Thursday, December 1, 2022

මුගටියා (Herpestes smithii)


 පහත රට වියලි සහ තෙත් යන කලාප දෙකේම වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වල සුලභ මුගටි විශේෂයකි. අඩි 3500 සිට 4000 ට වඩා උස කඳුකරයේ දුර්ලභය. දිවා රාත්‍රී දෙකේම ආහාර සොයමින් සැරිසරන මුත් බහුලව උදෑසන සහ හවස් යාමයේ ක්‍රියාශීලී වේ. වල්ගය උඩ අතට නමාගෙන් ඇවිදින හැසිරීමක් දක්වන බැවින් මෙම මුගටි විශේෂය මෙරට හමුවන අනිත් මුගටි විශේෂ අතරින් විශේෂ දෙකකින්ම පැහැදිලිව දුරකදී පවා වෙන් කර හඳුනාගත හැක. පක්ෂීන්, මීයන් වැනි කුඩා ක්ෂීරපායීන් මෙන්ම ගැරඩියන්, තලගොයි පැටවුන් වැනි උරගයන්ද, එසේම ගොලුබෙල්ලන් සහ කම්බිලි පණුවන් වැනි කුඩා අපෘෂ්ඨවංශී සතුන්ද  ගොදුරු කරගන්නා මෙම මුගටියා අවස්ථාව ලදහොත් වෙනත් සතුන්ගේ මළකුණු කොටස් පවා පවා අහාරයට ගනී. බොහෝවිට තනිව හැසිරෙන මුත් ගැහැණු සහ පිරිමි ජෝඩු ලෙසින්ද ගොදුරු සොයමින් හැසිරෙන ආකාරය දැකිය හැක. බහුලවම හෞමික හැසිරීමක් දක්වන මුත් ගස් නැගීමේද මනා හැකියාවක් ඇති බව නිරීක්ෂණය කර ඇත. 

English Post >> 

No comments:

Post a Comment