සියළුම දේශගුණික කලාප වල සුලබ දේශීය පක්ෂියෙකි. කඳුකරයේ තරමක් දුර්ලභය. බොහෝවිට වනාන්තර අද්දර, කුඹුරු ආදී ගහකොළ සහිත විවෘත බිම් වල හමුවේ. දුරකතන සහ විදුලි රැහැන් මත නිතර දැකිය හැක. පක්ෂීන් 10-15 පමණ සහිත කුඩා රංචු ලෙසින් හෝ ඇතැම්විට ජෝඩු වශයෙන් හමුවේ. ගුවනේ පියාඹන කෘමීන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේදී තාල වර්ගයේ ගසක අත්ත ගසට සම්බන්ධ වන ස්ථානයේ හෝ මැරුණ ගසක කොටයක් මත කුඩා ශාක මුල් සහ කෙඳි උපයෝගි කරගනිමින් නොගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර 3 ක් පමණ දමා අභිජනනය කරයි. මෙම පක්ෂියා කාලගුණ තත්වයන් මත හෝ කෘමීන්ගේ සුලභතාවය අනුව නිතර රට තුල වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වන පක්ෂියෙකු ලෙස සැලකේ.
English Post >>Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, October 22, 2023
Sunday, October 8, 2023
මහ දියකාවා (Phalacrocorax carbo)
English Post >>
Saturday, October 7, 2023
කළු තුරිතයා/පුංචි තුරිතයා (Apus affinis)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය දක්වා, විශේෂයෙන් විශාල ගල් තලා අසල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. විශාල විසිරුණු රංචු ලෙසින් පියාඹන කෘමීන් ගොදුරු කරගනිමින් වේගයෙන් පියාඹන පුංචි තුරිතයන් බොහෝවිට වෙනත් තුරිතයන් විශේෂ මෙන්ම වැහිලිහිණියන් සමගද එකට දැකිය හැක. වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මෙම පක්ෂියා ගල් ගුහාවක වහලයේ හෝ පාලමක යටිපැත්ත වැනි ස්ථානයක හෝ වෙනත් එවැනි තැනක තණකොළ, පිදුරු සහ පිහාටු සිය කෙල වලින් එකට අලවා තනන විශාල කෝප්පයක හැඩැති කූඩු සමූහ වශයෙන් තනා අභිජනනය කරයි. බොහෝවිට එම කූඩු ලැග සිටීම සඳහාද භාවිතා කරන බැවින් වසර පුරාම පාහේ පුංචි තුරිතයන් එම කූඩු පිහිටි ස්ථානය අවට නිතර දැක ගත හැක.
English Post >>
Sunday, September 24, 2023
පෝරු කෑදැත්තා/පොරෝ කෑදැත්තා (Anthracoceros coronatus)
Friday, September 22, 2023
Ceylon Spider Lilly/වල් ලූනු (Pancratium zeylanicum)
An indigenous herb rather common in lowlands. Often cultivated. Flowering more or less throughout the year.
Thursday, September 21, 2023
Slate Flash (Rapala manea schistacea)
Wednesday, September 20, 2023
බට්ටිච්චා (Orthotomus sutorius)
English Post >>
Saturday, September 2, 2023
කළුවන් හම්බු කුරුල්ලා/වන ප්‍රීනියා (Prinia sylvatica vailda)
එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ ලඳු කැලෑ සහ තෘණ භූමිවලත්, පහත රට තෙත් කලාපයේ අතරින් පතර ස්ථානීය වශයෙන් කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාත් හමුවන දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරය දෙසට යන විට වඩාත් දුර්ලභ වේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරන මෙම පක්ෂියා වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ තණකොල සහ මුල් කෑලි ආදිය මකුළු දැල් වලින් එකතු කර තණකොල පඳුරක හෝ වෙනත් එවැනි පඳුරක පහල මට්ටමේ බෝලයක හැඩය ඇති කූඩුවක් තනා එහි බිත්තර 2- 4 අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
English Post >>Friday, September 1, 2023
Thursday, August 31, 2023
සැළලිහිණියා/පොදු සැළලිහිණියා (Gracula indica)
තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර අද්දර, හොඳින් ගහකොළ සහිත ප්‍රදේශ සහ වනාන්තර වලට ආසන්න ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ උස් ගස් සහිත වනාන්තර වලද ස්ථානීය වශයෙන් ඇතැම්විට හමුවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් තියුණු හඩක් නගමින් නිතර එකිනෙකා සමග සම්බන්ධතාවය පවත්වාගනිමින්, බොහෝවිට ගස් වල වියන් ස්ථරයේ සැරිසරමින් ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගනිමින් දිවි ගෙවයි. මැයි සිට අගෝස්තු දක්වා කාලයේ ගසක බෙනයක බිත්තර දෙකක් පමණ දමා අභිජනනය කරයි.
English Post >>Wednesday, August 30, 2023
බට දඹ/දිය දඹ/කොබෝ මල් (Syzygium nervosum [Syn: Cleistocalyx operculatus, Syzygium operculatum])
An indigenous tree locally common, especially in ravines and along river banks of wet and intermediate zone forests up to 800 (-1300) m elevations.
Tuesday, August 29, 2023
Cyanotis ceylanica
Monday, August 28, 2023
බල (Nothopegia beddomei)
An indigenous small to medium-sized tree of wet lowlands to hill country forests. Rather common in the intermediate zone and occurs also in the Ritigala hill. Flowering from March to July.
Sunday, August 27, 2023
වල් ජම්බු/ජම්බු (Syzygium amphoraecarpus)
An endemic medium-sized tree common in Southwestern Sri Lanka including the Knuckles from sea level to about 1500 m altitudes in wet and intermediate zones.
Saturday, August 26, 2023
Horse Radish Tree/Drumstick Tree/මුරුංගා[Murunga]/ (Moringa oleifera)
Friday, August 25, 2023
කඳු වැහිළිහිණියා/හෙල් වැහිළිහිණියා (Hirundo domicola)
English Post >>
Wednesday, August 23, 2023
හීන් මල්කුරුල්ලා/පෙරදිගු සිතැසියා (Zosterops palpebrosa)
Wednesday, August 16, 2023
කළු කවුඩා (Dicrurus macrocercus)
Thursday, August 10, 2023
මහ කොවුල්සැරටිත්තා/මහ කොවුල්ඇස්පටියා (Coracina macei)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල දැකිය හැකි එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ දුර්ලභය. ඇතැම්විට ජෝඩු වශයෙන් සහ කුඩා රංචු වශයෙන් සැරිසරන මුත් බොහෝවිට තනි පක්ෂීන් ලෙස හමුවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් වනාන්තර උඩු වියනේ වෙසෙන කෘමින් ගොදුරු කර ගනී. මැයි සිට ජූනි දක්වා කාලයේ හීනි කෝටු කැබැලි, ශාක පත්‍ර වල නාරටි, ලයිකන ආදිය මකුළු දැල් වලින් එකතු කර තනන නොගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>