දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, October 22, 2025
ලය තැඹිලි මැසිමාරා/ලය රන් නිල් මැසිමාරා (Niltava tickelliae jerdoni)
දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
Wednesday, October 15, 2025
මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)
පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Friday, August 29, 2025
උකුසු බස්සා/දුඹුරු උකුසු බස්සා(Ninox scutulata)
දිවයින පුරා වනාන්තර, වගා බිම් සහ ගහ කොළ සහිත නගර සහ ගම්මාන ආශ්‍රිතවද හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකරයේ එතරම් සුලභ නොවේ. තරමක් දුරට තුරු වදුලින් යුත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශද ඇතුලත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි හෝ දුරකතන කණු මත හෝ වහලවල් මත තිබෙන රූපවාහිනි ඇන්ටෙනා මත රාත්‍රී කාලයේදී වසා සිටින මෙම බස්සාගේ දර්ශනය එතරම් දුලභ දසුනක් නොවේ. බොහෝවිට සඳ එළිය සහිත රාත්‍රී වලදීත් වෙනත් දිනවලත් ඇසෙන කූක්..කූක් නාදය මගින් මෙම පක්ෂියා එම ප්‍රදේශයේ සිටින බව පහසුවෙන් හඳුනාගත හැක. රාත්‍රී කාලයේදී ක්‍රීයාකාරි උකුසු බස්සා යම් ස්ථානයක සිට වරින් වර ඉගිලී ගොස් ගොදුරු කරගන්නා කෘමීන් ආහාරයට ගනී. උකුසු බස්සා මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් නොවැම්බර් මාසයේ ගස් බෙනයක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.
English Post >>
Saturday, July 12, 2025
ලබු ගිරවා (Psittacula eupatria)
ලබු ගිරවා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඇතැම් ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව දැකිය හැක. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තෙත් කලාපයේද කලාතුරකින් දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා හෝ විශාල රංචු වශයෙන් වනාන්තර සහ ගහ කොළන් සහිත පරිසර පද්ධති වල සැරිසරමින් පළතුරු, බීජ වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්නා ලබු ගිරවා නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ විශාල මැරුණ හෝ එසේ නොවන ගසක ස්වාභාවිකව ඇතිවූ හෝ කෑරළුන් විසින් තැනූ කුහරයක් තම අවශ්‍යතාවය පරිදි විශාල කරගෙන තැනූ බෙනයක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි
English Post >>Saturday, June 28, 2025
පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)
English Post >>
Sunday, April 27, 2025
මහ වැලි ඔලෙය්යා/රජ වැලි ඔලෙවියා (Charadrius leschenaultii)
English Post >>
Sunday, April 20, 2025
වැලි සිලිවටුවා/වැලි හින්නා (Calidris alba)
English Post >>
Saturday, March 29, 2025
දාර මහවටුවා/වයිර පෙඳ ගොහොදුවිත්තා (Limosa lapponica)
English Post >>
Wednesday, March 26, 2025
කකුළු ඔලෙවියා (Dromas ardeola)
උතුරු සහ වයඹ දිග මුහුදු වෙරළ, කලපු, ගංගා මෝයවල්, වැලි පර සහ කොරල් පර වල ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. කලාතුරකින් වෙනත් එවැනි වියලි කලාපීය වෙරල තීරයන්ගේද හමුවේ. තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් මෙන්ම කුඩා රංචු වශයෙන්ද දිවි ගෙවන මෙම පක්ෂියා කලපු වල නොගැඹුරු ජලයේ මෙන්ම මුහුදු වෙරලේ උදම් සීමාවේ ඇවිදිමින් හෝ ජලයේ බැස ගමන් කරමින් ප්‍රධාන වශයෙන් කකුළුවන් සහ බොහෝවිට සමුද්‍රිය වැලි පණුවන් සහ මොලුස්කා විශේෂ ගොදුරු කරගැනීම සිදුකරයි. කකුළු ඔලෙවියා මැයි සිට ජූනි දක්වා කාලයේ වෙරල තීරයට ආසන්න වැලි පරයක අඩි 2 සිට 4 දක්වා දුරකට හාරන ලද උමගක කෙලවර තනන කුඩා කුටීරයක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.
English Post >>Monday, February 10, 2025
පිටකළු මුහුදු කපුටා/හීන් පිටකළු ගලුවියා (Larus fuscus)
Wednesday, January 29, 2025
අළු මුහුදුලිහිණියා/පොදු මුහුදුලිහිණියා (Sterna hirundo)
ශ්‍රී ලංකාව අවට සාගර කලාපයට සහ වෙරළබඩ වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි.එසේම දිවයින අවට සාගර කලාපයේ වූ කුඩා දූපත් වලද අළු මුහුදුළිහිණියා අභිජනනය කරන බවට නිරීක්ෂණය කර ඇත. කුඩා හෝ විශාල රංචු ලෙසින් දිවිගෙවන මෙම මුදුළිහිණියා මුළුමනින්ම පාහේ මුහුදේ වෙසෙන මත්ස්‍යයන්, කකුළුවන් සහ බෙල්ලන් ආදී ජීවින් ගොදුරු කරගනී.
English Post >>
Sunday, January 19, 2025
පුංචි මුහුදුළිහිණියා (Sternula albifrons)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළබඩ තෙත් බිම් වල සහ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි ඇතැම් වැව් වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. ඇතැම්විට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද පැමිණේ. මෙරට සිටින කුඩාම මුහුදුලිහිණි විශේෂය වන මෙම මුහුදු ලිහිනිණියා ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් සහ ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා අතර, බොහෝවිට ජලයේ වසන වෙනත් කෘමීන්ද ආහාරයට ගන්නවා විය හැක. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හමුවන මුත් එකම ප්‍රදේශයක විසිරුණු රංචු ලෙසද ගොදුරු සොයමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. මැයි සිට අගෝස්තු දක්වා කාලයේ කුඩා සමූහ වශයෙන් මුහුදු වෙරලේ, වියලි මඩ වගුරු වල මෙන්ම වැව් අද්දරද අභිජනනය කරන මෙම මුහුදු ලිහිණියා විවෘත භූමියේ නොගැඹුරු ලෙස සූරාගත් වලක බිත්තර 2 හො 3 ක් දමා පැටවුන් බිහිකරයි.
English Post >>
Saturday, January 18, 2025
රතු මැටි කොරවක්කා/ළය රතු විල් කෙරැළියා (Zapornia fusca)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මීටර 1400 ක පමණ උස් මට්ටම් දක්වා වගුරු, කුඹුරු, සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ඝනව වැවුන ගහකොළ අතර දිවිගෙවන දුර්ලභ දේශීය පක්ෂියෙකි. තවද උත්තර අර්ධගෝලයේ රටවල ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී මෙරටට පැමිණෙන සංචාරක රතු මැටි කොරවක්කන්ද සිටින බව හඳුනාගෙන ඇත. ඉතාමත් කුලෑටි පක්ෂියෙකු වන රතු මැටි කොරවක්කා තනි තනි පක්ෂීන් වශයෙන් හෝ ජෝඩු වශයෙන් දිවි ගෙවන අතර, ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ පන් සහ තණකොළ උපයෝගි කරගෙන වගුරු බිමක පොළොව මත මනාව ගහකොළ වලින් ආවරනය වූ ස්ථානයක හෝ වතුර මත පාවෙන ලෙසට සාදන කූඩුවක බිත්තර 3 සිට 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
Sunday, December 29, 2024
හිස කළු මුහුදුළිහිණියා/ගලුතුඩු සයුරුළිහිණියා (Gelochelidon nilotica)
වියලි කලාපීය කලපු, ලේවායන්, වෙරළබඩ විශාල වැව්, වැලි තුඩු සහ ගංගා මෝය ආදියෙහි සුලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. තෙත් කලාපීය වෙරළබඩ ප්‍රදේශ වල සහ රට අභ්‍යන්තරයේ පිහිටි තෙත් බිම් වල දුර්ලභය. ප්‍රධාන වශයෙන් උත්තර අර්ධ ගෝලයේ රටවලට ශීත සෘතුව බලපවත්වන කාලයේදී මෙරට අවට මුහුදු තීරයට පැමිණෙන මුත් එම රට වලට ගිම්හාන සෘතුව බලපවත්වන කාලයේදීද මෙරට අවට සැරිසරන පක්ෂීන් ඇතැම් විට දැකිය හැක. ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි ආදම්ගේ පාලම ලෙසින් හැඳින්වෙන වැලි පර දූපත් වල අභිජනනය කරන පක්ෂීන්ද ඇතැම්විට සිටින බව විශ්වාස කෙරේ. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ විසිරුණු රංචු ලෙසින් ජල පෘෂ්ඨයට ආසන්නව පියාසර කරමින් වරින් වර ජලය මතු පිට ගිලෙමින්, ජලජ කෘමීන්, ගෙම්බන්, මත්ස්‍යයන්, කකුළුවන්, ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා මෙම මුහුදු ලිහිණියා ආහාර සොයමින් නොයන අවස්ථා වලදී බොහෝවිට වෙනත් මුහුදු ලිහිණි විශේෂ සමගින් වැලි පර මත ගිමන් හරින ආකාරය නිරීක්ෂණය කල හැක. සමූහ වශයෙන් අප්‍රියෙල් සිට ජූනි දක්වා කාලයේ කලපු වෙරල වල හෝ වැලි පර දූපත් වල අභිජනනය කරයි.
English Post >>
Saturday, December 21, 2024
සිඟිති සිලිවටුවා/ටෙමින් හින්නා (Calidris temminckii)
දිවයිනේ පහත රට ප්‍රදේශ වල තණකොල සහ එවන් මිටි ශාක සහිත නොගැඹුරු දියපාරවල් ඉවුරු වල සහ මඩ වගුරු අද්දර තරමක් දුර්ලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. නිතර පක්ෂීන් 3 ක් හෝ 4 ක් සහිත රංචු වශයෙන් හමුවන අතර ඇතැම් විට වෙනත් සිලිවටුවන්/හින්නන් සහ පුංචි මාල ඔලෙවියන් හෝ වන සිලිබිල්ලන්/වන සිලිවටුවන් වැනි පක්ෂීන් සමගද හැසිරේ. සිඟිති සිලිවටුවා උතුරු යුරෝපයේ සහ ආසියාවේ අභිජනනය කරයි.
English Post >>Sunday, December 15, 2024
පතන් උකුස්සා/කළු උරිස් පතනකුස්සා (Elanus caeruleus)
පහත රට වියලි කලාපීය සහ කඳුකර විවෘත භූමි, තෘණ භූමි, කුඹුරු සහ පතන් බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වලටද ඇතැම් විට සංක්‍රමණය වන අවස්ථා වාර්තා වී ඇත. තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හමුවන අතර විවෘත බිම් වල පියාඹමින් නිතර එකතැන නැවතී තටු ගසමින් පලගැටියන්, කටුස්සන්, මීයන් සහ කුරුළු පැටවුන් දඩයම් කරයි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ සහ ඇතැම්විට නැවතත් ජූලි සිට ඔක්තෝබර් දක්වා මාස වල ගසක මුදුනේ හොඳින් විවෘත ස්ථානයක කෝටු කැබැලි ගොඩ ගසා තනන කපුටු කූඩුවක් වන් වූ කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Wednesday, November 13, 2024
ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා (Picus xanthopygaeus)
English Post >>
Saturday, November 9, 2024
අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා (Gallinago gallinago)
තරමක් දුර්ලභ ලෙසින් වුවත් අවුරුදු පතා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මෙම කැස්වටුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට වියලි සහ තෙත් කලාපයේ වගුරු, වැව් අසබඩ පිහිටි තණකොල සහිත පරිසර පද්ධති සහ තෙත් කුඹුරු වැනි ස්ථාන වල වාසය කරයි. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වෙමින් මඩ සහිත ස්ථාන වල සිටින පණුවන්, කෘමින්ගේ පිළවුන් වැනි සතුන් ගොදුරු කර ගනී. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හැසිරෙන අතර මඩ තුල ගැඹුරට ඔවුන්ගේ දිගු, එමෙන්ම සංවේදී හොට දමා එවන් සතුන් සොයාගනී. මෙම කැස්වටුවා යුරෝපයේ ආසියාවේ මෙන්ම උතුරු ඇමෙරිකාවේද අභිජනනය කරයි.
English Post >>
Wednesday, August 21, 2024
රෑ කොකා/රෑ කණ කොකා (Nycticorax nycticorax)
පහත රට තෙත් සහ වියලි කලාපයේත්, කඳුකරයේ පහල ප්‍රදේශ වලත් වගුරු බිම්, කඩොලාන, ගංගා, වැව් සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. රාත්‍රි කාලයේදී ක්‍රියාකාරි වන අතර දහවල් කාලයේදී සමූහ වශයෙන් ගසක් මත ලැග කාලය ගත කරයි. ප්‍රධාන වශයෙන් මාළුන්, ගෙම්බන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා රෑ කොකාට වර්ෂාව සමග වෙනස් වන අභිජනන සමයක් ඇති මුත් බොහෝදුරට දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ කෝටු කැබැලි ගොඩ ගසා, ගසක් මත තුරු වියනින් සෙවන සහිත ස්ථානයක තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
English Post >>





