. තද කොළ පැහැති බිත්තර සහ කූඩුව පොදු දෙමලිච්චාගේ කූඩුවට සහ බිත්තර වලට බෙහෙවින් සමාන අතර එය පඳුරු අතර මනාව සැඟවුණ ස්ථානයක ඉදිකරයි.
English Post >>
English Post >>
Subscribe to:
Posts (Atom)