Rather rare breeding resident of reedbeds and such other vegetations in the marshes, tank edges, paddy fields (When the paddy is well grown) and river banks from lowlands to the hills, while becoming rarer in the up country. It lives solitary or as pairs and feeds on fish, frogs, insects and such other small animals found in aquatic habitats. Chestnut bittern is a partially nocturnal shy bird, though it is not unusual of encountering them during the day time. It breeds from June to July and lays three to five eggs in a nest made out of dry grasses and hidden in reeds or tussock in a marsh.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, March 9, 2022
Tuesday, March 8, 2022
ගොමරිට්ටා/කෙත් වැරටිච්චා (Anthus rufulus)
දිවයින පුරාම පාහේ තෘණභූමි, කුඹුරු සහ වෙනත් එවැනි විවෘත බිම් වල සාමාන්‍යයෙන් සුලභ දේශිය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් හෝ විසිරිණු රංචු ලෙසින් දිවිගෙවන මෙම පක්ෂියා පළගැටියන්, ගොම කුරුමිණියන්, සහ වෙනත් එවැනි පොළොව මත සිටින කෘමි සතුන් ගොදුරු කරගනී. කලාතුරකින් ගස් සහ පඳුරු මත දැකිය හැකි වුවත් යුහුසුලුව එහෙ මෙහෙ දුවමින් වරින් වර හාත් පස බැලීම සඳහා කෙලින් සිටගනිමින් භූමිය මත වැඩි වශයෙන් කාලය ගත කරයි. ගොමරිට්ටා හෙවත් කෙත් වැරටිච්චා මාර්තු සිට ජූලි දක්වා මාස වල ප්‍රධාන වශයෙන් අභිජනනය කලත් වසරේ අනෙකුත් මාස වලද කූඩු හමුවිය හැක. තණකොල, ගස් වල මුල් වැනි දේ එකතු කර කෝප්පයක ආකාරයට තනන කූඩුව පොළොවේ තණකොල පඳුරක ආවරණය සහිතව සාදා එහි බිත්තර තුනක් පමණ දමයි.
English Post >>
Monday, March 7, 2022
හීන් තුඹ සේරුවා/කුඩා තුඹ සේරුවා (Dendrocygna javanica)
පහත රට වැව්, කුඹුරු, සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. සාමාන්‍යයෙන් කුරුල්ලන් දහයක් පමණ හෝ ඊට වැඩි රංචු ලෙසින් හමුවන කුඩා තුඹ සේරුවන් වී, කුඩා කෘමීන්, සහ වෙනත් එවැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ. කුඩා තුඹ සේරුවා අර්ධ වශයෙන් නිශාචර පක්ෂියෙකි. දහවල් කාලයේ වැව් වල තිබෙන කුඩා දූපතක හෝ වතුර මත ඇති මැරුණු ගසක අත්තක් මත හෝ විවේකිව සිට නිබදව ඔවුන්ගේ තියුණු සියුරුසන් ශබ්දය නගමින් ගොදුරු බිම් කරා පියඹා යන කුඩා තුඹ සේරු රංචු ගොම්මන් යාමයේ දැක ගත හැක. කුඩා තුඹ සේරුවා දෙසැම්බර් සිට ජනවාරි දක්වා සහ නැවතත් ජූලි සිට අගෝස්තු දක්වා මාස වල ජලයට ආසන්න ගල්කොළන් මත හෝ බොහෝවිට ජලයේ තිබෙන ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදෙයි.
English Post >>
Sunday, March 6, 2022
ගව කොකා (Bubulcus ibis)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ කුඹුරු, වගුරු බිම්, තෘණ භූමි සහ කසළගොඩවල් වල, බොහෝ විට එළ හරක් සහ මී හරකුන් සමග සැරිසරමින් සිටිනු දැකිය හැකි ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. තවද සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී විශාල වශයෙන් ගව කොකුන් මෙරටට පැමිණෙන බව නිරීක්ෂණය වී ඇත. ගවයන් එහෙ මෙහෙ ගමන් කිරීමේදී භුමිය මත සිට පලා යන පලගැටියන් වැනි කෘමි සතුන්, ගෙම්බන්, සහ කුඩා උරගයන් ගොදුරු කර ගැනීමට මේ ආකාරයට ගව කොකා ඔවුන් සමග සැරිසරයි. එසේම ගවයන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන්, මැස්සන් සහ කූඩැල්ලන් වැනි සතුන්ද මේ පක්ෂියා ආහාරයට ගනී. රාත්‍රියට සමූහ වශයෙන් ගස් මත ලැග සිටින ගව කොකුන් දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කොකුන් සමූහ වශයෙන් කැදලි තනන වතුරෙන් යටවූ ගස් මත කූඩු තනා අභිජනනය කරයි.
English Post >>
Saturday, March 5, 2022
Lesser Sri Lanka Flameback/Red-backed Woodpecker/කෑරලා (Dinopium psarodes)
An endemic and very common bird inhabiting forests, cultivations and home gardens of lowlands and hills in all zones except the northern part of the country. It lives as pairs and feeds on ants and such other insects found inside tree barks and occasionally on ground. It breeds from March to June and again from August to September in a nest excavated into the branch or the trunk of a tree.
සිංහලෙන් කියවන්න >>
Friday, March 4, 2022
ආසියා තල් තුරිතයා/පුංචි වේග ලිහිණියා (Cypsiurus balasiensis)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ සුලභ දේශීය පක්ෂියෙකි.විශේෂයෙන්ම තල් සහ තල ගස් අවට මේ පක්ෂියා බොහෝවිට දැකගත හැක. රංචු වශයෙන් විවෘත භූමි වල වේගයෙන් ඉගිලෙමින් ගුවනේදි පියාඹන කුඩා කෘමීන් ගොදුරු කරගනිමින් සැරිසරන තල් තුරිතයා බොහෝවිට වසර පුරාම පාහේ අභිජනනය කරන පක්ෂියෙකු ලෙස සැලකේ. කුඩා කෝප්පයක ආකාර කූඩුව පිහාටු, පුලුන් ආදියෙන් මෙම පක්ෂියාගේ ඛේටයෙන් අලවා තල් අත්තක යට පැත්තේ තනයි. තල් ගස් නොමැති ප්‍රදේශ වල නම් කලාතුරකින් පුවක් ගසක කොල අතු වලද කූඩු නිරීක්ෂණය කර ඇත.
English Post >>
Thursday, March 3, 2022
වගුරු සිලිබිල්ලා/වගුරු සිලිවටුවා (Tringa stagnatilis)
පහත රට ජලජ පරිසර පද්ධති වල, විශේෂයෙන් පහත රට වියලි කලාපයේ වෙරලබඩ කලපු, ගං මෝය, කඩොලාන, ලුණු ලේවායන් සහ ඇතැම්විට රට ඇතුලට වන්නට පිහිටි වගුරු බිම්, විශාල වැව් සහ වතුරෙන් යටවූ කුඹුරු ආදියේද හමුවන සංකරමණික පක්ෂියෙකි වගුරු සිලිබිල්ලා. කකුළුවන්, ඉස්සන්, පණුවන් වැනි කුඩා ජලජ සතුන් ආහාරයට ගන්නා වගුරු සිලිබිල්ලන් තනිව හෝ ලොකු කුඩා රංචු ලෙසින් ගොදුරු සොයන ආකාරය නිරීක්ෂණය කල හැක. වගුරු සිලිබිල්ලා වේගයෙන් පියාසර කරන, එසේම හොඳින් පීනීමටත් හැකි පක්ෂියෙකි.
English Post >>
Wednesday, March 2, 2022
ගෝමර පිළිහුඩුවා (Ceryle rudis)
පහත රට වගුරු බිම්, කලපු, කඩොලාන, සෙමින් ගලා යන ගංගා සහ වැව් ආදී පරිසර පද්ධති වල නිතර හමුවන දේශිය පක්ෂියෙකි ගෝමර පිළිහුඩුවා. වෙරල අසබඩ ප්‍රදේශ වල සාමාන්‍යයෙන් සුලභව හමුවේ. ප්‍රධාන වශයෙන් මාලුන් සහ වෙනත් ජලජ සත්වයන් ගොදුරු කරගන්නා අතර ජල මතුපිටට උඩින් එක තැන පියාඹමින් සිට එකවර ගොදුර මතට පැන එය ඩැහැගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. ජෝඩු වශයෙන් දිවිගෙවන ගෝමර පිළිහුඩුවන් වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ ගං ඉවුරක කණ්ඩිය තුලට හෑරු ගුලක බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Tuesday, March 1, 2022
ඉවුරු වැහිළිහිණියා/කරපටි ඉවුරුළිහිණියා (Riparia riparia)
දුර්ලභ නමුත් නිත්‍ය සංක්‍රමණික පක්ෂියෙකි. වියලි කලාපයේ බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්න විවෘත බිම් වල හමුවේ. ප්‍රධාන වශයෙන් දකුණු වෙරලබඩ කලාපයේ වාර්තා වේ. නිතරම අටු වැහි ලිහිණි රංචු සමග විදුලි කම්බි හෝ දුරකතන කම්බි මත වසා සිටින ආකාරය නිරීක්ෂණ කල හැක. ඉවුරු වැහිලිහිණියා උතුරු ඉන්දියාවේ සහ උතුරු ඇමෙරිකාවේ අභිජනනය කරයි.
English Post >>
Monday, February 28, 2022
කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Vanellus malabaricus)
පහත රට වියලි කලාපයේ බොහෝවිට ඉතාමත් වියලි ප්‍රදේශ වල හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. පුත්තලමේ සිට යාපනය දක්වා වූ වෙරල තීරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුලභව හමුවේ. තවද නැගෙනහිර පලාතේ මෙන්ම උඩවලව සහ අනුරාධපුරද අභිජනනය කරන ගහන වාර්තා වී ඇත. කුඩා රංචු ලෙසින් හෝ ජෝඩු ලෙසින් ශුෂ්ක තෙත් බිම්, පුරන් බිම්, වියලි කුඹුරු වල මෙන්ම ගල් සහිත තණබිම් වලද පලගැටියන්, කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් වැනි භූමිය මත සිටින කුඩා සතුන් ගොදුරු කරගනිමින් දිවි ගෙවන මෙම පක්ෂියා වසරේ මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. කුරුසයක ආකාරයට බිත්තර 4 ක් ගල් සහිත බිමක පස් පිඩලි සහ ගල් අතර මනාව සඟවා තබා බිත්තර රැකීමේ යෙදෙන මෙම පක්ෂියාගේ 'කූඩුව' පහසුවෙන ඇස නොගැටේ. බොහෝවිට ඉතාමත් පහලින් පියාසර කරන පක්ෂියෙකි.
English Post >>
Saturday, February 26, 2022
Green Sandpiper (Tringa ochropus)
Friday, February 25, 2022
Commicarpus chinensis [Syn: Boerhavia chinensis]
Thursday, February 24, 2022
අළු කොබෙයියා (Stigmatopelia chinensis ceylonensis)
ඉතාමත් සුලභ දේශිය පක්ෂියෙකු වන අළු කොබෙයියා දිවයින පුරාම පාහේ ගෙවතු සහ වගා බිම් වලත් වියලි කලාපයේ නම් වනාන්තර තුලත් හමුවේ. එහෙත් කඳුකරයේ එතරම් සුලභ නොවේ. ජෝඩු වශයෙන් ජීවත් වන අළු කොබෙයියන් කුඩා ගසක් හෝ පඳුරක් මත කෝටු කෑලි සහ ගස් වල මුල් ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් පමණ දමා වසර පුරාම පාහේ අභිජනනය කරයි. බොහෝවිට එක් ජෝඩුවක් වසරක කාලය තුල කිහිප වරක්ම බිත්තර දමා පැටවුන් බෝ කරයි. අළු කොබෙයියන් ප්‍රධාන වශයෙන් තණකොල සහ වල් පැලෑටි වල බීජ සහ ධාන්‍ය වර්ග ආදිය භූමිය මතින් අහුලා ගෙන ආහාරයට ගනී.
English Post >>
Wednesday, February 23, 2022
පුංචි බිඟුහරයා/කොළ කුරුමිණිකුරුල්ලා (Merops orientalis ceylonicus)
පහත රට වියලි කලාපයේ විවෘත පෙදෙස්, වගා බිම් සහ වනාන්තර තුල වූ විවෘත ප්‍රදේශ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. එසේම අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි රැහැන් මත වසා සිටින පක්ෂීන්ද බොහෝවිට දැකගත හැක. කලාතුරකින් තෙත් කලාපය තුලද වියලි කලාපයේ සිට තාවකාලිකව සංක්‍රමණය වූ පක්ෂීන් හමුවේ. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් රාත්‍රී කාලයේදී රංචු ලෙසින් වදුල සහිත ගසක ලැග සිටින ආකාරය නිරීක්ෂණය කර ඇත. අනෙකුත් බිඟුහරයන් මෙන්ම පුංචි බිඟුහරයාගේද ප්‍රධාන අහාරය කුරුමිණියන්, මීමැස්සන්, සමනලයන් සහ බත්කූරන් වැනි විවිධ ඉගිලෙන කෘමි සතුන්ගෙන් සමන්විත වේ. වයරයක් මත සිට හෝ ගසක අත්තක් මත සිට එක්වර ඉගිලී ගොස් එවැනි සතුන් අල්ලාගෙනෙ බොහෝවිට එම ස්ථානයටම රැගෙන විත් ගිලදමන ආකාරය නිරීක්ෂණය කල හැක. පුංචි බිඟුහරයා අප්‍රියෙල් සිට අගෝස්තු අතර කාලයේ පස් කණ්ඩියක් තුලට හෑරු ගුලක බිත්තර තුනත් පහත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, February 22, 2022
Common Ringed Plover (Charadrius hiaticula tundrae)
Very rare but regular winter migrant to tidal mudflats, shores, lagoons and salt-pans of the dry zone coastal areas. During its stay in the island Common Ringed Plover lives as solitary birds or as scattered flocks with other small waders. It breeds in Northern Eurasia and Northeastern part of the North America.
Monday, February 21, 2022
බළල් සේරා/සැවුල් දියසෑනා (Hydrophasianus chirurgus)
Sunday, February 20, 2022
වී කුරුල්ලා/ළය කායුරු වීකුරුල්ලා/පුල්ලි වීකුරුල්ලා (Lonchura puntulata)
දිවයින පුරාම පාහේ තෘණ භූමි, ගෙවතු සහ කුඹුරු ආදියේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. කුරුල්ලන් දහයක පමණ වූ රංචු වශයෙන් ජීවත් වන මෙම වී කුරුල්ලා වී සහ තෘණ බීජ ආහාරයට ගනී. වසර පුරාම පාහේ අභිජනනය කරන මුත් බොහෝවිට ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ බිත්තර සහ පැටවුන් සහිත කූඩු වැඩියෙන් හමුවේ. තණකොල පත්‍ර එකතු කර ගෝලාකාරව තනා ගන්නා කූඩුව ගසක් හෝ පඳුරක් මත තනයි. කටු සහිත දෙහි කුලයේ ශාක හෝ ඇතැම්විට පුවක් ගස් වල මල් කූඩු සැදීම සඳහා වැඩියෙන් යොදාගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.
English Post >>
Friday, February 18, 2022
පුංචි ගෙඹිතුරුවා/ගෙඹි සේරා (Tachybaptus ruficollis)
තරමක් සුලභ දෙශීය පක්ෂියෙකු වන පුංචි ගෙඹිතුරුවා පහත රට වැව්, වගුරු බිම් වැනි ජලජ පරිසර වල වියලි කලාපයේ වඩාත් සුලභ ලෙසත්, තෙත් කලාපයේ තරමක් දුර්ලභවත් හමුවේ. එසේම කඳුකරයේද දුර්ලභව නමුත් අභිජනනය කරන පක්ෂීන් වාර්තා වී ඇත. ඇතැම්විට තනි පක්ෂීන් දැක ගත හැකි වුවත් පුංචි ගෙඹිතුරුවා කුඩා රංචු ලෙසින් ජීවත් වේ. කුඩා මාලුන්, විවිධ ජලජ කෘමීන්, සහ ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා පුංචි ගෙඹුතුරුවා වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වාත්, බොහෝවිට නැවත ජුනි මාසයේත් ජලජ ශාක එකතු කර ජලය මත පාවෙන කූඩුවක් තනා එහි බිත්තර තුනක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, February 17, 2022
Great Cormorant/මහ දියකාවා[Maha Diyakawa] (Phalacrocorax carbo)
Wednesday, February 16, 2022
බොර සබරිත්තා/දුඹුරු ඇස්පටියා (lanius cristatus)
මෙරටට පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි බොර සබරිත්තා හෙවත් දුඹුරු ඇස්පටියා. බොර සබරිත්තන් උප වීශේෂ දෙකක් මෙරට තුලදි වාර්තා කර ඇති අතර ඒ අතරින් මධ්‍යම ආසියාවේ අභිජනනයේ යෙදෙන cristatus උප විශේෂය බහුලව දැකගත හැකි අතර නැගෙනහිර ආසියාවේ අභිජනනය කරන lucionensis උප විශේෂයද ඇතැම් අවස්ථා වලදී මෙරට තුලදී නිරීක්ෂණය කර ඇත. දිවයින පුරාම පාහේ ගස් කොලන් සහිත විවෘත ස්ථාන වල හමුවන දුඹුරු සබරිත්තන් තණකොලපෙත්තන්, කුරුමිණියන් වැනි කෘමි සතුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනී.
English Post >>
Tuesday, February 15, 2022
සර්ප රාජාලියා (Spilornis cheela spilogaster)
සුලභ දේශීය පක්ෂියෙකු වන සර්ප රාජාලියා දිවයින පුරාම පාහේ වනාන්තර සහ වෙනත් එවැනි ගස් කොළන් සහිත ප්‍රදේශ වල හමුවේ. එවන් ප්‍රදේශ වල ඉර එලිය හොඳින් පවතින දිනවල අහසේ කැරකෙමින් එහෙමෙහෙ යමින්, නිතර ඔවුන්ගේ ඝෝෂාකාරී අධික නාදය නිකුත්කරමින් ඉතා ඉහලට ඉහල නගින සර්ප රාජාලියන් බොහෝ විට ජෝඩු වශයෙන් දැක ගත හැක. නමින්ම කියැවෙන පරිදි සර්ප රාජාලියන් ප්‍රධාන වශයෙන් සර්පයන් ගොදුරු කරගනී. එමෙන්ම ගෙම්බන්, මීයන් සහ බොහෝවිට තුවාල වූ සහ අසනීප සහිත කුරුල්ලන්ද සර්ප රාජාලියන් ආහාරයට ගනී. පෙබරවාරි සිට මැයි දක්වා මාස වල වනාන්තරයේ වූ ගසක කුඩා සහ විශාල කෝටු කෑලි විශාල ප්‍රමාණයක් එකතු කරගනිමින් සාදන කූඩුවක බිත්තර එකක් හෝ ඇතැම්විට කලාතුරකින් දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Monday, February 14, 2022
දෙමළිච්චා (Turdoides affinis taprobanus)
ගෙවතු, වගා බිම් සහ මිනිස් වාසයන්ට ආසන්න වනගත ප්‍රදේශ වලද ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. නමුත් ඝන වනාන්තර සහ කඳුකරයේ දුර්ලභය. බොහෝවිට හතට වඩා වැඩි කුරුල්ලන්ගේ රංචු වශයෙන් හමුවේ. එම හේතුව නිසාම ඉංග්‍රීසි භාෂාවෙන් Seven Sisters ලෙස හඳුන්වයි. කෘමින් මෙන්ම ශාකමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා දෙමලිච්චා එවන් බොහෝ ආහාර පොළොව මතු පිටින් ලබාගනී. මාර්තු සිට මැයි දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. ගැඹුරු කෝප්පයක හැඩයෙන් යුත් කූඩුව පඳුරක මනාව සැඟවෙන පරිදි තනා එහි බිත්තර තුනේ සිට පහ අතර ප්‍රමාණයක් දමයි.
English Post >>
Sunday, February 13, 2022
බැම සුදු හම්බු කුරුල්ලා/සරල ප්‍රීනියා (Prinia inornata insularis)
පහත රට තැනිතලා බිම් වල සිට මධ්‍යම කඳුකරයේ පහල කඳු පන්තීන් දක්වා ලඳු කැලෑ, කුඹුරු සහ වගුරු බිම් ආශ්‍රීතව, එම හමුවන ස්ථාන වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. සාපේක්ෂව වියලි කලාපයේ වඩාත් සුලභය. බැම සුදු හම්බු කුරුල්ලන් තනිව හෝ ජෝඩු වශයෙන් දවසේ වැඩි කාලයක් තණකොල පඳුරු අතර එහෙ මෙහෙ පනිමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමීන් ගොදුරු කරගන්නා ආකාරය දැක ගත හැක. බොහෝ විට වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර ගැඹුරු කෝප්පයක ආකාර කූඩුව, පරඩැල් වලින් තණකොළ පඳුරක් හෝ මිටි පඳුරක් මත පොළව මතුපිට හෝ බොහෝවිට වගුරු බිමක නම් ජලය මතු පිට සිට අඩියක් හෝ අඩි තුනක් පමණ උඩින් තනන අතර, එහි බිත්තර තුනෙ සිට පහ දක්වා අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Saturday, February 12, 2022
හම්බු කුරුල්ලා/ඉරි පවන්සැරියා (Cisticola juncidis)
මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශ වල සිට ඉහල කඳුකරයේ මහඑලිය (හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය) දක්වාම දිවයින පුරාම උස තෘණ වර්ග සහිත තණ බිම්, වගුරු බිම්, වැව් අද්දර මෙන්ම කුඹුරු වලද දැකිය හැකි සුලභ පක්ෂියෙකි. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන අතර ප්‍රධාන වශයෙන් තණකොළපෙත්තන් වැනි කෘමි සතුන් ආහාරයට ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා සහ නැවතත් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ තණ පඳුරක මධ්‍යයට වන්නට මනාව සැගවෙන ආකාරයෙන් කූඩුවක් සාදා එහි බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනයේ යෙදේ. කූඩුව ඉහලින් වෘත්තාකාර කුඩා විවරයක් සහිතව සිලින්ඩරාකාර ගොටුවක ආකාරයෙන් සාදයි.
English Post >>Friday, February 11, 2022
පුංචි මාල ඔලෙවියා (Charadrius dubius jerdoni)
English Post >>
Thursday, February 10, 2022
උකුසු කෝකිලයා/උකුසු කොහා (Hierococcyx varius)
උප වීශේෂ දෙකක් ලෙසින් මෙරට හමුවන දුර්ලභ පක්ෂියෙකි උකුසු කෝකිලයා. ciceliae උප වීශේෂය මෙරට තුල අභිජනනය කරන දේශීය පක්ෂියෙකු වන අතර පහල කඳුකරයේ සිට කඳුකරයේ ඉහල ප්‍රදේශය දක්වා දුර්ලභව දැක ගත හැක. මෙරටට සංක්‍රමණය වන පක්ෂියෙකු වන varius උප වීශේෂය පහත රට ප්‍රදේශ වල දුලභ පක්ෂියෙකි. වනාන්තර තුල මෙන්ම හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ තේ වතු වලද මෙම පක්ෂියා හමුවේ. ගස් වල උඩු වියන් ස්ථරයේ සිටින කෘමින් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා උකුසු කෝකිලයා ඇතැම් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බව පැවසේ. බොහෝ විට තනි පක්ෂීන් ලෙසින් හමුවන මුත් ජෝඩු ලෙසින්ද ඇතැම් විට දැකගත හැක. ජනවාරි සිට අප්‍රියෙල් දක්වා කාලයේ අභිජනනය කරන උකුසු කෝකිලයා එම කාලයේ දිවා කල මෙන්ම රාත්‍රියේද නාද කරන මුත් වෙනත් මාස වලදී නිශ්ශබ්ද පක්ෂියෙකි. කෝකිල කුලයට අයත් වෙනත් පක්ෂීන් මෙන්ම උකුසු කෝකිලයාද වෙනත් පක්ෂි විශේෂ තනන කූඩු වල බිත්තර දමන අතර දෙමලිච්චන් වර්ග වල කූඩු ඒ සඳහා උපයෝගි කර ගනී. උකුසු කෝකිල වැඩිහිටි සහ කුඩා පක්ෂීන්ගේ වර්ණ බොහෝ දුරට කුරුළුගෝයාගේ වර්ණ වලට ආසන්න ලෙසින් සමාන වන අතර ප්‍රමාණයෙන්, පියාඹන ආකාරයෙන් සහ ඉරියව් වලින්ද සමීප සමාන කම් දැකිය හැක.
English Post >>
Sunday, January 30, 2022
ගම් කපුටා/කලු කපුටා (Corvus levaillantii)
දිවයින පුරාම පාහේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකු වන ගම් කපුටා නාගරික ප්‍රදේශ වල තරමක් දුර්ලභව දැකිය හැක. එම ප්‍රදේශ වල බහුලව හමුවන්නේ කොළඹ කපුටා ලෙසින් හැඳින්වෙන කපුටු විශේෂයයි. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් හමුවන ගම් කපුටන් කොළඹ කපුටන් මෙන් ආහාර උදෙසා එතරම් මිනිසා මත යැපීමක් සිදු නොකරන බැවින් ඇතැම්විට මිනිස් වාසයෙන් ඈතට වන්නට පිහිටි වනාන්තර තුලද හමුවේ. සර්වභක්ෂිකයෙකු වන ගම් කපුටා මළකුණු මත මෙන්ම මිනිස් අපද්‍රව්‍යද මතද යැපෙන ආකාරය නිරීක්ෂණය කල හැක. ගම් කපුටා අප්‍රියෙල් සිට සැප්තැම්බර් අතර කලයේ උස ගසක් මත කෝටු කැබැලි ගොඩක් එකතු කර සාදන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Sunday, January 23, 2022
White Wagtail/සුදු හැලපෙන්දා (Motacilla alba dukhunensis)
White Wagtail is a rare but regular winter migrants to the lowlands. It can be seen on ground of open areas and cultivated lands, often close to water sources. Usually as solitary birds or may be as a scattered flock of few birds, sometimes also associated with other wagtails. It feeds entirely on small insects. As it is with other wagtails White Wagtail also roosts communally in large flocks in a reed bed or similar habitat.
Sub Species - Motacilla alba leucopsis >>
සිංහලෙන් කියවන්න >>
Wednesday, January 12, 2022
කරපිංචා/Curry Leaf (Bergera koenigii [Syn: Murraya koenigii])
Monday, January 10, 2022
Sri Lanka Golden-backed Frog/රන්වන් දිය මැඩියා (Indosylvirana serendipi)
An endemic frog inhabiting stream banks, coastal marshy areas, lowland rain forests and plantations of the wet zone from sea level to about 1000 m elevations. Often found on rocks, low vegetation and leaf litter close to water sources. Diurnal activities can be observed in rain forest areas though mostly active during the night.
Friday, January 7, 2022
Jerdon's Bull Frog (Hoplobatrachus crassus)
Friday, December 31, 2021
අං කටුස්සා (Ceratophora stoddartti)
මධ්‍යම කඳුකරයේ මුහුදු මටටමේ සිට මීටර් 1500 ත් 2200 ත් අතර උසින් යුත් කලාපයේ නුවරඑලිය, මහඑලිය (හොර්ටන් තැන්න), ශ්‍රිපාද අඩවිය වැනි ප්‍රදේශ වල ස්වභාවික වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල හමුවන මෙරටට ආවේනික කටුස්සෙකි. එසේම භූගෝලීය වශයෙන් හුදකලා වූ ගහණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල කන්ද ආශ්‍රීතවද ඉතාමත් කුඩා ප්‍රදේශයකට සීමා වී හමුවේ. බොහෝවිට ගස් කඳන් මත දිවිගෙවන මුත් භෞමිකවද සැරිසරන අං කටුස්සන් දැක ගත හැක. කෘමින් සහ දලඹුවන් ආහාරයට ගන්නා අං කටුස්සන් භූමියේ සැරිසරන විට ගැඩවිලුන්ද ගොදුරු කර ගනී. ගස් කඳන් මත සිට පොළොව මතට ගමන් කරන අවස්ථාවේදී සිය ශරීර වර්ණය හරිත පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා ක්ෂණිකව වෙනස් කර ගැනීමේ හැකියාව අං කටුස්සාට තිබේ.
English Post >>
Thursday, December 30, 2021
පුංචි ලේනා (Funambulus obscurus)
Wednesday, December 29, 2021
Frankenberg's Shrub Frog (Pseudophilautus frankenbergi)
Tuesday, December 28, 2021
Monday, December 27, 2021
Pilea wightii
An indigenous herb common in forests and shady places of montane wet zone from 1500 to 2300 m elevations. Flowering and fruiting from October to April.
Male flower size - 4 mm across
Female flower size - 1.5 mm across
Sunday, December 26, 2021
Indian Awl King (Choaspes benjaminii)
Indian Awl King is a rather uncommon butterfly restricted to the hill country forests above 1500 m a.s.l. But there are few records of observing it at some slightly lower elevations as well. Its larval food plants are Meliosma simplicifolia (ඇල්බැද්ද) and Meliosma arnottiana (නික දවුල). Male Indian Awl Kings are usually settle on wet roads, stream beds and strongly attracted by bird droppings. As per W. Ormiston who wrote about this butterfly in 1924 it was a fairly common butterfly of the hills and was formerly very plentiful on the cart road below the Haputale jungle, but he noted that since the Forest Department has cleared out the original vegetation and planted Eucalyptus in its places this and other butterflies have, of course disappeared. But he mentioned that it was still common between Haputale and Ohiya. He had collected it from Maskeliya, the hills above Ratnapura, Kandy as well as Haldummula which is rather low as 3500 ft.
Saturday, December 25, 2021
Cheirostylis flabellata
An indigenous terrestrial tiny herb occurs under shade of trees along pathways and hill cuttings in the montane forests from 900 to 2100 m elevations. Rare.
Flower size - 5-6 mm across
Monday, December 13, 2021
Sunday, December 12, 2021
ගිනි හොට [Gini hota]/Tree fern (Alsophila walkerae [Syn: Cyathea walkerae])
An endemic tree fern of stream sides in primary and secondary lowland to montane forests and scrublands from 60 to 1525 m or more elevations.
Saturday, December 11, 2021
Biophytum nudum
An indigenous erect herb or undershrub. Locally rather common in open places of the montane region from 1300 to 2000 m elevations. Flowering from March to September.
Friday, December 10, 2021
Sarcococca zeylanica
An endemic shrub or small tree occurs along stream sides, clearings and roadsides in secondary forests from 700 to 1850 m elevations.
Tuesday, December 7, 2021
දෙපත් නයා[Depath naya]/වටඋල්ලා[Wataulla]/Sri Lankan Pipe Snake (Cylindrophis maculatus)
An endemic, Non venomous, sub fossorial snake common from lowland plains to about 1200 m elevations in the hills. It is a nocturnal snake and rests under stones, under or within decayed logs or leaf litter during the day time. It feeds on other small non-venomous snakes, earthworms and insects. When disturbed it flattens its posterior half of the body and curled posterior quarter of the body with tail erecting forwards (See picture) usually hiding its head under its coils. Sometimes even jerk the raised parts mimicking the hood of the cobra. Sri Lankan Pipe Snake is a Ovoviviparous snake and produces 2 to 15 young at a time.
Sunday, December 5, 2021
Rostellularia mollissima [Syns: Rostellularia latispica, Justicia procumbens subsp. latispica]
Common native annual herb grows among grass on the slopes of patana lands of the montane areas, generally above 2000 m a.s.l. Flowering throughout the year.
Wednesday, November 3, 2021
දවට (Carallia brachiata)
An indigenous tree common in moist low country. Often planted. Flowering from February to October or probably all year round.
Flower size - 4 mm across
Sunday, October 31, 2021
පලා කොකා/කඩොල් කොකා (Butorides striata)
Thursday, October 28, 2021
කවුඩා (Dicrurus caerulescens)
පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කවුඩා. ගස් කොළන් බහුල ප්‍රදේශ වල, තේ සහ රබර් වතු වල මෙන්ම ගෙවතු වලත් වාසය කරන කවුඩන් ඝන වනාන්තර ඇතුලත හමු නොවේ. තනිව හෝ ජෝඩු වශයෙන් ජීවත් වන කවුඩන් විදුලි සහ දුරකතන රැහැන් හෝ වැටවල් මත හෝ සිට ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගනිමින් බොහෝවිට නැවතත් එම ස්ථානයටම එන ආකාරය නිරීක්ෂණය කල හැක. කුරුළුගොයන් සහ පොල්කිච්චන් වැනි වෙනත් පක්ෂීන්ගේ මෙන්ම විශේෂයෙන් පූසන්ගේ හඩ අනුකරණය කරන පුරුද්දක් කවුඩන්ට ඇත. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ ගසක තිරස් අතට වූ කරුවක් මත කුඩා නොගැඹුරු කූඩුවක් සාදා බිත්තර 2 ක් හෝ 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Wednesday, October 27, 2021
කිරළා/යටිමල් කිරළා (Vanellus indicus)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වල වැව් අසල, කුඹුරු වල සහ බොහෝවිට ජලය සහිත ස්ථානයකට එතරම් නුදුරු වෙනත් විවෘත භූමි වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකු වන කිරළා හෙවත් රත් යටිමල් කිරළා වියලි කලාපයේදී වඩාත් සුලභව දැක ගත හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් එහෙ මෙහෙ ඇවිදිමින් පොළව මත හමුවන පලගැටියන්, කුරුමිණියන්, වේයන්, කුහුඹින් වැනි කෘමීන් අල්ලන් කන කිරළන් එවන් ස්ථාන වල නිබදව දැක ගත හැක. කිරළන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ භූමියේ ගල් සහ වෙනත් එවන් සුන්බුන් අතර පොළව සූරා තනාගත් නොගැඹුරු වලක බිත්තර හතරක් පමණ දමා අභිජනනයේ යෙදේ. එවන් ස්ථාන වලට කිසිවෙකු හෝ ලගාවන විට ශබ්ද නගමින් ඔහු වටා ඉගිලෙමින් අනතුර පහව යන තෙක් හැසීරීම කිරළුන්ගේ විශේෂ ලක්ෂණයකි.
Sunday, October 24, 2021
කිතලා (Porphyrio porphyrio)
පහත රට වියලි සහ තෙත් කලාපයේ වැව්, මඩ වගුරු සහ පන් ගාල් ආශ්‍රීතව වෙසෙන සුලභ දේශීය පක්ෂියෙකි කිතලා. බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු ලෙසින් දිය මත පාවෙන ශාක මත ඇවිදින හෝ පන් ගාල් අස්සෙන් ගමන් කරන කිතලුන් එවන් පරිසර වල නිරීක්ෂණය කල හැක. කෙසේ නමුත් ඊට වඩා විශාල රංචු ලෙසද ඇතැම් අවස්ථා වලදී හමුවේ. කිතලුන්ට දිය මත හොඳින් පීනා යෑමේ හැකියාව ඇති මුත් ඔවුන් එසේ කිරීමට සිදුවන අවස්ථාවකදී විනා නිතර පිහිනීම සිදු නොකරයි. මොවුන්ට වේගයෙන් ඇතැම්විට තරමක විශාල දුරක් වුවද ඉගිලී යෑමේ හැකියාව ඇත. ප්‍රධාන වශයෙන් ශාක කොටස් සහ කෘමීන් අහාරයට ගන්නා අතර වසරේ මුල් කාලයේ, බහුලවම මාර්තු සිට මැයි දක්වා කාලයේ පන් ගාල් අතර කොළ රොඩු ගොඩක් මත කූඩුවක් සාදා අභිජනනයේ යෙදේ. විශාල ශබ්ද නගමින්, කලහකාරී ලෙස හැසිරෙන කිතලුන් එකිනෙකා හඹා යන ආකාරය විශේෂයෙන් එම කාලයේදී දැකිය හැක.
English Post >>
Friday, October 22, 2021
ඔටුමානා/තිත් හොට පැස්තුඩුවා (Pelecanus philippensis)
පහත රට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු වල සුලභ පක්ෂියෙකි ඔටුමානා හෙවත් තිත් හොට පැස්තුඩුවා. තවද දෙහිවල සත්ව උද්‍යානයෙන් මුදාහල පක්ෂීන්ගෙන් ඇරඹුන තෙත් කලාපය තුලද අභිජනනය කරන සමූහයන් කිහිපයක්ම කොළඹ අවට තෙත් බිම් වාසස්ථාන කරගනිමින් වෙසේ. පක්ෂීන් දෙතුන් දෙනාගෙන් සැදුන රංචු වල සිට ඇතැම් විට සියය ඉක්මවන සාමාජිකයන් සහිත රංචු දක්වා ඔටුමානාවන් රංචු ලෙසින් දිවිගෙවයි. ඔවුන් බොහෝවිට රංචු ලෙසින්ම ජලයේ මසුන් අල්ලමින් වැඩි කාලයක් ගත කරයි. මාර්තු සිට මැයි දක්වා කාලයේ ජලයෙන් යට වූ හෝ වගුරක පිහිටි ගස් මත කෝටු කැබැලි සහ පරඬැල් භාවිතා කරමින් සාදන විශාල කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදෙයි . බොහෝවිට එක් ගසක පක්ෂීන් කිහිප දෙනෙකුගේම කූඩු දැක ගත හැකි අතර, වෙනත් කොකුන්, දියකාවන් වැනි පක්ෂීන්ගේ කූඩුද එම ගස් වල මෙන්ම අවට අනෙකුත් ගස් වලද එම කාලයේදි සුලභව දැක ගත හැක (මෙලෙස විවිධ පක්ෂීන් එක්ව එකම පෙදෙසක කූඩු තැනීමෙන් බිත්තර සහ කුඩා පැටවුන් ආහාර කර ගන්න විලෝපිකයන්ට එම සියළු පක්ෂීන්ගේ අවධානයෙන් මිදී සිය ගොදුරු කරා ලගා වීමට අපහසු වේ.) ඔටුමානාට වේගයෙන් මෙන්ම ඉතාමත්ම ඉහල ආකාශයේ පියාසර කිරීමේ හැකියාව ඇත. බොහෝවිට රංචු ලෙස පියාසර කිරීමේදී ඉංග්‍රීසි V අකුරේ හැඩයට පියාසර කරන ඔටුමානා රංචු නිරීක්ෂණය කල හැක. ඔටුමානා ගෝලීය වශයෙන් තර්ජිත කාණ්ඩයට අයත් පක්ෂියෙකු වුවත් මෙරට තුල සුලභව හමුවීම විශේෂත්වයකි.
English Post >>



