Thursday, April 9, 2020

කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)

පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගංගා ආශ්‍රීතව කලාතුරකින් හමුවේ. පළතුරු, කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරය ගන්නා කළු කොණ්ඩයන් නිතරම විවිධ ශබ්ද නගමින් ඝෝෂාකාරී ලෙස වනාන්තර උඩු වියනේ කුඩා රංචු වශයෙන් සැරිසරයි. ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනයේ යෙදෙන මුත් නැවතත් ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේද දෙවෙනි වරටත් අභිජනනයේ යෙදෙන කළු කොණ්ඩයන්ද නිරීක්ෂණය කර ඇත. ගසක අතු දෙබලක කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර දෙකක් දමයි.

English Post >>

Wednesday, April 8, 2020

රතු දෙමලිච්චා (Turdoides rufescens)

මෙරටට ආවේනික පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වල වනාන්තර වල හමුවන පක්ෂියෙකි. පක්ෂීන් 7 -10 හෝ ඊට වැඩි රංචු වශයෙන් ජීවත් වන රතු දෙමලිච්චන් ආහාර සොයා එකම මගක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සමන්විත කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තරයේ යටි වියනේ සහ ගස් වල පහත අතු මතින් ගමන් කරමින් කෘමීන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා රතු දෙමලිච්චන් වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නියැලේ. තද කොළ පැහැති බිත්තර සහ කූඩුව පොදු දෙමලිච්චාගේ කූඩුවට සහ බිත්තර වලට බෙහෙවින් සමාන අතර එය පඳුරු අතර මනාව සැඟවුණ ස්ථානයක ඉදිකරයි.

English Post >>

Monday, April 6, 2020

පුංචි සුදුකොකා/පුංචි අනු-කොකා(Egretta garzetta)

ඉතාමත් සුලභ ලෙස වගුරු, කුඹුරු, ඇල මාර්ග, කලපු කඩොලාන සහ වැව් ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම ව්‍යාප්තව ඇති අතර ඉහල කඳුකරයේ දුර්ලභය. මත්ස්‍යයන් සහ වෙනත් එවැනි ජලජ ජීවින් ආහාරයට ගන්නා පුංචි සුදුකොකා දෙසැම්බර් සිට මැයි දක්වා අතර කාලයේ අභිජනනයේ නියැලේ. සමූහ වශයෙන් ජලාශ්‍රිත වෙනත් පක්ෂීන් සමග වතුරට ආසන්නයේ පිහිටි ගස් මත කෝටු ගොඩක් එකතු කල වේදිකාවක් බඳු වූ කූඩුවක් තනා එහි බිත්තර 3-4 දමයි.

English Post >> 

Saturday, April 4, 2020

කොණ්ඩ රාජාලියා/පෙරැළි කොණ්ඩකුස්සා(Spizaetus cirrhatus)

පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා (මීටර 1500 පමණ වන තෙක්) විවෘත වනාන්තර වල සහ උස ගස් සහිත හේන් සහ වැව් ආශ්‍රිත ලඳු කැලෑ වන් ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේද හමුවන මුත් එතරම් සුලභ නොවේ. දවසේ වැඩි කාලයක් උස ගසක විවෘත අත්තක් මස සිටිමින් කටුස්සන්, මීයන් සහ කුරුල්ලන් වැනි ගොදුරු කරගන්නා සත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින කොණ්ඩ රාජාලියන් එවන් ගොදුරක් දුටු විට වේගයෙන් ඒ කරා පියාඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක. සාමාන්‍යයෙන් වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මුත් ජූනි - ජුලි මාස වලද අභිජනනයේ යෙදෙන කොණ්ඩ රාජාලියන් දැකිය හැක. සාමාන්‍යයෙන් කඳු බෑවුමක හෝ ගිරිකඳුරක පිහිටි උස ගසක, මීටර 12 සිට 30 පමණ වූ උසක කෝටු කෑලි එක මත එක තබා සාදන විශාල වේදිකාවක් බඳු වූ කූඩුවක බොහෝවිට එක් බිත්තරයක් පමණක් දමයි. කූඩුව සෑදීමේදි පිරිමි සහ ගැහැණු පක්ෂීන් දෙදෙනාම සම්මාදම් වන මුත් බිත්තර රැකීම ගැහැණු පක්ෂියා පමණක් සිදු කරයි.
English Post >>

Thursday, April 2, 2020

ගිණි කුරුල්ලා/දිළි රත් මිනිවිත්තා (Pericrocotus flammeus)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ එවැනි වෙනත් ගස් කොළන් බහුල ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් කඳුකරයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන ගිණි කුරුල්ලන් ගස් අතර පියාඹමින් අතු පතර සිටින දලඹුවන්, පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන ගිණි කුරුල්ලන් ලයිකන, ගස් පොතු වැනිදෑ වලින් බාහිරෙන් මැනවින් සඟවා කෝප්පයක හැඩය සහිත කූඩුවක් කොළ වල මැද නාරටි ආදිය මකුළු දැල් වලින් එකතු කර උඩු වියනේ ගසක අත්තක් මත සාදයි.
English Post >>

Wednesday, April 1, 2020

අලු ප්‍රීනියා/ අලු හම්බුකුරුල්ලා (Prinia socialis brevicauda)

දිවයින පුරා තෘණභූමි, කුඹුරු සහ ලඳු කැලෑ වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් ජීවත් වන අළු හම්බුකුරුල්ලා කුඩා කෘමීන් සහ මකුළුවන් සහ වෙනත් එවන් කුඩා සතුන් ආහාරයට ගනී. අභිජනනය පෙබරවාරි සිට ජූනි දක්වාත්, අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් සිදුවේ.
English Post >>  

Tuesday, March 31, 2020

කරවැල් කොකා (Ardea purpurea )

කරවැල් කොකා පහත රට තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද වගුරු බිම්, කුඹුරු, කඩොලාන සහ කලපු වල මෙන්ම වැව් වලද සුලභව හමුවන පක්ෂියෙකි. මත්ස්‍යයන්, ගෙම්බන් මෙන්ම කෘමීන්ද ආහාරයට ගන්නා කරවැල් කොකා දිවා කාලයේදී විශේෂයෙන් උදෑසන සහ හවස බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් පන් ගස් අතර සැඟවෙමින් ගොදුරු සොයමින් යන ආකාරය නිරීක්ෂණය කල හැක. වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේත් නැවත මැයි සිට ජූනි දක්වාත් අභිජනනයේ යෙදෙන කරවැල් කොකුන් බොහෝවිට වෙනත් කොකුන් සහ දියකාවන්ගේද කූඩු සහිත වතුරින් වටවූ ස්ථානයක පිහිටි එතරම් උස නොවූ ගසක් මත කෝටු කෑලි ගොඩක් ලෙස දිස්වන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් දමයි.

English Post >>

Monday, March 30, 2020

ගෝනා (Cervus unicolor)

මෙරටදී හමුවන මුව පවුලේ විශාලතම සාමාජිකයා වන ගෝනා දිවයින පුරා තරමක විශාලත්වයෙන් යුතු වනාන්තර හෝ තෘණ භූමි ඉතිරි වී ඇති ප්‍රදේශ වල හමුවේ. එහෙත් නීතිවිරෝධී දඩයම් කිරීම් හේතුවෙන් අද වන විට ආරක්ෂිත වනෝද්‍යාන වලට පමණක් සීමා වූ සත්වයෙක් බවට පත් වී ඇත. විශාල ප්‍රමාණයේ රංචු වශයෙන් අද වන විට ගෝනුන් හමුවන්නේ මහඑලිය හෙවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානයෙන් පමණි.
මිනිසා හැරුන විට ගෝනාට සිටින ප්‍රධානතම ස්වභාවික සතුරා කොටියාය, එහෙත් කිඹුලන්, පිඹුරන් සහ නරියන් ගෝන පැටව් ඇතැම් අවස්තා වලදී ගොදුරු කරගනී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ හැසිරෙනගෝනුන් විවිධ තෘණ වර්ග, මෙන්ම ගස් වල කොළ වර්ග සහ රිකිලිද ආහාරයට ගනී  (නමුත් හොර්ටන්තැන්න වනෝද්‍යානයේදී උදැසන සහ හවස් කාලයේ ක්‍රියාකාරි වන ගෝන රංචු දැකිය හැක)

හොර්ටන්තැන්න වනෝද්‍යානයේ ගෝනුන් පිළිබඳව වූ විඩියෝව නැරඹීමට >>
English Post >>

Sunday, March 29, 2020

Common Garden Birds of Sri Lanka - Part 1



Read more on birds in this video 
Oriental Magpie Robin >> 
Long-Billed Sunbird/Loten’s Sunbird >>
House Sparrow >>
Spotted dove >>
Red-vented Bulbul >> 

Saturday, March 28, 2020

කහ පණුකුරුල්ලා/පොදු අයෝරාවා(Aegithina tiphia)

සුලභ දේශීය පක්ෂියෙකු වන කහ පණුකුරුල්ලා හෙවත් පොදු අයෝරාවා පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1000 දක්වා පමණ වූ පහල කඳුකරය දක්වා ගෙවතු, බඩවැටි සහ වනාන්තර මායිම් වල හමුවේ. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. යුගල වශයෙන් ජීවත් වන කහ පණුකුරුල්ලන් ගස් වල අතු පතර හමුවන කෘමීන් විශේෂයෙන් දලඹුවන් ආහාරයට ගනී. ආහාර සොයමින් ගස් අතර සැරිසැරීමේදි එකිනෙකා අතර විවිධ ආකාරයේ සියුරු සන් ශබ්ද නිකුත් කරමින් සබදතාවය පවත්වා ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. අප්‍රේල් සිට ජූනි දක්වා කාලයේ ගසක අත්තක් මත කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගනිමින් සෑදූ කෝප්පයක හැඩැති කුඩා කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Thursday, March 26, 2020

නිල් පණුකුරුල්ලා/විල්ලුද යටිකූරිත්තා(Sitta frontalis)

වනාන්තර සහ ඒ ආශ්‍රිත ගෙවතු වල තරමක් දුර්ලභ ලෙස දිවයින පුරාම පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ ගංගා ආශ්‍රිතවද ප්‍රධාන වශයෙන් හමුවන අතර කඳුකරයේ සුලභව දැකිය හැක. ඉතාමත් ක්‍රියාශීලි පක්ෂියෙකු වන නිල් පණුකුරුල්ලා ගස් වල කඳන් මත සහ අතු අතර ඉහලට මෙන්ම පහලටද දුවමින් ගසේ පොත්ත ඇතුලත සැඟවී සිටින කෘමීන් ආහාරයට ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. ජෝඩු වශයෙන් හැසිරෙන නිල් පණුකුරුල්ලා වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නිරත වේ. ගසක පිහිටි ස්වභාවික කුහරයක හෝ කොට්ටෝරුවන් විසින් සාදා අතහැර දමන ලද බෙනයක හෝ බිත්තර 3-4 පමණ දමයි.
English Post >>

Wednesday, March 25, 2020

අළුහිස් කහ මැසිමාරා/හිස අළු මැසිමාරා (Culicicapa ceylonensis)

කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා  වනාන්තරවල සහ ගස් කොළන් බහුල එවන් ස්ථාන වල එතරම් සුලභ නොවූවත් නිතර දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පියාඹන කෘමීන් ආහාරයට ගන්නා අළුහිස් කහ මැසිමාරාවන් ජොඩු වශයෙන් හමුවේ. තවද ආහාර සොයා එකම මාර්ගයක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සැදුම් ලත් කුරුළු නඩ සමගද ගමන් කරනු ලැබේ. පෙබරවාරි සිට  මාර්තු දක්වා කාලයේ පෙඳ පාසි සහ කෙඳි ආදිය ආශ්‍රයෙන් මකුළු දැල් යොදා අලවා, ගස් කඳක් මත,  ගල් පර්වතයක පැත්තක හෝ පාසි සහිත පස් කණ්ඩියක වූ කුහරයක සාදන කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ.
Englis Post >>

Tuesday, March 24, 2020

මහඑලිය පඳුරු මැඩියා[Mahaeliya Panduru Madiya]/Horton Plains Shrub Frog (Pseudophilautus alto)

An endemic shrub frog found only in the higher hills from 1850 to 2300 m elevations. It is recorded from forest borders of Horton Plains National Park, Ambewela and Pattipola. It can be observed on leaf litter of the forest floor, moss and fern covered rocks and among Strobilanthus roots and other moss covered roots of large trees. Horton Plains Shrub Frog is active during both the day and night. 

Monday, March 23, 2020

Sarcococca coriacea [Syn: Sarcococca brevifolia]

An indigenous shrub or small tree found in margins of mist forests and undergrowth of secondary montane forests from 2000 to 2500 m elevations. It is found only in the Horton Plains National Park (Nowhere else in the Sri Lanka) and the southern region of the Western Ghats of India

Sunday, March 22, 2020

හාතාවාරිය[Hatawariya]/Satavar (Asparagus racemosus)

An indigenous rambling and scandent shrub common in the dry lowlands, mid-country and in the montaze zone. Flowering from February to June and November.

Saturday, March 21, 2020

Crotalaria walkeri

An indigenous woody herb common in the montane zone especially at higher elevations. 

Wednesday, March 18, 2020

අඳුරු නිල් මැසිමාරා/අනු මැසිමාරා (Eumyias sordidus)

කඳුකරයේ වනාන්තර, ගෙවතු, වගා බිම් වල සහ කලාතුරකින් පහතරට ඇතැම් තෙත් ප්‍රදේශ වලද දැකිය හැකි මෙරටට ආවේනික පක්ෂියෙකි අඳුරු නිල් මැසිමාරා හෙවත් අනු මැසිමාරා. එබඳු ප්‍රදේශ වල සුලභව හමුවේ. බොහෝවිට අඳුරු ගස් අතු අතර සිටිමින් ඉගිලෙන කෘමීන් ගුවනේදී අල්වාගනී. ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කර ගත්තද කුඩා ගෙඩි වර්ගද අඳුරු නිල් මැසිමාරාගේ ආහාරයට ඇතුලත්ය. වසරේ මාර්තු, අප්‍රේල් මාස වල හා අගෝස්තු - සැප්තැම්බර් කාලයේ ගස් බෙනයක හෝ මාර්ගයක් අසබඩ කණ්ඩියක දියසෙවෙල්, මීවන මුල් සහ කෙඳි වර්ග උපයෝගි කරගනිමින් සාදන කූඩුවක බිත්තර 2 ක් හෝ කලාතුරකින් 3 ක් දමා අභිජනනයේ යෙදෙයි.
English  Post >>

ඇල්බැද්ද[Elbedda] (Meliosma simplicifolia pungens)

An indigenous tree common in hill forests from about 1600 m to about 2200 m elevations (Variety pungens). Variety simplicifolia grows from 300 to 900 m elevations in primary and secondary moist evergreen forests of central and southern provinces.

Tuesday, March 17, 2020

Sikkim Knotweed (Koenigia mollis [Syn: Polygonum molle])

An introduced shrub native to India and Nepal. Possibly escaped from cultivation and naturalized along roadsides in the montane region.

* Also considers as a native plant of Sri Lanka as well >>