References -
- Jayawardana, N.C. (2020) A Handbook to the Moths of Sri Lanka Vol. 01
- https://www.inaturalist.org/taxa/153462-Hulodes-caranea
References -
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා ගෙවතු, කුඹුරු, වනාන්තර, විවෘත වනලැහැබ්, වගාබිම් වල මෙන්ම ලඳු කැලෑ වලත් සුලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මෙම වී කුරුල්ලා වී ඇතුලු බොහෝ තණකොල විශේෂ වල බීජ ආහාරයට ගනී. පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ ප්‍රධාන වශයෙන් අභිජනනයේ යෙදෙන මුත් බොහෝවිට වසර පුරාම පාහේ පැටවුන් බෝ කිරීම සිදු කරයි. එක් පැත්තකින් ඇතුළු වීමට විවරයක් සහිතව ගසක් හෝ පඳුරක් මත තණකොල පත්‍ර උපයෝගි කරගනිමින් තනන බෝලයක හැඩැති කූඩුවක බිත්තර 4 ත් 6 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>
English Post >>
සියළුම දේශගුණික කලාප වල සුලබ දේශීය පක්ෂියෙකි. කඳුකරයේ තරමක් දුර්ලභය. බොහෝවිට වනාන්තර අද්දර, කුඹුරු ආදී ගහකොළ සහිත විවෘත බිම් වල හමුවේ. දුරකතන සහ විදුලි රැහැන් මත නිතර දැකිය හැක. පක්ෂීන් 10-15 පමණ සහිත කුඩා රංචු ලෙසින් හෝ ඇතැම්විට ජෝඩු වශයෙන් හමුවේ. ගුවනේ පියාඹන කෘමීන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේදී තාල වර්ගයේ ගසක අත්ත ගසට සම්බන්ධ වන ස්ථානයේ හෝ මැරුණ ගසක කොටයක් මත කුඩා ශාක මුල් සහ කෙඳි උපයෝගි කරගනිමින් නොගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර 3 ක් පමණ දමා අභිජනනය කරයි. මෙම පක්ෂියා කාලගුණ තත්වයන් මත හෝ කෘමීන්ගේ සුලභතාවය අනුව නිතර රට තුල වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වන පක්ෂියෙකු ලෙස සැලකේ.
English Post >>English Post >>
English Post >>
An indigenous herb rather common in lowlands. Often cultivated. Flowering more or less throughout the year.
එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ ලඳු කැලෑ සහ තෘණ භූමිවලත්, පහත රට තෙත් කලාපයේ අතරින් පතර ස්ථානීය වශයෙන් කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාත් හමුවන දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරය දෙසට යන විට වඩාත් දුර්ලභ වේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරන මෙම පක්ෂියා වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ තණකොල සහ මුල් කෑලි ආදිය මකුළු දැල් වලින් එකතු කර තණකොල පඳුරක හෝ වෙනත් එවැනි පඳුරක පහල මට්ටමේ බෝලයක හැඩය ඇති කූඩුවක් තනා එහි බිත්තර 2- 4 අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
English Post >>තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර අද්දර, හොඳින් ගහකොළ සහිත ප්‍රදේශ සහ වනාන්තර වලට ආසන්න ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ උස් ගස් සහිත වනාන්තර වලද ස්ථානීය වශයෙන් ඇතැම්විට හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් තියුණු හඩක් නගමින් නිතර එකිනෙකා සමග සම්බන්ධතාවය පවත්වාගනිමින්, බොහෝවිට ගස් වල වියන් ස්ථරයේ සැරිසරමින් ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගනිමින් දිවි ගෙවයි. මැයි සිට අගෝස්තු දක්වා කාලයේ ගසක බෙනයක බිත්තර දෙකක් පමණ දමා අභිජනනය කරයි.
English Post >>An indigenous tree locally common, especially in ravines and along river banks of wet and intermediate zone forests up to 800 (-1300) m elevations.