Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, November 18, 2024
Blyth's Swift (Apus leuconyx)
Very rare vagrant bird with few sight records in Sri Lanka. Blyth's Swift breeds in Himalayas from Murree Hills to Assam valley and in South Assam Hills and is a winter visitor to India, Bangladesh and Sri Lanka. As it is with all other swifts, Blyth's Swift feeds entirely on flying insects.
Thursday, November 14, 2024
Desert Wheatear (Oenanthe deserti)
Very rare irregular migrant bird inhabiting dry open areas with scattered bushes. Often perch on fence posts, rock mounds and such places to scan ground for insects and other small invertebrates. It breeds in Afghanistan, West Pakistan, Mongolia, Kazakhstan, Turkey, Israel, Algeria, Tunisia, Morocco and China.
Wednesday, November 13, 2024
ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා (Picus xanthopygaeus)
දකුණු සහ නැගෙනහිර කඳුකර වියලි කලාපයේ සහ නැගෙනහිර දිශාවෙන් කඳුකරයේ පාමුල දක්වාත් ආශ්‍රිත පහත රට වියලි කලාපයේත් විවෘත වනලැහැබවල්, ගෙවතු සහ තේ වතු වැනි වගා බිම් වලද හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම කෑරලා අප්‍රියෙල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක කඳක් හෝ අත්තක් තුලට හාරන ලද බෙනයක බිත්තර 3ක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>
Tuesday, November 12, 2024
European Bee-eater (Merops apiaster)
Rather uncommon winter migrant locally occurs in the dry zone open areas with scattered tress and bushes. Rare in the wet zone. It usually lives as small to larger flocks. As it is with other Bee-eaters European Bee-eater also feeds mainly on flying insects. It breeds from Mediterranean areas to Central Asia and Kashmir.
Saturday, November 9, 2024
අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා (Gallinago gallinago)
තරමක් දුර්ලභ ලෙසින් වුවත් අවුරුදු පතා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මෙම කැස්වටුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට වියලි සහ තෙත් කලාපයේ වගුරු, වැව් අසබඩ පිහිටි තණකොල සහිත පරිසර පද්ධති සහ තෙත් කුඹුරු වැනි ස්ථාන වල වාසය කරයි. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වෙමින් මඩ සහිත ස්ථාන වල සිටින පණුවන්, කෘමින්ගේ පිළවුන් වැනි සතුන් ගොදුරු කර ගනී. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හැසිරෙන අතර මඩ තුල ගැඹුරට ඔවුන්ගේ දිගු, එමෙන්ම සංවේදී හොට දමා එවන් සතුන් සොයාගනී. මෙම කැස්වටුවා යුරෝපයේ ආසියාවේ මෙන්ම උතුරු ඇමෙරිකාවේද අභිජනනය කරයි.
English Post >>
Thursday, October 17, 2024
Siberian Stonechat (Saxicola maurus)
A rare vagrant inhabiting open areas like mud flat fringes or sand dunes with scattered bushes or grassy or reedy clumps for vantage points. It perches on low vegetation and often makes short flights to ground to catch insects.
Wednesday, August 21, 2024
රෑ කොකා/රෑ කණ කොකා (Nycticorax nycticorax)
පහත රට තෙත් සහ වියලි කලාපයේත්, කඳුකරයේ පහල ප්‍රදේශ වලත් වගුරු බිම්, කඩොලාන, ගංගා, වැව් සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. රාත්‍රි කාලයේදී ක්‍රියාකාරි වන අතර දහවල් කාලයේදී සමූහ වශයෙන් ගසක් මත ලැග කාලය ගත කරයි. ප්‍රධාන වශයෙන් මාළුන්, ගෙම්බන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා රෑ කොකාට වර්ෂාව සමග වෙනස් වන අභිජනන සමයක් ඇති මුත් බොහෝදුරට දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ කෝටු කැබැලි ගොඩ ගසා, ගසක් මත තුරු වියනින් සෙවන සහිත ස්ථානයක තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, August 20, 2024
හාවා (Lepus nigricollis)
දිවයින පුරා ලඳු කැලෑ සහ තෘණ භූමි වල සුලභ ලෙස හමුවන සත්වයෙකි හාවා. බොහෝ ප්‍රදේශ වල නිශාචර හැසිරීම් දක්වන අතර දහවල් කාලයේදී යටිරෝපනයේ සෙවන සහිත එමෙන්ම මනා ලෙස ආවරණය වූ ස්ථානයක සැඟවී කල් ගෙවයි. එහෙත් ආරක්ෂා සහිත ජාතික උද්‍යාන වැනි පරිසර පද්ධති වල දිවා කාලයේ, බොහෝ විට උදෑසන හෝරාවන් වලදී ක්‍රියාකාරි වේ. ශාකභක්ෂක සත්වයෙකු වන හාවා තණකොළ, දළු රිකිලි ආදිය ආහාරයට ගනී. නිශ්චිත අභිජනන සමයක් නොමැති අතර අවුරුද්දේ ඕනෑම කාලයක පැටවුන් එකෙකු හෝ දෙදෙනෙකු බිහිකරයි.
English Post >>
Sunday, August 18, 2024
පොරෝ කුරුල්ලා/පොරෝළුවා (Upupa epops)
පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ වියලි කලාපීය ප්‍රදේශ දක්වා විවෘත එලිමහන් ප්‍රදේශ සහ ලඳු කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් හමුවන දේශීය පක්ෂියෙකි. කඳුකරයේ වඩාත් දුර්ලභ අතර කලාතුරකින් තෙත් කලාපයටද සංක්‍රමණය වේ. ඝන වනාන්තරවල හමු නොවන අතර සංක්‍රමණ පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී බොහෝවිට මෙරටට සංක්‍රමණය වන සංක්‍රමණ පොරෝ කුරුල්ලන්ද සිටින බවට විශ්වාස කෙරේ. පොරෝ කුරුල්ලා තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරමින් පොළොව මත වැටී ඇති ශාක පත්‍ර අවුස්සමින් සැගවී සිටින කෘමීන් සහ එවන් කුඩා සතුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගනී. ගසක හෝ ගං ඉවුරක හෑරූ බෙනයක හෝ ඇතැම්විට ගොඩනැගිල්ලක වූ එවන් සිදුරක නොවැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ හෝ නැවතත් ජූනි සිට ජූලි දක්වා කාලයේ හතරේ සිට හත දක්වා වූ බිත්තර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. ගැහැණු පක්ෂියා බිත්තර රැකීමේ නිරත වන මුළු කාලය තුලම කෑදැත්තන් මෙන් පොරෝ කුරුල්ලාගේ පිරිමි පක්ෂියාද කිරිල්ලයට අවශ්‍ය ආහාර සපයා දේ.
English Post >>
Saturday, August 17, 2024
පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)
පහත රට වියලි කලාපයේ, දිවයිනේ නැගෙනහිර සිට දකුණු දෙසට විහිදුණු කොටසක වනාන්තර, විවෘත ගස් කොළන් සහිත ප්‍රදේශ සහ අතරින් පතර ගස් සහිත ලඳු කැලෑ වල ස්ථානීය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වන අතර, කෙඳි වර්ග සහ කෝටු කැබැලි උපයෝගි කරගෙන පඳුරක පහල මට්ටමේ අතු කිහිපයක් එක්කර හෝ කරුවක තනන විවෘත කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දමා වසරේ මුල් මාස කිහිපයේ අභිජනනය සිදුකරයි.
English Post >>
Thursday, August 15, 2024
නෙත් කහ තණ දෙමළිච්චා/ඇස් කහ දෙමළිච්චා (Chrysomma sinense)
පහතරට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් තෘණ භූමි සහ ලඳු කැලෑ වල හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට වියලි කලාපයේ තරමක් සුලභ නමුත් තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් බොහෝවිට ඝනව වැවුණු පඬුරු අතරින් ගමන් කරමින් ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කරගනිමින් දිවි ගෙවයි. නමුත් සැන්දෑ කාලයේදී විවෘත ස්ථානයක පිහිටි ගසක අතු මත ලගිමින් සිය ඝෝෂාකාරී නාදය නගමින් කෑගසන පක්ෂීන් නිරීක්ෂණය කල හැක. පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ දිගු තෘණ පත්‍ර මකුළු දැල් වලින් එක්කර මාන වර්ගයේ තෘණ ගස් කිහිපයක කඳවල් වලට සවි කර තනන කෝප්පයක හැඩැති ගැඹුරු කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Wednesday, August 14, 2024
මොණරා (Pavo cristatus)
පහත රට වියලි කලාපයේ සහ අතරමැදි කලාපයට අයත් සමහර ප්‍රදේශ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. විවෘත ප්‍රදේශ, හේන් සහ ලඳු කැලෑ වල දැකිය හැකි අතර ඝන කැලෑ වල හමු නොවේ. ධාන්‍ය වර්ග, ගස් වල කොළ, තණකොලපෙත්තන්, වේයන්, සහ කුඩා උරගයන්ද ආහාරයට ගන්නා මොණරා බොහෝවිට උදෑසන කාලයේ සහ ඉර බැස යෑමට පෙර හෝරාවන් වලදී ආහාර සොයමින් හැසිරේ. රාත්‍රියේදි ගස් මත ලැග සිටින අතර, දහවල් කාලයේදී බොහෝවිට කුඩා රංචු ලෙසින් ආහාර සොයමින් භූමිය මත බොහෝදුර ඇවිදිමින් කාලය ගත කරයි. බාධකයක් හමුවූ විට එය මගහැරීමට, උදාහරණයක් ලෙසට ගඟකින් එතෙර වීමට වැනි අවස්ථාවලදී මෙන්ම හදිසි අනතුරක් දැණුන විට පමණක් පියෑඹීම සිදු කරයි. දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ ඝනව වැඩුණු පඳුරු අතර පොළොව මත මඳක් හෑරූ වලක බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරන අතර, එම කාලයේදී පමණක් පිරිමි පක්ෂියාගේ දිගු පෙඳයක් දැකිය හැක.
English Post >>
Tuesday, August 13, 2024
තට්ට මාන කොකා/හීන් බහුරු මානාවා (Leptoptilos javanicus)
දුර්ලභ දේශීය පක්ෂියෙකු වන තට්ට මාන කොකා බොහෝවිට පහත රට වියලි කලාපයේ වනාන්තර තුල සහ වනාන්තර ආශ්‍රිතව පිහිටි වගුරු බිම්, පොකුණු, වැව් විල්ලු වැනි පරිසර පද්ධති වල දැකිය හැකි මෙරට තුල වාර්තා වන පක්ෂීන් අතරින් විශාලතම පක්ෂියාය. එහෙත් මෙරට සිටින තවත් දුර්ලභම පක්ෂියෙකු වල අලි මානාව තරම් උස නොවේ. බොහෝවිට තනි පක්ෂීන් ලෙසින් ජලය සහිත පරිසරයක වියලි ඉවුරේ ඇවිදිමින් ගෙම්බන්, කකුළුවන්, මත්ස්‍යයන්, කුඩා ක්ෂීරපායින්, සර්පයන් මෙන්ම වෙනත් කුඩා උරගයන්ද ගොදුරු කරගනී. එහෙත් ඇතැම් අවස්ථා වලදි කුඩා රංචු ලෙසින්ද වියලීගෙන යන ජලජ පරිසර වල හමුවේ. තට්ට මාන කොකා වෙනත් කොකුන් විශේෂ මෙන් නොව පියඹා යෑමේදී සිය ගෙල පසුපසට හකුලාගෙන උරහිස් දෙපස තබා ගනී. මෙම පක්ෂියාගේ කැදලි මෙරට තුලින් හමුවී ඇත්තේ කලාතුරකින් වුවද අභිජනන සමයේදී සහ ඉන්පසුව පැටවුන් දැකිය හැක. තට්ට මාන කොකා වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා සහ නැවතත් සැප්තැම්බර් මාසයේ විශාල ගසක මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තනන කූඩුවක බිත්තර තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Saturday, August 10, 2024
කොර කහ/Blue-Mist(Memecylon umbellatum)
An indigenous large shrub or small tree common mainly in the dry zone forests and scrublands. Leaves yields a yellow dye.
Monday, August 5, 2024
එනසාල්/රට එනසාල්/කරඳමුංගු (Elettaria cardamomum)
An indigenous large herb widely cultivated. Wild specimens rare. The seeds provide the cardamom of commerce.
Sunday, August 4, 2024
Cacao/Chocolate Tree/කොකෝවා [Kokova] (Therobroma cacao)
An introduce small tree native to Central America. Introduced in to Sri Lanka in the late 18th Centaury. Cultivated for its seeds which used for the cocoa prodution.
Saturday, July 20, 2024
Sunday, July 14, 2024
Date Plum (Chrysophyllum oliviforme)
An introduced shrub or tree native to West Indies. Introduced in 1814 and cultivated occasionally in home gardens as an ornamental plant.
Thursday, July 11, 2024
වල් පොල්කිච්චා (Copsychus malabaricus)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි වල් පොල්කිච්චා. පහත රට වියලි කලාපීය වනාන්තර වල වඩාත් සුලභ වන අතර ස්ථානිය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස ඇතැම් තෙත් කලාපීය වනාන්තර වලද හමුවේ. ප්‍රධාන වශයෙන් කෘමින් ආහාරයට ගන්නා මෙම පක්ෂියා බොහෝවිට වනාන්තරයේ හමුවන කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බවට අනුමාණ කෙරේ. ජෝඩු වශයෙන් දිවිගෙවන වල් පොල්කිච්චා මාර්තු සිට මැයි දක්වා කාලයේ ගසක බෙනයක කෙඳි වර්ග එකතු කර කොට්ටයක් ලෙසින් තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
English Post >>
English Post >>
Wednesday, July 10, 2024
හීන් ගිණිකුරුල්ලා/පුංචි මිණිවිත්තා (Pericrocotus cinnamomeus)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා සියළුම දේශගුණික කලාප වල පාහේ හොඳින් ගහකොළ සහිත ගෙවතු, විවෘත වන බිම් සහ අතරින් පතර උස් ගස් සහිත ලඳු කැලෑ ආදියේ එතරම් සුලභ නොවන ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් මෙම පක්ෂියා වැසි වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරන හීන් ගිණිකුරුල්ලා දලඹුවන්, තණකොළපෙත්තන්, සලබයන් වැනි සතුන් ආහාරයට ගනිමින් තුරු හිස් මතින් එකා පසු පස එකා ලෙසින් තෝරාගත් ප්‍රදේශයක එක් ගසක සිට තවත් ගසකට පියාසර කරමින් කල් ගෙවයි. ප්‍රධාන වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් ලයිකන, ශාක පත්‍ර වල මැද නාරටි, මකුළු දැල් ආදිය උපයෝගි කරගනිමින් වනාන්තරයේ ඇති ගසක හෝ රබර් ගසක හෝ තේ වත්තක සෙවනට වවා ඇති ගසක ලයිකන වලින් යුත් කුඩා අත්තක හෝ කරුවක සාදා බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Subscribe to:
Posts (Atom)