Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, February 21, 2022
බළල් සේරා/සැවුල් දියසෑනා (Hydrophasianus chirurgus)
Sunday, February 20, 2022
වී කුරුල්ලා/ළය කායුරු වීකුරුල්ලා/පුල්ලි වීකුරුල්ලා (Lonchura puntulata)
දිවයින පුරාම පාහේ තෘණ භූමි, ගෙවතු සහ කුඹුරු ආදියේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. කුරුල්ලන් දහයක පමණ වූ රංචු වශයෙන් ජීවත් වන මෙම වී කුරුල්ලා වී සහ තෘණ බීජ ආහාරයට ගනී. වසර පුරාම පාහේ අභිජනනය කරන මුත් බොහෝවිට ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ බිත්තර සහ පැටවුන් සහිත කූඩු වැඩියෙන් හමුවේ. තණකොල පත්‍ර එකතු කර ගෝලාකාරව තනා ගන්නා කූඩුව ගසක් හෝ පඳුරක් මත තනයි. කටු සහිත දෙහි කුලයේ ශාක හෝ ඇතැම්විට පුවක් ගස් වල මල් කූඩු සැදීම සඳහා වැඩියෙන් යොදාගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.
English Post >>
Friday, February 18, 2022
පුංචි ගෙඹිතුරුවා/ගෙඹි සේරා (Tachybaptus ruficollis)
තරමක් සුලභ දෙශීය පක්ෂියෙකු වන පුංචි ගෙඹිතුරුවා පහත රට වැව්, වගුරු බිම් වැනි ජලජ පරිසර වල වියලි කලාපයේ වඩාත් සුලභ ලෙසත්, තෙත් කලාපයේ තරමක් දුර්ලභවත් හමුවේ. එසේම කඳුකරයේද දුර්ලභව නමුත් අභිජනනය කරන පක්ෂීන් වාර්තා වී ඇත. ඇතැම්විට තනි පක්ෂීන් දැක ගත හැකි වුවත් පුංචි ගෙඹිතුරුවා කුඩා රංචු ලෙසින් ජීවත් වේ. කුඩා මාලුන්, විවිධ ජලජ කෘමීන්, සහ ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා පුංචි ගෙඹුතුරුවා වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වාත්, බොහෝවිට නැවත ජුනි මාසයේත් ජලජ ශාක එකතු කර ජලය මත පාවෙන කූඩුවක් තනා එහි බිත්තර තුනක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, February 17, 2022
Great Cormorant/මහ දියකාවා[Maha Diyakawa] (Phalacrocorax carbo)
Wednesday, February 16, 2022
බොර සබරිත්තා/දුඹුරු ඇස්පටියා (lanius cristatus)
මෙරටට පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි බොර සබරිත්තා හෙවත් දුඹුරු ඇස්පටියා. බොර සබරිත්තන් උප වීශේෂ දෙකක් මෙරට තුලදි වාර්තා කර ඇති අතර ඒ අතරින් මධ්‍යම ආසියාවේ අභිජනනයේ යෙදෙන cristatus උප විශේෂය බහුලව දැකගත හැකි අතර නැගෙනහිර ආසියාවේ අභිජනනය කරන lucionensis උප විශේෂයද ඇතැම් අවස්ථා වලදී මෙරට තුලදී නිරීක්ෂණය කර ඇත. දිවයින පුරාම පාහේ ගස් කොලන් සහිත විවෘත ස්ථාන වල හමුවන දුඹුරු සබරිත්තන් තණකොලපෙත්තන්, කුරුමිණියන් වැනි කෘමි සතුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනී.
English Post >>
Tuesday, February 15, 2022
සර්ප රාජාලියා (Spilornis cheela spilogaster)
සුලභ දේශීය පක්ෂියෙකු වන සර්ප රාජාලියා දිවයින පුරාම පාහේ වනාන්තර සහ වෙනත් එවැනි ගස් කොළන් සහිත ප්‍රදේශ වල හමුවේ. එවන් ප්‍රදේශ වල ඉර එලිය හොඳින් පවතින දිනවල අහසේ කැරකෙමින් එහෙමෙහෙ යමින්, නිතර ඔවුන්ගේ ඝෝෂාකාරී අධික නාදය නිකුත්කරමින් ඉතා ඉහලට ඉහල නගින සර්ප රාජාලියන් බොහෝ විට ජෝඩු වශයෙන් දැක ගත හැක. නමින්ම කියැවෙන පරිදි සර්ප රාජාලියන් ප්‍රධාන වශයෙන් සර්පයන් ගොදුරු කරගනී. එමෙන්ම ගෙම්බන්, මීයන් සහ බොහෝවිට තුවාල වූ සහ අසනීප සහිත කුරුල්ලන්ද සර්ප රාජාලියන් ආහාරයට ගනී. පෙබරවාරි සිට මැයි දක්වා මාස වල වනාන්තරයේ වූ ගසක කුඩා සහ විශාල කෝටු කෑලි විශාල ප්‍රමාණයක් එකතු කරගනිමින් සාදන කූඩුවක බිත්තර එකක් හෝ ඇතැම්විට කලාතුරකින් දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Monday, February 14, 2022
දෙමළිච්චා (Turdoides affinis taprobanus)
ගෙවතු, වගා බිම් සහ මිනිස් වාසයන්ට ආසන්න වනගත ප්‍රදේශ වලද ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. නමුත් ඝන වනාන්තර සහ කඳුකරයේ දුර්ලභය. බොහෝවිට හතට වඩා වැඩි කුරුල්ලන්ගේ රංචු වශයෙන් හමුවේ. එම හේතුව නිසාම ඉංග්‍රීසි භාෂාවෙන් Seven Sisters ලෙස හඳුන්වයි. කෘමින් මෙන්ම ශාකමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා දෙමලිච්චා එවන් බොහෝ ආහාර පොළොව මතු පිටින් ලබාගනී. මාර්තු සිට මැයි දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. ගැඹුරු කෝප්පයක හැඩයෙන් යුත් කූඩුව පඳුරක මනාව සැඟවෙන පරිදි තනා එහි බිත්තර තුනේ සිට පහ අතර ප්‍රමාණයක් දමයි.
English Post >>
Sunday, February 13, 2022
බැම සුදු හම්බු කුරුල්ලා/සරල ප්‍රීනියා (Prinia inornata insularis)
පහත රට තැනිතලා බිම් වල සිට මධ්‍යම කඳුකරයේ පහල කඳු පන්තීන් දක්වා ලඳු කැලෑ, කුඹුරු සහ වගුරු බිම් ආශ්‍රීතව, එම හමුවන ස්ථාන වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. සාපේක්ෂව වියලි කලාපයේ වඩාත් සුලභය. බැම සුදු හම්බු කුරුල්ලන් තනිව හෝ ජෝඩු වශයෙන් දවසේ වැඩි කාලයක් තණකොල පඳුරු අතර එහෙ මෙහෙ පනිමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමීන් ගොදුරු කරගන්නා ආකාරය දැක ගත හැක. බොහෝ විට වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර ගැඹුරු කෝප්පයක ආකාර කූඩුව, පරඩැල් වලින් තණකොළ පඳුරක් හෝ මිටි පඳුරක් මත පොළව මතුපිට හෝ බොහෝවිට වගුරු බිමක නම් ජලය මතු පිට සිට අඩියක් හෝ අඩි තුනක් පමණ උඩින් තනන අතර, එහි බිත්තර තුනෙ සිට පහ දක්වා අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Saturday, February 12, 2022
හම්බු කුරුල්ලා/ඉරි පවන්සැරියා (Cisticola juncidis)
මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශ වල සිට ඉහල කඳුකරයේ මහඑලිය (හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය) දක්වාම දිවයින පුරාම උස තෘණ වර්ග සහිත තණ බිම්, වගුරු බිම්, වැව් අද්දර මෙන්ම කුඹුරු වලද දැකිය හැකි සුලභ පක්ෂියෙකි. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන අතර ප්‍රධාන වශයෙන් තණකොළපෙත්තන් වැනි කෘමි සතුන් ආහාරයට ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා සහ නැවතත් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ තණ පඳුරක මධ්‍යයට වන්නට මනාව සැගවෙන ආකාරයෙන් කූඩුවක් සාදා එහි බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනයේ යෙදේ. කූඩුව ඉහලින් වෘත්තාකාර කුඩා විවරයක් සහිතව සිලින්ඩරාකාර ගොටුවක ආකාරයෙන් සාදයි.
English Post >>Friday, February 11, 2022
පුංචි මාල ඔලෙවියා (Charadrius dubius jerdoni)
English Post >>
Thursday, February 10, 2022
උකුසු කෝකිලයා/උකුසු කොහා (Hierococcyx varius)
උප වීශේෂ දෙකක් ලෙසින් මෙරට හමුවන දුර්ලභ පක්ෂියෙකි උකුසු කෝකිලයා. ciceliae උප වීශේෂය මෙරට තුල අභිජනනය කරන දේශීය පක්ෂියෙකු වන අතර පහල කඳුකරයේ සිට කඳුකරයේ ඉහල ප්‍රදේශය දක්වා දුර්ලභව දැක ගත හැක. මෙරටට සංක්‍රමණය වන පක්ෂියෙකු වන varius උප වීශේෂය පහත රට ප්‍රදේශ වල දුලභ පක්ෂියෙකි. වනාන්තර තුල මෙන්ම හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ තේ වතු වලද මෙම පක්ෂියා හමුවේ. ගස් වල උඩු වියන් ස්ථරයේ සිටින කෘමින් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා උකුසු කෝකිලයා ඇතැම් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බව පැවසේ. බොහෝ විට තනි පක්ෂීන් ලෙසින් හමුවන මුත් ජෝඩු ලෙසින්ද ඇතැම් විට දැකගත හැක. ජනවාරි සිට අප්‍රියෙල් දක්වා කාලයේ අභිජනනය කරන උකුසු කෝකිලයා එම කාලයේ දිවා කල මෙන්ම රාත්‍රියේද නාද කරන මුත් වෙනත් මාස වලදී නිශ්ශබ්ද පක්ෂියෙකි. කෝකිල කුලයට අයත් වෙනත් පක්ෂීන් මෙන්ම උකුසු කෝකිලයාද වෙනත් පක්ෂි විශේෂ තනන කූඩු වල බිත්තර දමන අතර දෙමලිච්චන් වර්ග වල කූඩු ඒ සඳහා උපයෝගි කර ගනී. උකුසු කෝකිල වැඩිහිටි සහ කුඩා පක්ෂීන්ගේ වර්ණ බොහෝ දුරට කුරුළුගෝයාගේ වර්ණ වලට ආසන්න ලෙසින් සමාන වන අතර ප්‍රමාණයෙන්, පියාඹන ආකාරයෙන් සහ ඉරියව් වලින්ද සමීප සමාන කම් දැකිය හැක.
English Post >>
Sunday, January 30, 2022
ගම් කපුටා/කලු කපුටා (Corvus levaillantii)
දිවයින පුරාම පාහේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකු වන ගම් කපුටා නාගරික ප්‍රදේශ වල තරමක් දුර්ලභව දැකිය හැක. එම ප්‍රදේශ වල බහුලව හමුවන්නේ කොළඹ කපුටා ලෙසින් හැඳින්වෙන කපුටු විශේෂයයි. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් හමුවන ගම් කපුටන් කොළඹ කපුටන් මෙන් ආහාර උදෙසා එතරම් මිනිසා මත යැපීමක් සිදු නොකරන බැවින් ඇතැම්විට මිනිස් වාසයෙන් ඈතට වන්නට පිහිටි වනාන්තර තුලද හමුවේ. සර්වභක්ෂිකයෙකු වන ගම් කපුටා මළකුණු මත මෙන්ම මිනිස් අපද්‍රව්‍යද මතද යැපෙන ආකාරය නිරීක්ෂණය කල හැක. ගම් කපුටා අප්‍රියෙල් සිට සැප්තැම්බර් අතර කලයේ උස ගසක් මත කෝටු කැබැලි ගොඩක් එකතු කර සාදන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Sunday, January 23, 2022
White Wagtail/සුදු හැලපෙන්දා (Motacilla alba dukhunensis)
White Wagtail is a rare but regular winter migrants to the lowlands. It can be seen on ground of open areas and cultivated lands, often close to water sources. Usually as solitary birds or may be as a scattered flock of few birds, sometimes also associated with other wagtails. It feeds entirely on small insects. As it is with other wagtails White Wagtail also roosts communally in large flocks in a reed bed or similar habitat.
Sub Species - Motacilla alba leucopsis >>
සිංහලෙන් කියවන්න >>
Wednesday, January 12, 2022
කරපිංචා/Curry Leaf (Bergera koenigii [Syn: Murraya koenigii])
Monday, January 10, 2022
Sri Lanka Golden-backed Frog/රන්වන් දිය මැඩියා (Indosylvirana serendipi)
An endemic frog inhabiting stream banks, coastal marshy areas, lowland rain forests and plantations of the wet zone from sea level to about 1000 m elevations. Often found on rocks, low vegetation and leaf litter close to water sources. Diurnal activities can be observed in rain forest areas though mostly active during the night.
Friday, January 7, 2022
Jerdon's Bull Frog (Hoplobatrachus crassus)
Friday, December 31, 2021
අං කටුස්සා (Ceratophora stoddartti)
මධ්‍යම කඳුකරයේ මුහුදු මටටමේ සිට මීටර් 1500 ත් 2200 ත් අතර උසින් යුත් කලාපයේ නුවරඑලිය, මහඑලිය (හොර්ටන් තැන්න), ශ්‍රිපාද අඩවිය වැනි ප්‍රදේශ වල ස්වභාවික වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල හමුවන මෙරටට ආවේනික කටුස්සෙකි. එසේම භූගෝලීය වශයෙන් හුදකලා වූ ගහණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල කන්ද ආශ්‍රීතවද ඉතාමත් කුඩා ප්‍රදේශයකට සීමා වී හමුවේ. බොහෝවිට ගස් කඳන් මත දිවිගෙවන මුත් භෞමිකවද සැරිසරන අං කටුස්සන් දැක ගත හැක. කෘමින් සහ දලඹුවන් ආහාරයට ගන්නා අං කටුස්සන් භූමියේ සැරිසරන විට ගැඩවිලුන්ද ගොදුරු කර ගනී. ගස් කඳන් මත සිට පොළොව මතට ගමන් කරන අවස්ථාවේදී සිය ශරීර වර්ණය හරිත පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා ක්ෂණිකව වෙනස් කර ගැනීමේ හැකියාව අං කටුස්සාට තිබේ.
English Post >>