Friday, December 30, 2022

මානාතුඩු මහ පිළිහුඩුවා/මහ පිළිහුඩුවා (Pelargopsis capensis)


මෙරට හමුවන පිළිහුඩු විශේෂ අතරින් ශරීර ප්‍රමාණයෙන් විශාලම පිළිහුඩුවා වන මහා පිළිහුඩුවා මෙරට තුල අභිජනනය කරන තරමක් දුර්ලභ පක්ෂියෙකි. පහතරට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල මට්ටම දක්වා ගංගා, ඇල දොළ, වැව්, වගුරු බිම්, කුඹුරු, කලපු ආදී ජල මූලාශ්‍ර ආශ්‍රිතව ගස් කොළන් සහිත පරිසර වල හමුවේ. වියලි කලාපයේ වඩා සුලභ වන අතර තනිව හෝ ජෝඩු වශයෙන් මාළුන්, ගෙම්බන්, කකුළුවන් වැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ. ජනවාරි සිට මැයි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාස වල ගං ඉවුරක හෝ වැව් බැම්මක ගුලක් හාරා බිත්තර දෙකේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.

English Post >>

No comments:

Post a Comment