Thursday, February 5, 2026

Western Marsh Harrier/වගුරු බිම් උකුස්සා/වගුරු හැරිකුස්සා (Circus aeruginosus)

An uncommon winter migrant to marshes, grasslands, and paddy fields throughout the country, mainly in the lowlands. It is usually encountered as a solitary bird and feeds on frogs, water snakes, fish, and water birds such as teals and waterhens, as well as small mammals and insects including grasshoppers. It hunts with a slow, sailing flight close to the ground. Like other harriers, it often perches on the ground and probably roosts there at night, though it also frequently perches in trees.  The Western Marsh Harrier breeds in Europe and Asia, north of the Himalayas.

Sunday, February 1, 2026

Blue Rock-Thrush (philippensis)/නිල් වල් අවිච්චියා/නිල් ගල්සැරියා (Monticola solitarius philippensis)

The Blue Rock Thrush (Monticola solitarius pandoo) is a rather rare but regular migrant, occurring locally on large rock outcrops, boulders, and scattered small rocks in open areas of mountain slopes in the dry lowlands and hills. During its stay in Sri Lanka, it is mostly encountered as a solitary bird and feeds on small insects on the ground. It breeds in the hills of Afghanistan, Baluchistan, and the Himalayas.

The bird featured in this post belongs to the subspecies philippensis, recorded for the first time in Sri Lanka at the Inginiyagala Reservoir Dam site during the 2025–2026 migratory season. This subspecies breeds in eastern Mongolia, northeastern China, Korea, Japan, coastal Taiwan, and the northern Philippines.

Saturday, January 24, 2026

නර කරඹ/මුඩ මහණ (Blumea obliqua)

 An indigenous annual herb common in sandy or clayey areas especially near the sea in the dry zone. Flowering from December to June (Probably throughout the year)

Sunday, January 18, 2026

Northern Shoveler (Spatula clypeata)

An uncommon winter migrant to coastal lagoons, other coastal wetlands and freshwater habitats of the dry lowlands, occurring mainly in the north and rarely in the wet lowlands. The Northern Shoveler is usually found in small to large flocks and feeds on small larvae and other invertebrates by sieving surface water with its bill. It breeds in the temperate regions of the Northern Hemisphere.



 

Saturday, January 17, 2026

Orange-headed Thrush/තැඹිලි වල් අවිච්චියා (Geokichla citrina)

Rather rare winter migrant to forests, scrublands, and well-wooded gardens with undergrowth, from lowlands to the lower hills. A very shy bird, the Orange-headed Thrush during its stay in Sri Lanka usually occurs as solitary individuals, keeping to dense cover close to the ground within a small territory. It feeds on insects, insect larvae, spiders, and berries. It breeds in the Himalayas.

Sunday, January 11, 2026

Black-naped Oriole (Oriolus chinensis)

Rare winter migrant to forests, plantations, and wooded gardens from lowlands to the hills. While wintering in Sri Lanka, the Black-naped Oriole occurs mainly as solitary birds and feeds on berries and insects in the canopy. It breeds in SE Russia, northeastern China, Korea, Japan, Vietnam, and the Andaman and Nicobar Islands, and wintering mainly in northeastern part of the India and peninsular regions as well as Bangladesh. 

Tuesday, December 30, 2025

Crimson-backed Flameback (Chrysocolaptes stricklandi)

Rather uncommon breeding resident inhabiting forests and nearby well-wooded areas throughout the island, but more common in the wet zone and the hills. It occurs mainly in pairs and feeds on ants, termites, and other insects found beneath tree bark. The breeding season extends from October to March, with an additional breeding period sometimes from August to September. One to three white eggs are laid in a tree hole of a dead tree or a large branch.



Monday, December 29, 2025

දික්පෙඳ සබරිත්තා/ගුරු ඇස්පටියා (Lanius schach)

 ප්‍රධාන වශයෙන් උතුරු සහ වයඹ දිග වියලි සහ ශුෂ්ක කලාප වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශීය පක්ෂියෙකි. උතුරු මැද පලාතේ ඇතැම් ප්‍රදේශ වලද දුර්ලභ ලෙසින් හමුවේ. විවෘත භූමි, වනාන්තර මෙන්ම ලඳු කැලෑ වලද තනිව හෝ ජෝඩු ලෙසින් දිවි ගෙවන දික්පෙඳ සබරිත්තා පඳුරක විවෘත අත්තක් මත හෝ කණුවක් මත සිට ඉගිලෙමින් අහසේ සැරිසරන පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් ගොදුරු කර ගනී. තවද කුඩා උරගයන් සහ ගෙම්බන්ද, ඇතැම් අවස්ථා වලදී කූඩුවල සිටින කුරුළු පැටවුන්ද දඩයම් කරයි. වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ තණකොළ, ශාක මුල්, වැල් ආදිය උපයෝගි කරගනිමින් ඇකේෂියා වැනි කටු සහිත  ගසක් මත තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, December 28, 2025

Mongolian Short-toed Lark (Calandrella dukhunensis)

A rare vagrant to the open, dry grassy and weedy habitats of the low country. During its stay in Sri Lanka, it occurs either as solitary individuals or in small flocks. It feeds mainly on small invertebrates such as insects, beetles, caterpillars, grasshoppers, and spiders, as well as on plant material including seeds, buds, grasses, and occasionally fruits and flowers. It forages on the ground, often sitting still for long periods or running about, sometimes digging into the soil with its bill. The Mongolian Short-toed Lark breeds on the steppes of eastern Mongolia and adjoining regions of China and Russia.

Saturday, December 27, 2025

Friday, December 26, 2025

Green Warbler (Phylloscopus nitidus)

A common winter migrant to forests and wooded gardens throughout the island. During its stay in the island it occurs as a solitary, territorial bird, feeding on insects among the foliage—usually in the tree canopy and only rarely descending into the undergrowth—while constantly uttering its characteristic thirririp call. Green Warbler breeds in Caucasus mountains to the Afghanistan

Thursday, December 25, 2025

ගෙල සුදු වී කුරුල්ලා (Lonchura malabarica)

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ මන්නාරම, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ශුෂ්ක වෙරල තීරයේ තෘණ භූමි, කුඹුරු සහ වෙනත් වගා බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් හුදකලා සමූහයන්ද ඇතැම් විට දැක ගත හැක. තෘණ බීජ, වී ආදි දේ ආහාරයට ගන්නා මෙම වී කුරුල්ලා බොහෝවිට 10-12 පමණ රංචු ලෙසින් හමුවන මුත් ඇතැම් අවස්ථා වලදී විශාල රංචු ලෙසින්ද දැකගත හැක. ගෙල සුදු වී කුරුල්ලා වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් වී කුරුල්ලන් මෙන් තෘණ භාවිතයෙන් ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර 4 සිට 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.

 English Post >>

Saturday, December 20, 2025

Amur Falcon (Falco amurensis)

A rare but regular passage migrant, and occasionally a winter visitor, occurring in open country mainly in the dry lowlands. It breeds in eastern Asia and winters in eastern Africa. The Amur Falcon typically hovers or flies just above treetops, capturing insects on the wing and often consuming them while in flight. It is a gregarious species, frequently seen in flocks during migration, sometimes mixed with other species. It commonly perches on power lines, fences, bushes, and similar structures.


Saturday, December 6, 2025

Indian Cuckoo/කෝන කොහා/ඉන්දු කෝකිලයා [Kona Koha/Indu Kokilaya] (Cuculus micropterus)

An uncommon breeding resident of forests and well-wooded areas in the dry lowlands, supplemented by migrant populations in the lowlands and mid-hills. It is mostly lives as solitary birds and typically inhabits the tops of tall trees. The species is brood-parasitic, its probable hosts being orioles, flycatchers, and drongos. Its breeding season likely extends from January to May.

Sunday, November 16, 2025

මාතුඩු ගස්රැවියා/මහතුඩු හම්බු කුරුල්ලා (Phylloscopus magnirostris)

 පහත රට ප්‍රදේශ වල සිට ඉහල කඳුකරය දක්වා තෙත් සහ වියලි කලාපීය වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ගෙවතු වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ එකම ප්‍රදේශයක විසිරුණු සමූහයක් ලෙසට වනාන්තර උඩු වියනේ ආහාර සොයමින් හැසිරෙන මෙම පක්ෂියා හිමාලය ප්‍රදේශයේ අභිජනනය කරයි.

English Post >>

Monday, November 10, 2025

Dollarbird /හොට පළල් දුම්බොන්නා/දුම්කාවා (Eurystomus orientalis)

A rare breeding resident found in forests, forest clearings, and adjoining open areas from the lowlands to the lower hills. It lives either solitarily or in pairs and usually perches on the tops of tall trees, from where it flies out to catch insects in flight. The breeding season lasts from February to April. The nest is built in a cavity of a dead tree, often in an abandoned woodpecker hole, which the bird enlarges to suit its needs. A clutch consists of three to four eggs.

Saturday, November 8, 2025

Legge's Hawk-Eagle/මහ කොණ්ඩරාජාලියා/හෙල් කොණ්ඩකුස්සා [Maha Kondarajaaliya/Hel Kondakussa] (Nisaetus kelaarti)

A rather rare breeding resident found in forested areas from the foothills to the higher hills. It lives either solitarily or in pairs and feeds on rats, hares, fowls, and lizards. The breeding season lasts from December to March. The nest, a large mass of sticks lined with green leaves, is built high in a tall tree within dense forest. It lays a single egg.

Thursday, November 6, 2025

කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා උස් වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ස්ථානීය වශයේන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමීන් ගොදුරු කර ගනී. අප්‍රියෙල් සිට මැයි දක්වා කාලයේ උස් ගසක උඩු වියනේ අත්තක් මත කෝප්පයක හැඩැති කූඩුවක් තනා අභිජනනය කරයි.

 English Post >>

Monday, November 3, 2025

බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා (Lophotriorchis kienerii)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ වල දුර්ලභ ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ තනි තනි පක්ෂීන් ලෙසින් දිවි ගෙවන මෙම රාජාලියා ප්‍රධාන වශයෙන් වෙනත් පක්ෂීන්, විශේෂයෙන් පරවියන් ගොදුරු කර ගනී. අහසේ ඉහල සිට වේගයෙන් එවන් පක්ෂීන් හඹා ගොස් අල්ලා ගන්නා අතර එයට අමතරව කුඩා ක්ෂිරපායින් සහ උරගයන්ද ආහාරයට ගනී. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ ගසක් මත කෝටු කැබැලි ගොඩ ගසා වටේට ශාක පත්‍ර යොදා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.

English Post >>

Sunday, November 2, 2025

Plum-headed Parakeet/පණු ගිරවා [Panu Girawa] (Psittacula cyanocephala)

A rather uncommon breeding resident found in forests and well-wooded areas of villages and towns, ranging from the wet lowlands to the mid-hills, as well as the foothills of the dry lowlands. It is usually seen in pairs or small flocks and feeds on fruits, buds, seeds, grains, and the nectar of certain flowers. The breeding season extends from February to May and again from August to September. It lays two to four eggs in a tree cavity—often an adapted Barbet’s or Woodpecker’s hole, or a natural hollow, usually in a dead tree.

Wednesday, October 22, 2025

ලය තැඹිලි මැසිමාරා/ලය රන් නිල් මැසිමාරා (Niltava tickelliae jerdoni)


දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු  සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.  

English Post >>

Sunday, October 19, 2025

Sri Lanka Drongo/කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා [Konda Kawuda/Sri Lanka Silu Kawuda] (Dicrurus lophorinus)

An endemic bird, locally common in tall forests, adjoining woodland habitats, and well-wooded gardens across a range of elevations from the wet lowlands to mid-hills. This drongo is observed either in pairs or small flocks and is primarily insectivorous, specializing in catching flying insects. Its breeding season occurs from April to May, during which it builds a small, cup-shaped nest in the canopy of a tall tree.

සිංහලෙන් කියවන්න >>

Wednesday, October 15, 2025

මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)


 පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >> 

Sunday, October 12, 2025

Red faced Malkoha/වත රතු මල්කොහා [Wata Ratu Malkoha] (Phaenicophaeus pyrrhocephalus)

 An endemic and fairly rare bird found locally in the dense, tall forests of the wet zone, ranging from the lowlands to the mid-hills. It is very rare in the dry lowland forests and the higher hills. Red-faced Malkoha is usually seen alone, in pairs, or in small parties. A shy bird by nature, it inhabits mainly the canopy of tall, dense forests. Red-faced Malkoha feeds primarily on the berries of forest trees. Its breeding season occurs during the first half of the year, with a possible second breeding period from August to September. The nest is a shallow saucer made of grass, roots, and twigs, placed in high bushes within thick forest undergrowth, where it lays two or three eggs.

Saturday, September 20, 2025

Kuruna debilis [Syn: Arundinaria debilis]

An endemic, bamboo-like vine found on upper mountain slopes at elevations of 1,500–2,000 m. It is locally common, often hanging from small trees and other vegetation, sometimes draping them thickly.

Saturday, August 30, 2025

Jungle Owlet/වයිරම් බස්සා/වන උපබස්සා[Wayiram Bassa/Wana Upabassa] (Glaucidium radiatum)

The Jungle Owlet is a relatively uncommon breeding resident, found locally in dense forests, wooded areas, and nearby well-wooded home gardens, ranging from dry lowlands to dry mid-hills. It is typically solitary or seen in pairs and remains active both day and night. This territorial bird primarily feeds on insects, beetles, and other invertebrates, but it also preys on small birds, rats, and lizards. Breeding occurs during the first half of the year, with the owlet laying 3-4 eggs in a tree hole, directly on the floor of the cavity.

Friday, August 29, 2025

උකුසු බස්සා/දුඹුරු උකුසු බස්සා(Ninox scutulata)

 දිවයින පුරා වනාන්තර, වගා බිම් සහ ගහ කොළ සහිත නගර සහ ගම්මාන ආශ්‍රිතවද හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකරයේ එතරම් සුලභ නොවේ. තරමක් දුරට තුරු වදුලින් යුත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශද ඇතුලත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි හෝ දුරකතන කණු මත හෝ වහලවල් මත තිබෙන රූපවාහිනි ඇන්ටෙනා මත රාත්‍රී කාලයේදී වසා සිටින මෙම බස්සාගේ දර්ශනය එතරම් දුලභ දසුනක් නොවේ. බොහෝවිට සඳ එළිය සහිත රාත්‍රී වලදීත් වෙනත් දිනවලත් ඇසෙන  කූක්..කූක් නාදය මගින් මෙම පක්ෂියා එම ප්‍රදේශයේ සිටින බව පහසුවෙන් හඳුනාගත හැක. රාත්‍රී කාලයේදී ක්‍රීයාකාරි උකුසු බස්සා යම් ස්ථානයක සිට වරින් වර ඉගිලී ගොස් ගොදුරු කරගන්නා කෘමීන් ආහාරයට ගනී. උකුසු බස්සා මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සහ නැවතත් නොවැම්බර් මාසයේ ගස් බෙනයක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.

English Post >>


Sunday, July 13, 2025

Drongo-cuckoo/Fork-tailed Drongo-cuckoo/කවුඩු කොහා[Kawudu Koha] (Surniculus dicruroides)

Rather uncommon breeding resident of open forests, wooded areas and adjoining open scrublands from lowland to higher hills. Fork-tailed Drongo-cuckoo feeds on various insects such as caterpillars and beetles and probably some fruits and seeds. Not much is known about its breeding in Sri Lanka but believed to be parasitized in Common Iora and Dark-fronted Babbler nests. 

Saturday, July 12, 2025

ලබු ගිරවා (Psittacula eupatria)

ලබු ගිරවා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඇතැම් ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව දැකිය හැක. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තෙත් කලාපයේද කලාතුරකින් දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා හෝ විශාල රංචු වශයෙන් වනාන්තර සහ ගහ කොළන් සහිත පරිසර පද්ධති වල සැරිසරමින් පළතුරු, බීජ වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්නා ලබු ගිරවා නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ විශාල මැරුණ හෝ එසේ නොවන ගසක ස්වාභාවිකව ඇතිවූ හෝ කෑරළුන් විසින් තැනූ කුහරයක් තම අවශ්‍යතාවය පරිදි විශාල කරගෙන තැනූ බෙනයක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි 

English Post >>
 

Saturday, June 28, 2025

පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)

පන් වඩුකුරුල්ලා පහත රට වියලි කලාපයේ වගුරු බිම් සහ වැව් ඉවුරු වල දැකිය හැකි උස් පන් ගාල් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීයව අභිජනනය කරන පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වෙරළාශ්‍රිත එවන් පරිසර පද්ධති වල දැකිය හැක. කලාතුරකින් පහත රට තෙත් කලාපයේ එවන් ස්ථාන වලටද සංක්‍රමණය වේ. රංචු වශයෙන් හැසිරෙන පන් වඩුකුරුල්ලා කුඹුරු සහ වගුරු බිම් වල බීජ වර්ග සහ කෘමින් ආහාරයට ගනිමින් ජීවත් වේ. පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා මාස වල පන් ගාල් වල විසිරුණු කොලනි වශයෙන් ගෝලාකාර කූඩු තනා අභිජනනය කරයි. පන් වඩු කුරුල්ල සිය කූඩුව රුක් වඩු කුරුල්ලාගේ කූඩුවට වඩා කෙටි පිවිසුමක් සහිතව පන් වලින් තනයි.  

English Post >>

Sunday, April 27, 2025

මහ වැලි ඔලෙය්යා/රජ වැලි ඔලෙවියා (Charadrius leschenaultii)

 මුහුදු වෙරළ, කලපු, ගංගා මෝය වල ඉවුරු සහ වෙරළාශ්‍රිත මඩ වගුරු ආදියෙහි තරමක් දුර්ලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වියලි කලාපයෙහි එවන් පරිසර පද්ධති වල හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කුඩා භෞමික කෘමීන්, කකුළුවන්, ඉස්සන් වැනි ක්‍රස්ටේෂීයන් පවුලේ සතුන් සහ පණුවන් ගොදුරු කරගනිමින් වෙසේ. ඈත පෙරදිග ආසියානු ප්‍රදේශවල සහ ජපානයේ අභිජනනය කරයි.

English Post >>

Sunday, April 20, 2025

වැලි සිලිවටුවා/වැලි හින්නා (Calidris alba)

ප්‍රධාන වශයෙන් උතුරු, වයඹ සහ ගිණිකොණදිග වෙරළ තීරයන්හි එතරම් සුලභ නොවන ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ රංචු ලෙසින් වෙරළේ මුහුදු රල වෙරළ සමග හැපී ආපසු යනවිට ඒ සමග වේගයෙන් ඇවිදිමින් වෙරළට ගොඩගසන කුඩා අපෘෂ්ඨවංශී සතුන් ගොදුරු කරගනිමින් වාසය කරයි. වැලි සිලිවටුවා උතුරු අර්ධගෝලයේ ඈත තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.

English Post >>

 

Wednesday, April 16, 2025

Saunders's Tern (Sternula saundersi)

Rare breeding resident of coastal waters, estuaries, lagoons, and other wetlands in the dry zone coastal areas. It breeds from May to June in small colonies, with dispersed nests in shallow scrape above tide line on mud or sandbars and in sand-dunes, along the north-western coastline.

Tuesday, April 15, 2025

Chinese Pond-Heron (Ardeola bacchus)

Very rare vagrant bird with few sight records in Sri Lanka. It breeds in Assam and Burma to Eastern China and Manchuria and in the Andaman islands. Non-breeding and immature Chinese Pond-Herons are indistinguishable from the common resident Indian Pond-Herons. However, during the breeding season, the Chinese Pond-Heron's distinctive maroon-chestnut head and neck make identification easier. As a result, all recorded sightings of this species in Sri Lanka have occurred at the end of the migratory season. 

Chinese Pond Heron was first time recorded in Sri Lanka by Dieter Zingel (Germany) on 30th April 1995 at Deberawewa (Hoffmann, T. W., 1996). Later on sight record(s) available by Rex. I. de Silva from Negambo Lagoon (Kotagama S. & Ratnavira G. 2017: 258)

There is also a observation of two birds with photographic evidences on 16th May 2020 by Thishan Jeevaka Perera at Halmillagolawa Wewa, Saliya Wewa, Puttalam, according to the Ceylon Bird Club notes (https://www.ceylonbirdclub.org/the_ceylon_bird_club_news.php)

Recent observations reported in the eBird with photographic evidences

1) A single bird with breeding plumage by Alexander Cherinko at Flooded Fields near Rekawa Beach, Tangalle, Hambantota on 25th April 2021
2) A single bird with breeding plumage by Edmundas Greimas Sigiriya Water Garden, Dambulla, Matale on 8th April 2024
3) A single bird with breeding plumage by Tharaka DhananjayaAshan Tharaka Piyasinghe and Osanda Dissanayake at Anavilundawa Bird sanctuary on 4th April 2025.

References:
  • Hoffmann, T. W., 1996. Ceylon Bird Club Notes 1995. Loris, 21(1), 16-18.
  • Kotagama, S., Ratnavira, G. 2010. An illustrated Guide to the Birds of Sri Lanka. Field Ornithology Group of Sri Lanka, Colombo

Monday, April 14, 2025

Great Knot (Calidris tenuirostris)

 Rather rare winter migrant to tidal mud-flats, lagoons and salt-pans of dry zone coastal areas, mainly in the northern part of the country.  It lives as solitary birds or as small flocks and feeds by probing. Great Knot breeds in north-eastern Siberia

Sunday, April 13, 2025

Red Knot (Calidris canutus)


Rare winter migrant to mud and sand flats as well as the borders of lagoons and estuaries of the dry zone coastal areas. Even though very gregarious birds, both in feeding and flight, in Sri Lanka it is most likely to be found as solitary individuals or as flocks of 2-3 birds. Red Knot breeds in  far northern lands. 

Thursday, April 10, 2025

Terek Sandpiper (Xenus cinereus)

 Rather uncommon winter migrant to lagoons, estuaries, tidal creeks, saltpans and mudflats of lowland coastal areas, mainly in the dry zone. It lives as solitary birds or as few to several scattered birds, usually associating with other sandpipers and plovers. It feeds on various small shore-line animals and has a habit of  carrying them to the water edge and washing them before swallowing. It breeds in the high north of Europe and Asia.  

Saturday, March 29, 2025

දාර මහවටුවා/වයිර පෙඳ ගොහොදුවිත්තා (Limosa lapponica)

 දිවයිනේ උතුරු ප්‍රදේශයේ වෙරළබඩ කලපු, මඩ වගුරු, ගංගා මෝය වැනි පරිසර පද්ධති වලට ලෝකයේ උතුරු අර්ධගෝලයේ රටවල ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී පැමිණෙන දුර්ලභ සංචාරක පක්ෂියෙකි. කලාතුරකින් දිවයිනේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශ වලින්ද පක්ෂීන් වාර්තා වී ඇත. නොගැඹුරු ජලයේ බැස ගමන් කරමින් පණුවන්, කකුළුවන් සහ වෙනත් එවැනි කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගන්නා දාර මහවටුවා තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් හමුවේ.

English Post >>