Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, April 14, 2024
ලාවුළු (Donella lanceolata [Syn: Chrysophyllum roxburghii])
An indigenous common tree of primary and secondary wet evergreen forests from 30 to 900 m elevations, often by river banks.
Saturday, April 13, 2024
Sri Lanka Warbler/කඳු හම්බූ කුරුල්ලා/ශ්‍රී ලංකා වනරැවියා [Kandu Hambu Kurulla/Sri Lanka Wanaraviya] (Elaphrornis palliseri)
An endemic bird inhabiting dense forest undergrowth and sometimes in adjoining tea estates from mid hills to higher hills, while local and rather uncommon in the higher hills and rare in mid hills. It is territorial and lives as pairs. Sri Lanka Warbler feeds on small insects like crickets by skulking low among bushes of the undergrowth, while flying seldom only when needed to move from one patch of undergrowth to another. It breeds from February to May and again in September by building a large nest (Comparatively to its size) with a deep cup by moss, grass, bamboo leaves etc. and lines with fine fibres. The nest usually place in a dense shrub, about two or three feet from the ground where it lays two eggs.
Friday, April 12, 2024
Stellaria pauciflora
An indigenous annual herb rare in shaded, moist places in lower montane zone from 915 to 1220 m elevations. Flowering in April.
Thursday, April 11, 2024
දඬු ලේනා (Ratufa macroura)
උප විශේෂ තුනක් ලෙසින් සුදුසු පරිසර තත්වයන් ඇති ප්‍රදේශ වල දිවයින පුරාම පාහේ ව්‍යාප්තියක් දක්වන ක්ෂීරපායී සත්වයෙකි දඬු ලේනා. වනාන්තර හෝ වනාන්තර මායිම් වල පිහිටි ගස් කොළන් සහිත ගම්මාන වල දැකිය හැකි දඬු ලේනා ගස් මත සැරිසරන දිවා කාලයේ ක්‍රියාකාරී වන සත්වයෙකි. ගස් වල කොළ, පොතු, දළු මෙන්ම පළතුරු සහ වෙනත් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා මෙම සත්වයා එයට අමතරව ඇතැම් විට කෘමීන්, පිළවුන් මෙන්ම පක්ෂි බිත්තරද ගොදුරු කරගනී. තනි සත්වයෙකු හෝ ජෝඩුවක් විසින් වෙන් කරගන්නා වපසරියක උස ගස් වල අතු පතර කුඩා අතු සහ කෝටු කැබලි උපයෝගි කරගනිමින් කූඩු තුනක් හතරක් පමණ තනන දඬු ලේනා එම කූඩු පැටවුන් බිහිකිරීම උදෙසා මෙන්ම රාත්‍රියේදී නිදාගැනිම උදෙසාද භාවිතා කරයි.
English Post >>
Wednesday, April 10, 2024
Streak-throated Woodpecker/ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා [La Kola Kerala/Irigela Kerala] (Picus xanthopygaeus)
Rather rare breeding resident of open woodlands, home gardens and plantations like tea estates in dry southern and eastern hills down to eastern foothills and near by dry lowlands. It lives as solitary birds or as pairs. The breeding season of Streak-throated Woodpecker appears to be during the south-west monsoon from April to September and it lays three eggs in a nest, a hole cut in the trunk or a branch of a tree.
සිංහලෙන් කියවන්න >>
Tuesday, April 9, 2024
අරංගයා (Myophonus blighi)
මෙරටට ආවේනික දුර්ලභ එසේම ඉතාම කුලෑටි පක්ෂියෙකි. කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා ඝන වනාන්තර සහ වගා බිම් වල යටි රෝපනයේ වේගයෙන් ගලායන දිය කඳුරු සහ පොකුණු ආශ්‍රිතව ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම පක්ෂියා උදෑසන සහ සන්ධ්‍යා කාලයේ ක්‍රියාකාරී වේ. අරංගයා ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කරගන්නා අතර එයට අමතරව ගෙම්බන්, හූනන් සහ වෙනත් එවැනි කුඩා සතුන් ආහාරයට ගනී. ජනවාරි සිට මැයි දක්වා කාලයේ ගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක් කොළ පැහැති පාසි, කෝටු කැබැලි, වියලි කොළ ආදිය සිහින් මුල් සහ කෙඳි ආදියෙන් එකතු කර තනා එහි බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනය සිදුකරයි. කූඩුව බොහෝවිට වේගයෙන් ගලා යන ජල පහරක හෝ දිය ඇල්ලක පිහිටි ශිලා ගැට්ටක හෝ කුහරයක් තුල තනන මුත් ඇතැම් අවස්ථා වලදී ගසක දෙබලක් තුල හෝ වනාන්තරය තුල හෝ වනාන්තර මායිමක පිහිටි කණුවක තනන අවස්ථාද හමුවේ.
English Post >>
Monday, April 8, 2024
Clinopodium umbrosum
An indigenous herb fairly common in wet patanas, along borders of marshy lands and slopes of tea plantations close to water courses of the wet up country from 2000 to 3600 m elevations. Flowering all the year round.
Flower Size: 0.4 - 0.6 cm across
Sunday, April 7, 2024
අලු හැලපෙන්දා (Motacilla cinerera)
ප්‍රධාන වශයෙන් කඳුකරයේ සුලභව හමුවන එහෙත් වෙනත් කලාප වලද දුලභ නොවන සංචාරක පක්ෂියෙකි. දිය කඳුරු සහ ගංගා දිගේ මෙන්ම කුඹුරු, තේ වතු, විවෘත බිම් සහ වනාන්තර වල පිහිටි එලිමහන් පෙදෙස් වලද තනිව හෝ විසිරුණු කුඩා රංචු ලෙසින් කුඩා කෘමීන් ගොදුරු කරගන්න අලු හැලපෙන්දා හවස් යාමයේදී තෝරාගත් ජලයට ඉහලින් අතු විහිදී ගිය විශාල ගසක හෝ වගුරු බිමක වූ අකුලක සමූහ වශයෙන් රාත්‍රිය ගත කිරීම සඳහා එක් රැස් වේ. එක් එක් පක්ෂියා එහි තමන්ටම වූ ස්ථානය වෙන් කරගනී. අලු හැලපෙන්දා මධ්‍යම ආසියානු කලාපයේ අභිජනනය කරයි.
English Post >>
Sunday, March 31, 2024
වල් ඌරා (Sus Scrofa)
වෙරලබඩ තැනිතලා බිම් වල සිට කඳුකරයේ ඉහල මට්ටම දක්වා දිවයින පුරාම පාහේ, වියලි කලාපීය ලඳු කැලෑ වල සහ තෙත් කලාපීය වනාන්තර වල සැඟවී සිටීම සඳහා ප්‍රමාණවත් තත්වයන් පවතී නම්, හමුවන ක්ෂීරපායී සත්වයෙකි වල් ඌරා. වියලී කලාපීය ජාතික උද්‍යාන වලදී නම් ඇතැම් විට සාමාජිකයින් 30 පමණ හෝ ඊටත් වඩා සිටින රංචු ලෙසින්ද, තෙත් කලාපීය වනාන්තර වලදී ඊට වඩා අඩු සතුන් සංඛ්‍යාවක් සිටින කුඩා රංචු ලෙසින් හෝ තනි තනි සතුන් ලෙසින් දිවි ගෙවන සර්වභක්ෂක සතෙකු වන වල් ඌරා මැරිච්ච සතුන්ගේ මලකුණු ආහාරයට ගන්නා අතරම, සර්පයන්, පණුවන් වැනි සතුන්ද ගොදුරු කරගනී. තවද භූමිය මත කූඩු තනන පක්ෂීන්ගේ බිත්තර සහ පැටවුන් මෙන්ම ගස් මතින් පතිත වූ පළතුරු සහ ගස් උදුරා සොයා ගන්නා අල වර්ගද වල් ඌරාගේ ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. රාත්‍රීයේදී ආහාර සොයා යන විට මිනිසාගේ හේන් වගාවන්, කුඹුරු, වෙනත් වගාවන් සහ ගෙවතු වලට විශාල ලෙස හානි කරන සත්වයෙකු ලෙස වල් ඌරා සැලකේ. වර්ෂයක් තුලදී අවම වශයෙන් දෙවතාවක්වත් පැටවුන් බිහි කරන වල් ඌරන් බොහෝවිට විශාල සත්වයන් අතරින් වනාන්තර හෙලි කරන ලද ප්‍රදේශ වලින් අවසානයේ වඳවී යන සත්වයා බව W.W.A. පිලිෆ්ස් සඳහන් කරයි. වල් ඌරු රංචුවක ප්‍රධාන වශයෙන් ඊරියන් සහ ඔවුන්ගේ විවිධ වයස් වල පැටවුන් සිටින අතර වැඩිහිටි පිරිමි සතුන් තනිව හෝ ඔවුන්ගේම කුඩා රංචු වශයෙන් සැරිසරමින් අභිජනන සමයේදී පමණක් ගැහැණු සතුන් සිටින රංචු සමග එක්වේ. අලුයම කාලයේ සහ සවස් යාමයේ ක්‍රියාකාරී වන මෙම සත්වයා උණුසුම් දහවල් කාලයේ සෙවන ඇති තැනක වැතිරී ගිමන් හරී. එසේම රාත්‍රී කාලයේද ආහාර සොයමින් සැරිසරයි. මිනිසා හැරුණ විට පිඹුරන්, කිඹුලන් සහ කොටි වල් ඌරාගේ සතුරන් ලෙස සැලකිය හැකි වන අතර, කොටියා බොහෝවිට අවස්ථාවක් ලදවිට ඌරු පැටවුන් ගොදුරු කර ගනී. එවන් අවස්ථාවලදී ඇතැම් විට වැඩිහිටි ඌරන් සහ කොටියා අතර ඇතිවන දරුණු සටනින් කොටින් මියගිය අවස්ථා පවා වාර්තා වී ඇත.
English Post >>
Saturday, March 30, 2024
ගළුගුඩු කොණ්ඩයා/බැම සුදු කොණ්ඩයා (Pycnonotus luteolus)
English Post >>
Friday, March 29, 2024
Yellow Crowned Woodpecker/Yellow Fronted Pied Woodpecker/ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා [Gomara Kerala/Kaha Silu Piri Kerala] (Leiopicus maharattensis)
Thursday, March 28, 2024
පුංචි සිලිවටුවා/පුංචි හින්නා (Calidris minuta)
වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරලාසන්න කලපු, මඩ වගුරු, ලුණු ලේවායන් සහ වැව් අද්දර සුලභව දැකිය හැකි පක්ෂියෙකි. තෙත් කලාපයේ එවන් පරිසර වලද කලාතුරකින් හමුවේ. කුඩා සහ විශාල රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා ජලාශ අද්දර ක්‍රියාකාරී ලෙසින් එහෙ මෙහෙ දුවමින් පහතට යොමු කර ගත් තුඩෙන් මඩේ සිටින කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගනී.
English Post >>
Wednesday, March 27, 2024
Sri Lanka Whistling Thrush/අරංගයා [Arangaya] (Myophonus blighi)
සිංහලෙන් කියවන්න >>
Tuesday, March 26, 2024
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා/පුල්ලි වල් අවිච්චියා (Geokichla spiloptera)
පහත රට තෙත් කලාපයේ සිට උස් කඳුකරය දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ස්ථාන වල යටි වියනේ හමුවන මෙරටට ආවේනික දුර්ලභ පක්ෂියෙකි. ස්ථානීය වශයෙන් දුර්ලභව වියලි කලාපයේ ගංගාධර වනාන්තර වලද වාර්තා වේ. කෘමීන්, පණුවන් වැනි භූමිය මත වසන සතුන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ජෝඩු වශයෙන් කොළ රොඩු අවුස්සමින් පොළොව මත එහෙ මෙහෙ යමින් එවැනි සතුන් ආහාරය ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කෝටු කෑලි, පාසි සහ තණකොල රැසක් එක් කර මීවන ගසක මුදුනේ හෝ ලපටි ගසක අතු දෙබලක තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
Friday, March 22, 2024
Marshall's Iora/White-tailed Iora/පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)
An uncommon breeding resident, locally inhabiting forests, open wooded areas and scrub lands with scattered trees in the dry lowlands from east to south. It lives as pairs and breeds in first half of the year. The open cup shape nest, made out of fibers and small sticks is placed low on a bush, attached to a twig(s) or in a fork.
සිංහලෙන් කියවන්න >>
Thursday, March 21, 2024
උල්පෙඳ කැස්වටුවා (Gallinago stenura)
උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී මෙරට වගුරු බිම්, තෙත් තණබිම් සහ කුඹුරු වැනි පරිසර පද්ධති වලට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි. දිවයින පුරාම පාහේ වාර්තා වන මුත් පහත රට ප්‍රදේශ වල වඩාත් සුලභ ලෙස හමුවේ. මෙරට තුල සිටින කාලයේදී ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මුත් බාදා රහිත ප්‍රදේශ වලදී උදෑසන සහ හවසත් ආහාර සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මූලිකව කෘමීන්, කීටයන් සහ බිම් පණුවන් ගොදුරු කරගන්නා උල්පෙඳ කැස්වටුවාගේ දික් වූ හොටෙහි අග ඉතාමත් සංවේදී වන අතර එම කොටස හොටෙහි අනෙක් කොටස වැසී පවතින විටද පුළුල් ලෙස විවර කිරීමේ හැකියාව ඇත.
Wednesday, March 20, 2024
ගේ කුරුල්ලා (Passer domesticus)
English Post >>
Tuesday, March 19, 2024
බ්‍රාහ්මණ මයිනා (Sturnia pagodarum)
උත්තර අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවෙත්වෙන කාලයේ මෙරටට පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකි. එම මාස වලදී මෙම පක්ෂියා එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් වෙරලට ආසන්න විවෘත බිම්, ලඳු කැලෑ සහිත ප්‍රදේශ වල සහ වගා බිම් වල දැකිය හැක. කලාතුරකින් තෙත් කලාපයේද දුටු බවට වූ වාර්තා හමුවන අතර බොහෝවිට එම පක්ෂීන් ඉන්දියාවේ සිය අභිජනනය කරන ප්‍රදේශ වල සිට මෙරට වියලි කලාපීය ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටියදී දක්නට ලැබූ පක්ෂීන් විය හැක. රංචු වශයෙන් දිවි ගෙවන බ්‍රහ්මණ මයිනන් භූමිය මත සිටින පලගැටියන් වැනි කෘමින් ගොදුරු කරගනී. එසේම පළතුරු සහ ඇතැම් මල් වල පැණිද ආහාරයට ගන්නා මෙම පක්ෂියා රාත්‍රිය ගත කිරීම සඳහා වෙනත් ඇතැම් මයිනන් මෙන්ම පොදු ස්ථානයක් තෝරාගන්නා අතර හවස් යාමයේදී එම ස්ථානය කරා විශාල රංචු ලෙසින් පැමිණේ.
English Post >>
Wednesday, March 13, 2024
සුදු මහ කොකා/මහ සුදු කොකා (Casmerodius alba)
පහත රට වියලි කලාපයේ කුඹුරු, වැව්, ගංගා, කලපු සහ කඩොලාන පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර, කලාතුරකින් කඳුකරයේද හමුවේ. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හෝ පක්ෂීන් කිහිප දෙනෙක් වෙනත් කොකුන් විශේෂද සමග හැසිරෙමින් මාළුන්, ඉස්සන් වැනි ජලජ සතුන් මෙන්ම පොළොව මත සිටින තණකොලපෙත්තන් වැනි කෘමීන්ද ගොදුරු කරගනී. මහ සුදු කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ ජලයට ආසන්නව පිහිටි ගසක කෝටු කෑලි එකතු කර තනන නොගැඹුරු වේදිකාවක් වැනි කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය සිදුකරයි. බොහෝවිට වෙනත් කොකුන්, විශේෂ සහ දියකාවන් විශේෂ සමග සාමූහිකව එකම ගසක හෝ ආසන්න ගස් කිහිපයක මෙම කොකාද කූඩු තැනීම සිදු කරයි.
Sunday, March 10, 2024
Peperomia tetraphylla
An indigenous perennial herb locally common on mossy rocks and trees in montane forests above 1000 m altitudes.
Subscribe to:
Posts (Atom)