Wednesday, December 21, 2022

කොහා(Eudynamys scolopaceus)

ගෙවතු, වගා බිම්, සහ වෙනත් ගස් කොළන් සහිත ප්‍රදේශ වල සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා හමුවන මුත් ඝන වනාන්තර වල දැකිය නොහැක. ප්‍රධාන වශයෙන් පළතුරු සහ කුඩා ගෙඩි වර්ග මත යැපෙන මෙම පක්ෂියා ඇතැම් අලංකාරයට වවන ශාක වල ගෙඩි වර්ග පවා ආහාරයට ගන්නා බව නිරීක්ෂණය කර ඇත. අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා අභිජනන සමය වන හෙයින් අප්‍රියෙල් මාසයේ මුල් කාලයේ සිට නිතර ඇසෙන පිරිමි පක්ෂියාගේ නාද කිරීම මෙරට ජනතාව සමරන සිංහල අලුත් අවුරුදු උදාව සමග සමපාත වන හෙයින් එම උත්සවය හා මෙම කොහාගේ නාදය අතර මෙරට ජන සමාජයේ සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇත. වෙනත් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමන පරපෝෂිත පක්ෂියෙකු වන කොහා ප්‍රාධාන වශයෙන් කොළඹ කපුටාගේ සහ ගම් කපුටාගේ කූඩු වල බිත්තර දමයි. ඇතැම් අවස්ථා වලදි දෙමළිච්චන්ගේ කූඩු වලද බිත්තර දැමූ බවට වාර්තා ඇත.  

English Post >>

No comments:

Post a Comment