Showing posts with label Avifauna. Show all posts
Showing posts with label Avifauna. Show all posts

Monday, April 13, 2020

රුක් වඩු කුරුල්ලා (Ploceus philippinus)

පහත රට වියලි කලාපයේ පන් ගාල් අතර, කුඹුරු ආශ්‍රිතව සහ වගුරු බිම් වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සීමිත ප්‍රදේශ ආශ්‍රිතව කලාතුරකින් හමුවේ. විශාල රංචු වශයෙන් හමුවන රුක් වඩුකුරුල්ලන් වී, කුරක්කන් ආදී වගා කරන ධාන්‍ය ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. එසේම වෙනත් එවැනි බීජ වර්ග මෙන්ම කෘමීන්ද රුක් වඩු කුරුල්ලාගේ ආහාර අතර වේ. සමූහ වශයෙන් වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර පිරිමි කුරුල්ලා ජලාශ්‍රිතව පිහිටි ගසක දිගු එල්ලා වැටෙන කූඩුවක් තනයි. බොහෝවිට එකම ගසක වඩු කුරුළු කූඩු ගණනාවක් දැකිය හැකි අතර ගැහැණු කිරිල්ලය එහි සුදු පැහැති බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමයි.

English Post >>

Sunday, April 12, 2020

මාල කොබෙයියා (Streptopelia decaocto)

වයඹ දිග වෙරල කලාපයේ සිට උතුර හරහා ඊසාන දිග වෙරල තීරුව දක්වා සීමිත ව්‍යාප්තියක් සහිත දේශීය පක්ෂියෙකි. යුගල වශයෙන් හෝ විසිරුණු රංචු ලෙසින් පොලොව මතු පිට ධාන්‍ය වර්ග සහ තණකොල බීජ ආදිය ආහාරයට ගන්නා මාල කොබෙයියන් විවෘත ප්‍රදේශ සහ ලඳු කැලෑ ආශ්‍රිතව දැකිය හැක. අප්‍රේල් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන මාල කොබෙයියන් වෙනත් පරවියන් ලෙසින්ම කෝටු කැබැලි සහ පරඩැල් වලින් එතරම් ක්‍රමවත් නැති කූඩුවක් කටු පඳුරක හෝ කඩොලාන පඳුරු අතර තනා එහි සුදු පැහැති බිත්තර දෙකක් දමයි.

English post >>

Saturday, April 11, 2020

අටු වැහිලිහිණියා (Hirunda rustica)

ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී කෘමීන් ගොදුරු කර ගන්නා අටු වැහිලිහිණියා දවසේ වැඩි කාලයක් පියාඹමින් ගත කරයි. නිතරම 10 සිට 30 දක්වා පමණ හෝ ඊටත් වඩා වැඩි රංචු ලෙසින් හමුවන අටු වැහිලිහිණියන් සමූහ වශයෙන් ටෙලිපෝන් හෝ විදුලි රැහැන් මත වසා සිටිනු දැකිය හැක. මෙරට තුල රැදී සිටින සමයේ රාත්‍රියේදී දහස් ගනන් රංචු ලෙස රත්නපුර වැනි නගර වල විදුලි රැහැන් මත වසා සිටින අටු වැහිලිහිණියන් සුලභ දසුනකි.

English Post >>

Thursday, April 9, 2020

කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)

පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගංගා ආශ්‍රීතව කලාතුරකින් හමුවේ. පළතුරු, කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරය ගන්නා කළු කොණ්ඩයන් නිතරම විවිධ ශබ්ද නගමින් ඝෝෂාකාරී ලෙස වනාන්තර උඩු වියනේ කුඩා රංචු වශයෙන් සැරිසරයි. ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනයේ යෙදෙන මුත් නැවතත් ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේද දෙවෙනි වරටත් අභිජනනයේ යෙදෙන කළු කොණ්ඩයන්ද නිරීක්ෂණය කර ඇත. ගසක අතු දෙබලක කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර දෙකක් දමයි.

English Post >>

Wednesday, April 8, 2020

රතු දෙමලිච්චා (Turdoides rufescens)

මෙරටට ආවේනික පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වල වනාන්තර වල හමුවන පක්ෂියෙකි. පක්ෂීන් 7 -10 හෝ ඊට වැඩි රංචු වශයෙන් ජීවත් වන රතු දෙමලිච්චන් ආහාර සොයා එකම මගක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සමන්විත කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තරයේ යටි වියනේ සහ ගස් වල පහත අතු මතින් ගමන් කරමින් කෘමීන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා රතු දෙමලිච්චන් වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නියැලේ. තද කොළ පැහැති බිත්තර සහ කූඩුව පොදු දෙමලිච්චාගේ කූඩුවට සහ බිත්තර වලට බෙහෙවින් සමාන අතර එය පඳුරු අතර මනාව සැඟවුණ ස්ථානයක ඉදිකරයි.

English Post >>

Monday, April 6, 2020

පුංචි සුදුකොකා/පුංචි අනු-කොකා(Egretta garzetta)

ඉතාමත් සුලභ ලෙස වගුරු, කුඹුරු, ඇල මාර්ග, කලපු කඩොලාන සහ වැව් ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම ව්‍යාප්තව ඇති අතර ඉහල කඳුකරයේ දුර්ලභය. මත්ස්‍යයන් සහ වෙනත් එවැනි ජලජ ජීවින් ආහාරයට ගන්නා පුංචි සුදුකොකා දෙසැම්බර් සිට මැයි දක්වා අතර කාලයේ අභිජනනයේ නියැලේ. සමූහ වශයෙන් ජලාශ්‍රිත වෙනත් පක්ෂීන් සමග වතුරට ආසන්නයේ පිහිටි ගස් මත කෝටු ගොඩක් එකතු කල වේදිකාවක් බඳු වූ කූඩුවක් තනා එහි බිත්තර 3-4 දමයි.

English Post >> 

Saturday, April 4, 2020

කොණ්ඩ රාජාලියා/පෙරැළි කොණ්ඩකුස්සා(Spizaetus cirrhatus)

පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා (මීටර 1500 පමණ වන තෙක්) විවෘත වනාන්තර වල සහ උස ගස් සහිත හේන් සහ වැව් ආශ්‍රිත ලඳු කැලෑ වන් ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේද හමුවන මුත් එතරම් සුලභ නොවේ. දවසේ වැඩි කාලයක් උස ගසක විවෘත අත්තක් මස සිටිමින් කටුස්සන්, මීයන් සහ කුරුල්ලන් වැනි ගොදුරු කරගන්නා සත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින කොණ්ඩ රාජාලියන් එවන් ගොදුරක් දුටු විට වේගයෙන් ඒ කරා පියාඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක. සාමාන්‍යයෙන් වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මුත් ජූනි - ජුලි මාස වලද අභිජනනයේ යෙදෙන කොණ්ඩ රාජාලියන් දැකිය හැක. සාමාන්‍යයෙන් කඳු බෑවුමක හෝ ගිරිකඳුරක පිහිටි උස ගසක, මීටර 12 සිට 30 පමණ වූ උසක කෝටු කෑලි එක මත එක තබා සාදන විශාල වේදිකාවක් බඳු වූ කූඩුවක බොහෝවිට එක් බිත්තරයක් පමණක් දමයි. කූඩුව සෑදීමේදි පිරිමි සහ ගැහැණු පක්ෂීන් දෙදෙනාම සම්මාදම් වන මුත් බිත්තර රැකීම ගැහැණු පක්ෂියා පමණක් සිදු කරයි.
English Post >>

Thursday, April 2, 2020

ගිණි කුරුල්ලා/දිළි රත් මිනිවිත්තා (Pericrocotus flammeus)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ එවැනි වෙනත් ගස් කොළන් බහුල ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් කඳුකරයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන ගිණි කුරුල්ලන් ගස් අතර පියාඹමින් අතු පතර සිටින දලඹුවන්, පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන ගිණි කුරුල්ලන් ලයිකන, ගස් පොතු වැනිදෑ වලින් බාහිරෙන් මැනවින් සඟවා කෝප්පයක හැඩය සහිත කූඩුවක් කොළ වල මැද නාරටි ආදිය මකුළු දැල් වලින් එකතු කර උඩු වියනේ ගසක අත්තක් මත සාදයි.
English Post >>

Wednesday, April 1, 2020

අලු ප්‍රීනියා/ අලු හම්බුකුරුල්ලා (Prinia socialis brevicauda)

දිවයින පුරා තෘණභූමි, කුඹුරු සහ ලඳු කැලෑ වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් ජීවත් වන අළු හම්බුකුරුල්ලා කුඩා කෘමීන් සහ මකුළුවන් සහ වෙනත් එවන් කුඩා සතුන් ආහාරයට ගනී. අභිජනනය පෙබරවාරි සිට ජූනි දක්වාත්, අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් සිදුවේ.
English Post >>  

Tuesday, March 31, 2020

කරවැල් කොකා (Ardea purpurea )

කරවැල් කොකා පහත රට තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද වගුරු බිම්, කුඹුරු, කඩොලාන සහ කලපු වල මෙන්ම වැව් වලද සුලභව හමුවන පක්ෂියෙකි. මත්ස්‍යයන්, ගෙම්බන් මෙන්ම කෘමීන්ද ආහාරයට ගන්නා කරවැල් කොකා දිවා කාලයේදී විශේෂයෙන් උදෑසන සහ හවස බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් පන් ගස් අතර සැඟවෙමින් ගොදුරු සොයමින් යන ආකාරය නිරීක්ෂණය කල හැක. වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේත් නැවත මැයි සිට ජූනි දක්වාත් අභිජනනයේ යෙදෙන කරවැල් කොකුන් බොහෝවිට වෙනත් කොකුන් සහ දියකාවන්ගේද කූඩු සහිත වතුරින් වටවූ ස්ථානයක පිහිටි එතරම් උස නොවූ ගසක් මත කෝටු කෑලි ගොඩක් ලෙස දිස්වන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් දමයි.

English Post >>

Sunday, March 29, 2020

Common Garden Birds of Sri Lanka - Part 1



Read more on birds in this video 
Oriental Magpie Robin >> 
Long-Billed Sunbird/Loten’s Sunbird >>
House Sparrow >>
Spotted dove >>
Red-vented Bulbul >> 

Saturday, March 28, 2020

කහ පණුකුරුල්ලා/පොදු අයෝරාවා(Aegithina tiphia)

සුලභ දේශීය පක්ෂියෙකු වන කහ පණුකුරුල්ලා හෙවත් පොදු අයෝරාවා පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1000 දක්වා පමණ වූ පහල කඳුකරය දක්වා ගෙවතු, බඩවැටි සහ වනාන්තර මායිම් වල හමුවේ. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. යුගල වශයෙන් ජීවත් වන කහ පණුකුරුල්ලන් ගස් වල අතු පතර හමුවන කෘමීන් විශේෂයෙන් දලඹුවන් ආහාරයට ගනී. ආහාර සොයමින් ගස් අතර සැරිසැරීමේදි එකිනෙකා අතර විවිධ ආකාරයේ සියුරු සන් ශබ්ද නිකුත් කරමින් සබදතාවය පවත්වා ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. අප්‍රේල් සිට ජූනි දක්වා කාලයේ ගසක අත්තක් මත කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගනිමින් සෑදූ කෝප්පයක හැඩැති කුඩා කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Thursday, March 26, 2020

නිල් පණුකුරුල්ලා/විල්ලුද යටිකූරිත්තා(Sitta frontalis)

වනාන්තර සහ ඒ ආශ්‍රිත ගෙවතු වල තරමක් දුර්ලභ ලෙස දිවයින පුරාම පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ ගංගා ආශ්‍රිතවද ප්‍රධාන වශයෙන් හමුවන අතර කඳුකරයේ සුලභව දැකිය හැක. ඉතාමත් ක්‍රියාශීලි පක්ෂියෙකු වන නිල් පණුකුරුල්ලා ගස් වල කඳන් මත සහ අතු අතර ඉහලට මෙන්ම පහලටද දුවමින් ගසේ පොත්ත ඇතුලත සැඟවී සිටින කෘමීන් ආහාරයට ගන්නා ආකාරය නිරික්ෂණය කල හැක. ජෝඩු වශයෙන් හැසිරෙන නිල් පණුකුරුල්ලා වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නිරත වේ. ගසක පිහිටි ස්වභාවික කුහරයක හෝ කොට්ටෝරුවන් විසින් සාදා අතහැර දමන ලද බෙනයක හෝ බිත්තර 3-4 පමණ දමයි.
English Post >>

Wednesday, March 25, 2020

අළුහිස් කහ මැසිමාරා/හිස අළු මැසිමාරා (Culicicapa ceylonensis)

කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා  වනාන්තරවල සහ ගස් කොළන් බහුල එවන් ස්ථාන වල එතරම් සුලභ නොවූවත් නිතර දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පියාඹන කෘමීන් ආහාරයට ගන්නා අළුහිස් කහ මැසිමාරාවන් ජොඩු වශයෙන් හමුවේ. තවද ආහාර සොයා එකම මාර්ගයක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සැදුම් ලත් කුරුළු නඩ සමගද ගමන් කරනු ලැබේ. පෙබරවාරි සිට  මාර්තු දක්වා කාලයේ පෙඳ පාසි සහ කෙඳි ආදිය ආශ්‍රයෙන් මකුළු දැල් යොදා අලවා, ගස් කඳක් මත,  ගල් පර්වතයක පැත්තක හෝ පාසි සහිත පස් කණ්ඩියක වූ කුහරයක සාදන කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ.
Englis Post >>

Wednesday, March 18, 2020

අඳුරු නිල් මැසිමාරා/අනු මැසිමාරා (Eumyias sordidus)

කඳුකරයේ වනාන්තර, ගෙවතු, වගා බිම් වල සහ කලාතුරකින් පහතරට ඇතැම් තෙත් ප්‍රදේශ වලද දැකිය හැකි මෙරටට ආවේනික පක්ෂියෙකි අඳුරු නිල් මැසිමාරා හෙවත් අනු මැසිමාරා. එබඳු ප්‍රදේශ වල සුලභව හමුවේ. බොහෝවිට අඳුරු ගස් අතු අතර සිටිමින් ඉගිලෙන කෘමීන් ගුවනේදී අල්වාගනී. ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කර ගත්තද කුඩා ගෙඩි වර්ගද අඳුරු නිල් මැසිමාරාගේ ආහාරයට ඇතුලත්ය. වසරේ මාර්තු, අප්‍රේල් මාස වල හා අගෝස්තු - සැප්තැම්බර් කාලයේ ගස් බෙනයක හෝ මාර්ගයක් අසබඩ කණ්ඩියක දියසෙවෙල්, මීවන මුල් සහ කෙඳි වර්ග උපයෝගි කරගනිමින් සාදන කූඩුවක බිත්තර 2 ක් හෝ කලාතුරකින් 3 ක් දමා අභිජනනයේ යෙදෙයි.
English  Post >>

Monday, March 9, 2020

දෑකැති දෙමලිච්චා/ශ්‍රී ලංකා දෑ දෙමලිච්චා[Daekaeti Demalichcha/Sri Lanka Dae Demalichcha]/Sri Lanka Scimitar-babbler (Pomatorhinus melanurus)

Sri Lanka Scimitar-babble is an uncommon endemic bird inhabiting forests and well wooded areas as well as the adjoining scrubs and home gardens throughout the country though rather rare in the dry lowlands. It lives as pairs or as family parties and often associates with feeding flocks consisting of other birds and travel through the forest in search of its insect prey in bark crevices, moss covered tree trunks, dead leaves etc. It breeds from March to May and again at the end of the year. The nest is a closed globular with a side entrance made out of grass blades, dead leaves, twigs and fibers, placed among dense herbage, ferns, etc. close to the ground or sometimes in a tree cavity or a deep fork. It lays two or three white eggs in it.

Two races occurs. Race melanurus peculiar to the low country wet zone and south-western hills while race horsfieldii found in dry lowlands and hills.

Monday, February 17, 2020

ශ්‍රී ලංකා සිතැසියා/ලංකා මල් කුරුල්ලා(Zosterops ceylonensis)

කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ මනාව ගස් කොළන් සහිත වෙනත් එවැනි ස්ථාන සහ ගෙවතු වලද සුලභ මෙරටට ආවේනික කුරුල්ලෙකි ලංකා මල් කුරුල්ලා හෙවත් ශ්‍රී ලංකා  සිතැසියා. තවද සිංහරාජ වනාන්තරය වැනි පහත රට වනාන්තර වලද සීමිත ව්‍යාප්තියක් සහිතව හමුවේ. තරමක් විශාල රංචු වශයෙන් ආහාර සොයා යන සිතැසියන් ගස් වල කොළ අතු අතර සලබයන්, දලඹුවන් වැනි කුඩා කෘමීන් සහ මල් පැණි සොයමින් ඇතැම්විට වෙනත් කුරුළු විශේෂ සමගද එක්වී ගමන් කරයි. එහෙත් අභිජනන සමයේදී ජෝඩු වශයෙන් එකතු වූ කුරුල්ලන් දැකිය හැකි අතර වසරේ මාර්තු සිට මැයි දක්වාත්, නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනය සිදු කරයි. ශ්‍රී ලංකා සිතැසියා ගසක පහල අතු අතර එල්ලෙන කෝප්පයක හැඩය සහිත කූඩුවක ලා නිල් පැහැති බිත්තර දෙකක් දමයි.
English  Post >>

Wednesday, February 5, 2020

Grey Headed Canary Flycatcher/හිස අළු මැසිමාරා/ අළුහිස් කහ මැසිමාරා[Hisa Alu Masimara/Aluhis Kaha Masimara] (Culicicapa ceylonensis)

Rather uncommon breeding resident in forests and wooded areas of mid hills and above. Grey-headed Canary Flycatcher usually found as pairs and feeds mainly on flying insects. It often joins mixed species feeding flocks. The breeding season lasts from February to May. The nest is a deep cup of fibers, moss etc. stuck together with cobwebs and place against a tree trunk on the side of the boulder or in a recess in a mossy bank where it lays 2-3 eggs.

සිංහලෙන් කියවන්න >>

Tuesday, January 28, 2020

මයිලගොයා (Columba torringtoniae)

ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂියෙකු වන මයිලගොයා කඳුකරයේ  වනාන්තර වල සහ මනාව ගස් කොළන් සහිත ප්‍රදේශ වල දැකිය හැක. තවද පහත රට වැසි වනාන්තර ප්‍රදේශ වලද විශේෂයෙන් පළතුරු සුලභ කාල වලදී ඇතැම්විට දැකිය හැක. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා මයිලාගොයා තනිව, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හමුවේ. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් අභිජනනය කරන මයිලගොයින් වනාන්තර උඩු වියනේ ගසක අත්තක් මත කෝටු කැබලි එක් රැස් කර සාදන කූඩුවක සුදු පැහැති එක් බිත්තරයක් පමණක් දමයි. මෙරටදී පමණක්ම දැකිය හැකි මයිලගොයා කඳුකර වනාන්තර හෙලි පෙහෙලි කිරීම වැනි උපද්‍රව හේතුවෙන් තර්ජනයට ලක්වූ පක්ෂියෙකු ලෙස සලකයි.
English Post >>

Sunday, November 10, 2019

Jerdon’s Leafbird /ගිරා කුරුල්ලා/ජරදන් කොළරීසියා [Girakurulla/Jaradan Kolarisiya](Chloropsis jerdoni)

Common breeding resident of forests, open wooded areas and home gardens of the dry lowlands. Uncommon in wet lowlands and hills up to about 1100m a.s.l.  It lives as pairs or as family parties during the breeding season after the young are fledged. It has  very harsh calls and often mimics other birds. Jerdon’s Leafbird feeds on insects, fruits and nectar of flowers in the tree canopy. The breeding season lasts from November to May. The nest is a small hammock, slung between two twigs of a small forked branch and well hidden often high in a tree in foliage. 

සිංහලෙන් කියවන්න >>