Wednesday, June 24, 2020

වනහලු[Wanahalu]/Wild Tea (Eurya acuminata)

An indigenous shrub or small tree common along edges of montane forests in wet zone from 610 to 1830 m elevations Flowering and fruiting from February to November. 

Tuesday, June 23, 2020

Elatostema acuminatum

A very rare Critically Endangered indigenous herb occurs in the forests of the lower montane wet zone. H. Trimen has recorded it from Dolosbage (in 1868) and no other specimen available as per Dassanayake M.D. & Clayton W.D, 1999. However recently published Illustrated field guide to the flowers of Sri Lanka Volume 3 by Vlas de J. et.al is illustrated with a photograph of this species.

Monday, June 22, 2020

Syzygium oliganthum

An endemic small tree common along the length of Peak Wilderness Sanctuary and Ambagamuwa from 1500 to 2000 m elevations. 

Friday, June 12, 2020

අළු කොකා/කලපු කොකා (Ardea cinerea)

පහත රට වියලි කලාපයේ වගුරු බිම්, කලපු, වැව්, කඩොලාන සහ මෝයවල් වැනි තෙත් බිම් ආශ්‍රිතව සුලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේද කලාතුරකින් හමුවේ. තනි තනිව මත්ස්‍යයන් ආහාරයට ගන්නා මුත් මත්ස්‍යයන් බහුල ස්ථාන වල රංචු වශයෙන්ද දැකිය හැක.උදෑසන සහ හවස් කාලයේ වඩාත් ක්‍රියාශීලි වේ. කෝටු කැබැලි විශාල ප්‍රමාණයක් එකතු කර නොගැඹුරු ජලයේ වැඩී ඇති ගසක අතු මත බොහෝ විට වෙනත් කොකුන් සහ දියකාවන් වැනි ජලාශ්‍රිත පක්ෂීන්ද සමග විශාල කූඩුවක් සාදා වසරේ දෙසැම්බර් සිට අප්‍රේල් මාස වල අභිජනනයේ යෙදේ.
English Post >>

Sunday, June 7, 2020

කෙටි පෙඳ කුරුමිණිකුරුල්ලා/තඹල හිස් බිඟුහරයා (Merops apiaster)

සීමිත ප්‍රදේශ වල පමණක් දැකිය හැකි තරමක් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. පහත රට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර සහ ගස් සහිත විවෘත ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන තඹල හිස් බිඟුහරයා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමි සතුන් ආහාරයට ගනී. පස් කණ්ඩියක ඇතුලට ගුලක් හාරා එහි කෙලවර විශාල කුටීරයක් තනා ඒ තුල බිත්තර තුනක් හෝ හතරක් දමා  මාර්තු  සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.
English Post >>

Monday, June 1, 2020

විල් කුකුලා/කෝරාවා(Gallicrex cinera)

තරමක් දුර්ලභ දේශිය පක්ෂියෙකු වන විල් කුකුලා වගුරු බිම් සහ පන් ගාල් වල මෙන්ම ඇතැම් විට කුඹුරු ආශ්‍රීතවද පහත රට ප්‍රදේශ වල දිවයින පුරාම පාහේ  හමුවේ. බොහෝ දුරට රාත්‍රියේදී ක්‍රියාකාරි වන පක්ෂියෙකු බැවින් සහ පන් ගාල් අතර සැගවී ගමන් කරන බැවින් පහසුවෙන් දැකීමට හැකි පක්ෂියෙකු නොවේ. විවිධ ධාන්‍ය වර්ග ගොයම් කොල, සහ ගස් වල රිකිලි ආදිය ප්‍රධාන වශයෙන් අහාර කර ගන්නා මුත් කෘමීන් සහ බෙල්ලන්ද ගොදුරු කර ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත. නිරිත දිග මෝසම් වැසි ලැබෙන ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ ඝනව ගස් කොලන් වැවුන ස්ථානයක වල් පැලෑටි රැසක් එකතු කර සාදන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>

Wednesday, May 27, 2020

බඹර උකුස්සා/සිළු බඹරකුස්සා (Pernis ptilorhynchus)

තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වන බඹර උකුස්සා දිවයින පුරාම පාහේ දැකිය හැකි පක්ෂියෙකි. දේශීය පක්ෂීන්ට අමතරව සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන නොවැම්බර සිට අප්‍රේල් දක්වා මාස වල විදේශයන්හි සිට මෙරටට පැමිණෙන බඹර උකුස්සන්ද සිටින බව හඳුනාගෙන ඇත. බොහෝවිට මෙරටදී දැකිය හැකි බහුතරයක් පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් බවට විශ්වාස කෙරේ. මෙරට තුල අභිජනනය සඳහා බඹර උකුස්සන් කූඩු හදන අවස්ථා සුළු ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, කූඩු සෑදීම උදෙසා අමුද්‍රව්‍ය රැස් කරන පක්ෂීන් මෙන්ම කුඩා පැටවුන්ද නිරීක්ෂණය කර ඇත. එපමණක් නොව පූර්ව සංවාස හැසිරිම් වල යෙදෙන සහ සංවාසයේ යෙදෙන බඹර උකුස්සන් ජෝඩු ද දුටු බවට වූ වාර්තා ඇත. ප්‍රධාන වශයෙන් වනාන්තර වල සැරිසරන පක්ෂියෙකු වන අතර කලාතුරකින් විවෘත ප්‍රදේශ වලද හමුවේ. ප්‍රධාන වශයෙන් මීමැස්සන්ගේ සහ බඹරුන්ගේ වද සහ ඒවායේ සිටින පිළවුන් ආහාරයට ගන්නා බඹර උකුස්සන් ඊට අමතරව විවිධ කෘමීන්, කටුස්සන් සහ කුඩා ක්ෂීරපායීන්ද ගොදුරු කර ගනී. ඉන්දියන් වාර්තා වලට අනුව බඹර උකුස්සන් කෝටු කෑලි, රිකිලි සහ කොල උපයෝගි කරගනිමින් වනාන්තරයේ ගසක් මත හදන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>

Sunday, April 26, 2020

නිල් මහගොයා (Ducula aenea)

දේශීය පක්ෂියෙකු වන නිල් මහගොයා මෙරට තුල හමුවන පරවි කුලයේ විශාලතම සාමාජිකයාද වේ. පහතරට සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම වූ වනාන්තර සිය වාසභූමිය කරගන්නා නිල් මහාගොයා නිතර වනාන්තරයේ උඩු වියනේ ගස්  මත දැකිය හැක. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන අතර විශේෂයෙන්ම පළතුරු හටගන්නා කාලයේ රංචු ලෙස එම ගස් මත දැකගත හැක. උදෑසන සහ සවස් කාලයේ වඩාත් ක්‍රියාකාරී වන අතර ප්‍රධාන වශයෙන් පළතුරු ආහාර කර ගනී. දිය කඩිති වල රැදී ඇති ජලය පානය කිරීමට පමණක් බිමට බසින නිල් මහගොයන් අන් අවස්ථා වල තුරු මත පමණක් සිටින පක්ෂියෙකි. දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කුඩා ගසක් මත කොටු කැබැලි වලින් කූඩුවක් සාදා එක් බිත්තරයක් පමණක් දමා අභිජනනයේ යෙදෙයි.

English Post >>

Wednesday, April 22, 2020

විවරතුඩුවා/බෙල්ලන් කොකා (Anastomus oscitans)

හොටේ උඩු සහ යටි කොටස් එකට තබා ගත් විටද මැදින් විවරයක් දක්නට ලැබෙන හෙයින් විවරතුඩුවා ලෙසින් හැඳින්වෙන මෙම දේශීය පක්ෂියා මෙරට දැකිය හැකි ප්‍රමාණයෙන් විශාල කොකුන් අයත් වන පවුලේ (Storks) කුඩාම සාමාජිකයාය. වගුරු බිම්, වැව්, කුඹුරු සහ කලපු ආශ්‍රිතව සුලභ ලෙසින් හමුවන අතර පහත රට වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. තනිව, කුඩා රංචු වශයෙන් මෙන්ම ඇතැම් විට විශාල රංචු ලෙසින්ද හමුවන විවරතුඩුවන් මෑත කාලයේ තෙත් කලාපයේ විශේෂයෙන් කොළඹ අවට, මුතුරාජවෙල, බෙල්ලන්විල වැනි වගුරු බිම් සහ බස්නාහිර පලාතේ කුඹුරු ආශ්‍රිතවද සුලභව දක්නට ලැබෙන පක්ෂියෙකු බවට පත්වී ඇත. ප්‍රධාන වශයෙන් බෙල්ලන් ආහාරයට ගන්නා මුත්  ගෙම්බන්, කකුළුවන් , මත්ස්‍යයන් මෙන්ම වගුරු බිම් ආශ්‍රිතව හමුවන වෙනත් එවැනි කුඩා සතුන්ද ගොදුරු කර ගනී. මෙම කොකාගේ සුවිශේෂ හොට බෙල්ලන්ගේ ඝන කටුව තුලින් මාංශමය ජීවියා එලියට ඇද ගැනීම සදහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ. එසේම  මෙම වීවරතුඩුවන් දෙපියන් බෙල්ලන් ජලයෙන් ගොඩ බිමට ගෙනවුත් තබා සූර්ය රශ්මිය හේතුවෙන් පියන් විවර වූ විට ඒ තුල සැගවී සිටින බෙල්ලා ආහාර කර ගන්නා අයුරු නිරීක්ෂණය කර ඇත. අවුව සහිත දිනවල සංවහන ධාරා සමග අහසේ ඉතා ඉහලට නැගී සිටින මෙම කොකුන් රංචු දැක ගත හැක. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන විවරතුඩුවන් ජලයට ආසන්නව පිහිටි ගස් මත ඇතැම්විට සියගණනකින් යුත් වෙනත් කොකුන් වර්ගද සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදේ.

English Post >>

Wednesday, April 15, 2020

පුංචි දියකාවා (Phalacrocorax niger)

පහත රට ජලාශ්‍රිත පරිසර වල ඉතාමත්ම සුලභ පක්ෂියෙකි. වියලි කලාපයේ විශාල රංචු ලෙසින් හමුවන අතර කඳුකරයේ කලාතුරකින් පහත රට ප්‍රදේශ වල සිට සංක්‍රමනය වන පක්ෂීන් දැකිය හැක. ඉතාම හොඳින් ජලයේ පිහිනීමට මෙන්ම කිමිදීමටද හැකියාවක් ඇති අතර මසුන් ඇල්ලීමේදී තරමක කාලයක් ජලය යට රැදී සිටිමින් ජලය තුලට පිවිසුන ස්ථානයේ සිට සැලකිය යුතු දුරකින් නැවත මතුවන පුංචි දියකාවන් නිරීක්ෂණය කල හැක. තෙමුන පියාපත් වේලාගැනීම උදෙසා ජලය තුල පිහිටි මියගිය ගසක අත්තක් මත, ජල මතුපිටින් ඉහලට මතුවූ ගල් කුලක් මත හෝ ගංගාවක ඉවුරේ පිහිටි ස්ථානයක දිගු වේලාවක් නැවති සිටින පුංචි දියකාවන්ද සුලභ දර්ශනයකි. ඔක්තෝබර් මාසයේ පමණ ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග පුංචි දියකාවන්ගේ අභිජනන සමය උදාවී අප්‍රේල් පමණ වනතෙක් වතුර තුල පිහිටි ගස් අතු වල වෙනත් දියකාවන් සහ කොක් විශේෂ සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදෙයි.

English Post >>

Monday, April 13, 2020

රුක් වඩු කුරුල්ලා (Ploceus philippinus)

පහත රට වියලි කලාපයේ පන් ගාල් අතර, කුඹුරු ආශ්‍රිතව සහ වගුරු බිම් වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සීමිත ප්‍රදේශ ආශ්‍රිතව කලාතුරකින් හමුවේ. විශාල රංචු වශයෙන් හමුවන රුක් වඩුකුරුල්ලන් වී, කුරක්කන් ආදී වගා කරන ධාන්‍ය ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. එසේම වෙනත් එවැනි බීජ වර්ග මෙන්ම කෘමීන්ද රුක් වඩු කුරුල්ලාගේ ආහාර අතර වේ. සමූහ වශයෙන් වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර පිරිමි කුරුල්ලා ජලාශ්‍රිතව පිහිටි ගසක දිගු එල්ලා වැටෙන කූඩුවක් තනයි. බොහෝවිට එකම ගසක වඩු කුරුළු කූඩු ගණනාවක් දැකිය හැකි අතර ගැහැණු කිරිල්ලය එහි සුදු පැහැති බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමයි.

English Post >>

Sunday, April 12, 2020

මාල කොබෙයියා (Streptopelia decaocto)

වයඹ දිග වෙරල කලාපයේ සිට උතුර හරහා ඊසාන දිග වෙරල තීරුව දක්වා සීමිත ව්‍යාප්තියක් සහිත දේශීය පක්ෂියෙකි. යුගල වශයෙන් හෝ විසිරුණු රංචු ලෙසින් පොලොව මතු පිට ධාන්‍ය වර්ග සහ තණකොල බීජ ආදිය ආහාරයට ගන්නා මාල කොබෙයියන් විවෘත ප්‍රදේශ සහ ලඳු කැලෑ ආශ්‍රිතව දැකිය හැක. අප්‍රේල් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන මාල කොබෙයියන් වෙනත් පරවියන් ලෙසින්ම කෝටු කැබැලි සහ පරඩැල් වලින් එතරම් ක්‍රමවත් නැති කූඩුවක් කටු පඳුරක හෝ කඩොලාන පඳුරු අතර තනා එහි සුදු පැහැති බිත්තර දෙකක් දමයි.

English post >>

Saturday, April 11, 2020

අටු වැහිලිහිණියා (Hirunda rustica)

ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී කෘමීන් ගොදුරු කර ගන්නා අටු වැහිලිහිණියා දවසේ වැඩි කාලයක් පියාඹමින් ගත කරයි. නිතරම 10 සිට 30 දක්වා පමණ හෝ ඊටත් වඩා වැඩි රංචු ලෙසින් හමුවන අටු වැහිලිහිණියන් සමූහ වශයෙන් ටෙලිපෝන් හෝ විදුලි රැහැන් මත වසා සිටිනු දැකිය හැක. මෙරට තුල රැදී සිටින සමයේ රාත්‍රියේදී දහස් ගනන් රංචු ලෙස රත්නපුර වැනි නගර වල විදුලි රැහැන් මත වසා සිටින අටු වැහිලිහිණියන් සුලභ දසුනකි.

English Post >>

Thursday, April 9, 2020

කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)

පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගංගා ආශ්‍රීතව කලාතුරකින් හමුවේ. පළතුරු, කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරය ගන්නා කළු කොණ්ඩයන් නිතරම විවිධ ශබ්ද නගමින් ඝෝෂාකාරී ලෙස වනාන්තර උඩු වියනේ කුඩා රංචු වශයෙන් සැරිසරයි. ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනයේ යෙදෙන මුත් නැවතත් ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේද දෙවෙනි වරටත් අභිජනනයේ යෙදෙන කළු කොණ්ඩයන්ද නිරීක්ෂණය කර ඇත. ගසක අතු දෙබලක කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර දෙකක් දමයි.

English Post >>

Wednesday, April 8, 2020

රතු දෙමලිච්චා (Turdoides rufescens)

මෙරටට ආවේනික පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වල වනාන්තර වල හමුවන පක්ෂියෙකි. පක්ෂීන් 7 -10 හෝ ඊට වැඩි රංචු වශයෙන් ජීවත් වන රතු දෙමලිච්චන් ආහාර සොයා එකම මගක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සමන්විත කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තරයේ යටි වියනේ සහ ගස් වල පහත අතු මතින් ගමන් කරමින් කෘමීන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා රතු දෙමලිච්චන් වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නියැලේ. තද කොළ පැහැති බිත්තර සහ කූඩුව පොදු දෙමලිච්චාගේ කූඩුවට සහ බිත්තර වලට බෙහෙවින් සමාන අතර එය පඳුරු අතර මනාව සැඟවුණ ස්ථානයක ඉදිකරයි.

English Post >>

Monday, April 6, 2020

පුංචි සුදුකොකා/පුංචි අනු-කොකා(Egretta garzetta)

ඉතාමත් සුලභ ලෙස වගුරු, කුඹුරු, ඇල මාර්ග, කලපු කඩොලාන සහ වැව් ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම ව්‍යාප්තව ඇති අතර ඉහල කඳුකරයේ දුර්ලභය. මත්ස්‍යයන් සහ වෙනත් එවැනි ජලජ ජීවින් ආහාරයට ගන්නා පුංචි සුදුකොකා දෙසැම්බර් සිට මැයි දක්වා අතර කාලයේ අභිජනනයේ නියැලේ. සමූහ වශයෙන් ජලාශ්‍රිත වෙනත් පක්ෂීන් සමග වතුරට ආසන්නයේ පිහිටි ගස් මත කෝටු ගොඩක් එකතු කල වේදිකාවක් බඳු වූ කූඩුවක් තනා එහි බිත්තර 3-4 දමයි.

English Post >> 

Saturday, April 4, 2020

කොණ්ඩ රාජාලියා/පෙරැළි කොණ්ඩකුස්සා(Spizaetus cirrhatus)

පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා (මීටර 1500 පමණ වන තෙක්) විවෘත වනාන්තර වල සහ උස ගස් සහිත හේන් සහ වැව් ආශ්‍රිත ලඳු කැලෑ වන් ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේද හමුවන මුත් එතරම් සුලභ නොවේ. දවසේ වැඩි කාලයක් උස ගසක විවෘත අත්තක් මස සිටිමින් කටුස්සන්, මීයන් සහ කුරුල්ලන් වැනි ගොදුරු කරගන්නා සත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින කොණ්ඩ රාජාලියන් එවන් ගොදුරක් දුටු විට වේගයෙන් ඒ කරා පියාඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක. සාමාන්‍යයෙන් වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මුත් ජූනි - ජුලි මාස වලද අභිජනනයේ යෙදෙන කොණ්ඩ රාජාලියන් දැකිය හැක. සාමාන්‍යයෙන් කඳු බෑවුමක හෝ ගිරිකඳුරක පිහිටි උස ගසක, මීටර 12 සිට 30 පමණ වූ උසක කෝටු කෑලි එක මත එක තබා සාදන විශාල වේදිකාවක් බඳු වූ කූඩුවක බොහෝවිට එක් බිත්තරයක් පමණක් දමයි. කූඩුව සෑදීමේදි පිරිමි සහ ගැහැණු පක්ෂීන් දෙදෙනාම සම්මාදම් වන මුත් බිත්තර රැකීම ගැහැණු පක්ෂියා පමණක් සිදු කරයි.
English Post >>

Thursday, April 2, 2020

ගිණි කුරුල්ලා/දිළි රත් මිනිවිත්තා (Pericrocotus flammeus)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ එවැනි වෙනත් ගස් කොළන් බහුල ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් කඳුකරයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන ගිණි කුරුල්ලන් ගස් අතර පියාඹමින් අතු පතර සිටින දලඹුවන්, පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන ගිණි කුරුල්ලන් ලයිකන, ගස් පොතු වැනිදෑ වලින් බාහිරෙන් මැනවින් සඟවා කෝප්පයක හැඩය සහිත කූඩුවක් කොළ වල මැද නාරටි ආදිය මකුළු දැල් වලින් එකතු කර උඩු වියනේ ගසක අත්තක් මත සාදයි.
English Post >>

Wednesday, April 1, 2020

අලු ප්‍රීනියා/ අලු හම්බුකුරුල්ලා (Prinia socialis brevicauda)

දිවයින පුරා තෘණභූමි, කුඹුරු සහ ලඳු කැලෑ වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් ජීවත් වන අළු හම්බුකුරුල්ලා කුඩා කෘමීන් සහ මකුළුවන් සහ වෙනත් එවන් කුඩා සතුන් ආහාරයට ගනී. අභිජනනය පෙබරවාරි සිට ජූනි දක්වාත්, අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් සිදුවේ.
English Post >>