Wednesday, January 1, 2025

Eurasian Wigeon/රන් පාට තාරාවා/රන්කිරුළු ගවි-සේරුවා [Ranpata Tharawa/Rankirulu Gavi-Seruwa] (Mareca penelope)

 
Common winter migrant to salt or brackish lagoons, salt-pans, estuaries and even freshwater tanks in the northern areas of the country. Occasionally observed also in other lowland areas. While in Sri Lanka it keeps in small to large flocks and rests during the day time on fresh or salt open water. It feeds on roots, stem and leaves of grasses and other plants grows in shallow water at night, often up-ending. 

Tuesday, December 31, 2024

White Witchweed (Striga angustifolia)

 

An indigenous herb fairly common along roadsides and open country among short grass in the dry zone and in open grassy slopes of the wet lowlands and the hill country. The plant parasite the roots of grasses. Flowering from August to October and December to May. 

Monday, December 30, 2024

Sunday, December 29, 2024

හිස කළු මුහුදුළිහිණියා/ගලුතුඩු සයුරුළිහිණියා (Gelochelidon nilotica)


වියලි කලාපීය කලපු, ලේවායන්, වෙරළබඩ විශාල වැව්, වැලි තුඩු සහ ගංගා මෝය ආදියෙහි සුලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. තෙත් කලාපීය වෙරළබඩ ප්‍රදේශ වල සහ රට අභ්‍යන්තරයේ පිහිටි තෙත් බිම් වල දුර්ලභය. ප්‍රධාන වශයෙන් උත්තර අර්ධ ගෝලයේ රටවලට ශීත සෘතුව බලපවත්වන කාලයේදී මෙරට අවට මුහුදු තීරයට පැමිණෙන මුත් එම රට වලට ගිම්හාන සෘතුව බලපවත්වන කාලයේදීද මෙරට අවට සැරිසරන පක්ෂීන් ඇතැම් විට දැකිය හැක. ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි ආදම්ගේ පාලම ලෙසින් හැඳින්වෙන වැලි පර දූපත් වල අභිජනනය කරන පක්ෂීන්ද ඇතැම්විට සිටින බව විශ්වාස කෙරේ. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ විසිරුණු රංචු ලෙසින් ජල පෘෂ්ඨයට ආසන්නව පියාසර කරමින් වරින් වර ජලය මතු පිට ගිලෙමින්, ජලජ කෘමීන්, ගෙම්බන්, මත්ස්‍යයන්, කකුළුවන්, ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා මෙම මුහුදු ලිහිණියා ආහාර සොයමින් නොයන අවස්ථා වලදී බොහෝවිට වෙනත් මුහුදු ලිහිණි විශේෂ සමගින් වැලි පර මත ගිමන් හරින ආකාරය නිරීක්ෂණය කල හැක. සමූහ වශයෙන් අප්‍රියෙල් සිට ජූනි දක්වා කාලයේ කලපු වෙරල වල හෝ වැලි පර දූපත් වල අභිජනනය කරයි.   

English Post >>

Saturday, December 21, 2024

සිඟිති සිලිවටුවා/ටෙමින් හින්නා (Calidris temminckii)

දිවයිනේ පහත රට ප්‍රදේශ වල තණකොල සහ එවන් මිටි ශාක සහිත නොගැඹුරු දියපාරවල් ඉවුරු වල සහ මඩ වගුරු අද්දර තරමක් දුර්ලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. නිතර පක්ෂීන් 3 ක් හෝ 4 ක් සහිත රංචු වශයෙන් හමුවන අතර ඇතැම් විට වෙනත් සිලිවටුවන්/හින්නන් සහ පුංචි මාල ඔලෙවියන් හෝ වන සිලිබිල්ලන්/වන සිලිවටුවන් වැනි පක්ෂීන් සමගද හැසිරේ. සිඟිති සිලිවටුවා උතුරු යුරෝපයේ සහ ආසියාවේ අභිජනනය කරයි.

 English Post >>

Sunday, December 15, 2024

පතන් උකුස්සා/කළු උරිස් පතනකුස්සා (Elanus caeruleus)


 පහත රට වියලි කලාපීය සහ කඳුකර විවෘත භූමි, තෘණ භූමි, කුඹුරු සහ පතන් බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වලටද ඇතැම් විට සංක්‍රමණය වන අවස්ථා වාර්තා වී ඇත. තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හමුවන අතර විවෘත බිම් වල පියාඹමින් නිතර එකතැන නැවතී තටු ගසමින් පලගැටියන්, කටුස්සන්, මීයන් සහ කුරුළු පැටවුන් දඩයම් කරයි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ සහ ඇතැම්විට නැවතත් ජූලි සිට ඔක්තෝබර් දක්වා මාස වල ගසක මුදුනේ හොඳින් විවෘත ස්ථානයක කෝටු කැබැලි ගොඩ ගසා තනන කපුටු කූඩුවක් වන් වූ කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Monday, December 9, 2024

Ruddy-breasted Crake/රතු මැටි කොරවක්කා/ළය රතු විල් කෙරැළියා [Rathu Meatikorawakka/Laya Rathi Wilkereliya] (Zapornia fusca)

An uncommon breeding resident inhabiting dense vegetation of marshes, paddy fields and other such areas from lowlands to about 1400 m altitude of the hills. Population is also increased during the northern winter months with migrant birds. Ruddy-breasted Crake is a very shy bird and lives as solitary birds or sometime as pairs. It breeds from June to September. The nest composed of reeds and grasses, is placed on the ground under dense cover in marshes or floating in the water. It lays 3 to 6 eggs.  

සිංහලෙන් කියවන්න >>




 


Monday, December 2, 2024

Common Wolf Snake/අළු රදනකයා/ අළු පොළඟා [Alu Radanakaya/Alu Polanga] (Lycodon aulicus)

A very common, non-venomous, terrestrial snake occurs in secondary forests and anthropogenic areas from low country to the hills up to about 1000 m a.s.l. Nocturnal and hides in crevices of loose brickworks, under flower pots, stacks of wood, logs, leaf litter, rubbish heaps and even in houses during the day time. Common Wolf Snake is also known as 'House Snake'' since it frequently enters houses at night (So it is often mistaken for the highly venomous Kraits and killed.) It is also a good climber. When cornered it hides its head underneath the coils of its body (See top left picture) and sometimes vibrates its tail. Common Wolf Snake is an aggressive snake and bites savagely when picked up and handled. It feeds on frogs, geckoes, skinks, rats and other lizards. It lays 5 to 15 eggs.

Saturday, November 30, 2024

Indian Nightjar/බිම්බස්සා [Bimbassa] (Caprimulgus asiaticus)

Locally fairly common breeding resident of open wooded areas, scrubs, sand dunes, grasslands and forests from dry lowlands to drier mid hills. Rare and local in wet lowlands. It lives as solitary birds or as pairs. Indian Nightjar is a  nocturnal bird and during the day time it lies usually under the shade of a small bush or often quite in the open. It breeds from February to July and probably again in September, laying two eggs on the bare ground, usually under a thin bush.

Saturday, November 23, 2024

Booted Eagle (Hieraaetus pennatus)

 Rather rare winter migrant inhabiting forests, lightly wooded areas and open country throughout the island. It is mostly a solitary bird though sometimes associate with other raptors. Booted eagle hunts on birds, rats, lizards, etc. 

Monday, November 18, 2024

Blyth's Swift (Apus leuconyx)

 Very rare vagrant bird with few sight records in Sri Lanka. Blyth's Swift breeds in Himalayas from Murree Hills to Assam valley and in South Assam Hills and is a winter visitor to India, Bangladesh and Sri Lanka. As it is with all other swifts, Blyth's Swift feeds entirely on flying insects.  

Thursday, November 14, 2024

Desert Wheatear (Oenanthe deserti)


 Very rare irregular migrant bird inhabiting dry open areas with scattered bushes. Often perch on fence posts, rock mounds and such places to scan ground for insects and other small invertebrates. It breeds in Afghanistan, West Pakistan, Mongolia, Kazakhstan, Turkey, Israel, Algeria, Tunisia, Morocco and China.  


Wednesday, November 13, 2024

ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා (Picus xanthopygaeus)

දකුණු සහ නැගෙනහිර කඳුකර වියලි කලාපයේ සහ නැගෙනහිර දිශාවෙන් කඳුකරයේ පාමුල දක්වාත් ආශ්‍රිත පහත රට වියලි කලාපයේත් විවෘත වනලැහැබවල්, ගෙවතු සහ තේ වතු වැනි වගා බිම් වලද හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම කෑරලා අප්‍රියෙල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක කඳක් හෝ අත්තක් තුලට හාරන ලද බෙනයක බිත්තර 3ක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>
 




Tuesday, November 12, 2024

European Bee-eater (Merops apiaster)

 Rather uncommon winter migrant locally occurs in the dry zone open areas with scattered tress and bushes. Rare in the wet zone. It usually lives as small to larger flocks. As it is with other Bee-eaters European Bee-eater also feeds mainly on flying insects. It breeds from Mediterranean areas to Central Asia and Kashmir

Saturday, November 9, 2024

අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා (Gallinago gallinago)

තරමක් දුර්ලභ ලෙසින් වුවත් අවුරුදු පතා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මෙම කැස්වටුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට වියලි සහ තෙත් කලාපයේ වගුරු, වැව් අසබඩ පිහිටි තණකොල සහිත පරිසර පද්ධති සහ තෙත් කුඹුරු වැනි ස්ථාන වල වාසය කරයි. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වෙමින් මඩ සහිත ස්ථාන වල සිටින පණුවන්, කෘමින්ගේ පිළවුන් වැනි සතුන් ගොදුරු කර ගනී. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හැසිරෙන අතර මඩ තුල ගැඹුරට ඔවුන්ගේ දිගු, එමෙන්ම සංවේදී හොට දමා එවන්  සතුන් සොයාගනී. මෙම කැස්වටුවා යුරෝපයේ ආසියාවේ මෙන්ම උතුරු ඇමෙරිකාවේද අභිජනනය කරයි.

 English Post >>

Thursday, October 17, 2024

Siberian Stonechat (Saxicola maurus)

 A rare vagrant inhabiting open areas like mud flat fringes or sand dunes with scattered bushes or grassy or reedy clumps for vantage points. It perches on low vegetation and often makes short flights to ground to catch insects. 

Wednesday, August 21, 2024

රෑ කොකා/රෑ කණ කොකා (Nycticorax nycticorax)


පහත රට තෙත් සහ වියලි කලාපයේත්, කඳුකරයේ පහල ප්‍රදේශ වලත් වගුරු බිම්, කඩොලාන, ගංගා, වැව් සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. රාත්‍රි කාලයේදී ක්‍රියාකාරි වන අතර දහවල් කාලයේදී සමූහ වශයෙන් ගසක් මත ලැග කාලය ගත කරයි. ප්‍රධාන වශයෙන් මාළුන්, ගෙම්බන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා රෑ කොකාට වර්ෂාව සමග වෙනස් වන අභිජනන සමයක් ඇති මුත් බොහෝදුරට දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ කෝටු කැබැලි ගොඩ ගසා, ගසක් මත තුරු වියනින් සෙවන සහිත ස්ථානයක තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.

 English Post >>

Tuesday, August 20, 2024

හාවා (Lepus nigricollis)

 
දිවයින පුරා ලඳු කැලෑ සහ තෘණ භූමි වල සුලභ ලෙස හමුවන සත්වයෙකි හාවා. බොහෝ ප්‍රදේශ වල නිශාචර හැසිරීම් දක්වන අතර දහවල් කාලයේදී යටිරෝපනයේ සෙවන සහිත එමෙන්ම  මනා ලෙස ආවරණය වූ ස්ථානයක සැඟවී කල් ගෙවයි. එහෙත් ආරක්ෂා සහිත ජාතික උද්‍යාන වැනි පරිසර පද්ධති වල දිවා කාලයේ, බොහෝ විට උදෑසන හෝරාවන් වලදී ක්‍රියාකාරි වේ. ශාකභක්ෂක සත්වයෙකු වන හාවා තණකොළ, දළු රිකිලි ආදිය ආහාරයට ගනී. නිශ්චිත අභිජනන සමයක් නොමැති අතර අවුරුද්දේ ඕනෑම කාලයක පැටවුන් එකෙකු හෝ දෙදෙනෙකු බිහිකරයි.  

English Post >>

Sunday, August 18, 2024

පොරෝ කුරුල්ලා/පොරෝළුවා (Upupa epops)


පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ වියලි කලාපීය ප්‍රදේශ දක්වා විවෘත එලිමහන් ප්‍රදේශ සහ ලඳු කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් හමුවන දේශීය පක්ෂියෙකි. කඳුකරයේ වඩාත් දුර්ලභ අතර කලාතුරකින් තෙත් කලාපයටද සංක්‍රමණය වේ. ඝන වනාන්තරවල හමු නොවන අතර සංක්‍රමණ පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී බොහෝවිට මෙරටට සංක්‍රමණය වන සංක්‍රමණ පොරෝ කුරුල්ලන්ද සිටින බවට විශ්වාස කෙරේ. පොරෝ කුරුල්ලා තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරමින් පොළොව මත වැටී ඇති ශාක පත්‍ර අවුස්සමින් සැගවී සිටින කෘමීන් සහ එවන් කුඩා සතුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගනී.  ගසක හෝ ගං ඉවුරක හෑරූ බෙනයක හෝ ඇතැම්විට ගොඩනැගිල්ලක වූ එවන් සිදුරක නොවැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ හෝ නැවතත් ජූනි සිට ජූලි දක්වා කාලයේ හතරේ සිට හත දක්වා වූ බිත්තර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. ගැහැණු පක්ෂියා බිත්තර රැකීමේ නිරත වන මුළු කාලය තුලම කෑදැත්තන් මෙන් පොරෝ කුරුල්ලාගේ පිරිමි පක්ෂියාද කිරිල්ලයට අවශ්‍ය ආහාර සපයා දේ. 
 
English Post >>

Saturday, August 17, 2024

පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)

 පහත රට වියලි කලාපයේ, දිවයිනේ නැගෙනහිර සිට දකුණු දෙසට විහිදුණු කොටසක වනාන්තර, විවෘත ගස් කොළන් සහිත ප්‍රදේශ සහ අතරින් පතර ගස් සහිත ලඳු කැලෑ වල ස්ථානීය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වන අතර, කෙඳි වර්ග සහ කෝටු කැබැලි උපයෝගි කරගෙන පඳුරක පහල මට්ටමේ අතු කිහිපයක් එක්කර හෝ කරුවක තනන විවෘත කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දමා වසරේ මුල් මාස කිහිපයේ අභිජනනය සිදුකරයි.

English Post >>